Image

ඉදිරි පැය 24 සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

ඉදිරි පැය 24 සඳහා  නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

අදියර දෙක යටතේ දිස්ත්‍රික්ක 07 ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල , මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර සහ කළුතරයි.

මෙම නිවේදනය අද (21) පස්වරු 4.00 සිට හෙට (22) පස්වරු 4.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව,
ගාල්ල දිස්ත්‍රික්කය - නෙලුව
කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය - පස්බාගේ කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - ⁠දෙහිඕවිට, ⁠අරණායක, ⁠දැරණියගල, ⁠මාවනැල්ල, ⁠යටියන්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය - ⁠අඹගමුව, ⁠නෝර්වුඩ්, කොත්මලේ බටහිර, ⁠කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්‍රික්කය - රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)

කොළඹ දිස්ත්‍රික්කය - පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය - තවලම, නාගොඩ
කළුතර දිස්ත්‍රික්කය - අගලවත්ත, ⁠පාලින්දනුවර, ⁠බුලත්සිංහල, ⁠ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කය -උඩපලාත, ගඟ ඉහල කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - ⁠බුලත්කොහුපිටිය, කෑගල්ල, ⁠වරකාපොළ, ගලිගමුව, රුවන්වැල්ල
මාතර දිස්ත්‍රික්කය - අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය දිස්ත්‍රික්කය - ⁠තලවකැලේ
රත්නපුර දිස්ත්‍රික්කය - ⁠පැල්මඩුල්ල, ⁠අයගම, ⁠කුරුවිට, ⁠නිවිතිගල, ⁠කලවාන, ⁠ඇලපාත යන ප්‍රදේශ සඳහා ද නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

කොළඹ දිස්ත්‍රික්කය- සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය - නියාගම, බද්දේගම
කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන
ගම්පහ දිස්ත්‍රික්කය - මීරිගම, ⁠අත්තනගල්ල
මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල දිස්ත්‍රික්කය - ⁠අලව්ව, ⁠මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර දිස්ත්‍රික්කය - පස්ගොඩ
රත්නපුර දිස්ත්‍රික්කය- ⁠ඇහැලියගොඩ, කහවත්ත, ⁠කොළොන්න, ඉඹුල්පේ යන ප්‍රදේශ සඳහා ද නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න