ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් නැවත බන්ධනාගාර ගත කර සිටි සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ අද (30) ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටත්ව ගොස් තිබේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තා ගේ බිරිඳ ගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ඇප නියම කරන ලදී.
රඛිත රාජපක්ෂ සහ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් දෙදෙනා ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කර තිබුණ ද සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් විය.
එක් සැකකරුවෙකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළේ ය.
එක් සැකකරුවකුට ලක්‍ෂය බැගින් වු මුදල් ඇපයක් ද නියම කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
