පසුගිය (28) දින සිට මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි වූ විදේශිකයින්හට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දීර්ඝ කිරීම් ලබා දීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපය වෙත පසුගිය (28) දින සිට ගුවන් ගමන් අවලංගු කිරීම නිසා මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින්හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට පෙර රටින් බැහැර වීමට නොහැකි විය.
එම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එවැනි මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව රැඳී සිටීම සඳහා පහසුකම් සැලසිය යුතුය.

