හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් තමා බිය නැතිව පවසන බවත් ඒමෙන් ම තමා මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී බවත් පිවිතුරු හෙළ උර්මය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්: 07) නියම කළේ ය.
අසහාය ප්රාඥායකු සහ ජාතික වීරයකු වන කුමාරතුංග මුනිදාසයන් ගේ 139වන උපත් සමරුව සහ අ.පො.ස. (සා. පෙ.) විභාගයෙන් 'සිංහල හා සාහිත්‍යය' විෂයයට මුළු දිවයිනෙන් ම වැඩි ම ලකුණු ලබාගන්නා සිසුවාට/සිසුවියට පිරිනැමෙන 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්රදානය 2026 ජුලි 25 පස්වරු 03.15 සිට කොළඹ 7, හොර්ටන් පෙදෙසෙහි, අංක 24, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේ (ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ) දී,
පසුගිය 25වන දා: කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ දී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් ගේ මූලාසනයෙන් පැවැති මේ උලෙළේ දී 2024 වසරට අදාළ ව 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්රදානය අතිඋත්කර්ෂවත් ලෙස සිදු කළේ ය.
තමා මෙලොවට ජනිත කළ මව, පියා සොයා ගැනීමට මහජනතාව ගෙන් උදව් ඉල්ලා දැන්වීමක් ප්‍රදර්ශනය කරන තැනට සමාජයක් පත්වේ නම්, එතන විශාල සමාජ ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලිය.
කයිවාරු වලින්, පුරාජේරු කතා වලින් හා උද්දච්චකම්වලින් හිස උදුම්මවාගෙන ඇමරිකානු හඬට හා අයි එම් එෆ් තාලවලට පාද තිය තියා නටමින් සිටි “හුණ්ඩු ආණ්ඩුව” අද මැද පෙරදිග හදිසි ලෝක තත්ත්වයන් මත නිර්මාණය වූ ඉන්ධන අර්බුදවලට මුහුණ දී ගත නොහැකිව ඉන්ධන ඉල්ලමින් රුසියාව පසුපස යන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ පවසයි.
ලයනල් වික්‍රම ආරච්චි ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ''ඒකි සඳ එළියට හිනාවුණා'' සහ කුමුදුනී මෙන්ඩිස් ගේ ''කුරුලු සුන්දර මතක ඇහිඳිමි'' කුලුඳුල් කාව්‍ය සංග්‍රහය නමැති කෘති ද්විත්වය ජූලි 12වන දා උදෑසන 09.30ට කුරුණෑගල පලාත්සභා ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.
මේ වනවිට විවිධ අපරාධ ක්‍රියා සදහා අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියා කාරී කෙසෙල්බද්දර පද්මෙ, අධිගම චූටි, නිලංග සම්පත්, ජේසුදාසන් ගුණදාස, කුඩු රොෂාන්, නුවන් තාරක ඇතුළු සැකකරුවන් එකොළොස් දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන මහතා අද පස්වරු දෙකට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සතුව තිබූ දුරකථන 30ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබු කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (3) නියෝග කළේය.
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ අද [25] අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම අද (18) නියෝග කළේ ය.
මාලිමාව බලයට එද්දි ලස්සන ඇඩ් එකක් ටීවීවල පෙන්නුවා. පන්සලේ තමන් ඇඳපු චිත්‍ර ටික බලන්න බැරි වුනු සිත්තරාගෙ කතාව. බාල බෙහෙත් හින්ද ඇස් අන්ධ වුනා කිව්වා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහට එරෙහිව ගොනු කරනු ලැබ ඇති නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධියට අදාළව පැමිණිලි ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළා.
මෙරට සිනමා ක්ෂේත්රයට සුවිශාල මෙහෙයක් ඉටුකළ කේ.වෙන්කට් 1983 කළු ජූලියේ දී පණ පිටින් පුළුස්සා ඝාතනය කර වසර 43ක් සම්පූර්ණ වේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් 2016 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී කොකේන් ග්‍රෑම් 495ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.
අගාධයට වැටුණු මොහොතේ ගොඩ දැමූ රනිල් වික්‍රමසිංහ පසුපස මේ තරම් පන්නන්නේ කොට තුඹස මෙන් ම කොට මිනිසා විශ්වාස කළ නොහැකි යැයි ආණ්ඩුවේ ම ඇමතිවරයකු කළ ප්‍රකාශය සැබෑවක් නිසා විය හැකි බවත්, එය ඉතා පහත් හඹා යෑමක් යැයි ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හරින් ප්‍රනාන්දු පැවසී ය.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (8) සිහි කැඳවිම් ලිපියක් නිකුත් කරන බව අධිකරණයට දන්වා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

