අපගේ අත්දැකීම්, මතක සහ නිරීක්ෂණ වචන බවට පත් කළ විට කුමක් සිදුවේ ද?
මැරිගෝල්ඩ් ගැලරිය විසින් සංවිධානය කරනු ලබන, අනුපමා ගල්කඩවල මෙහෙයවන නිර්මාණාත්මක ලේඛන වැඩමුළුව සඳහා ඔබට ආරාධනා කරමු.
මෙම වැඩමුළුව 2026 සැප්තැම්බර් 27 (ඉරිදා) ප.ව. 2.00 – 5.00 දක්වා121/7/1, සිසිලස උයන, වේරගොල්ල, පුවක්පිටිය නමැති ස්ථානයෙහි පිහිටි මැරිගෝල්ඩ් ගැලරියෙහි දී පවත්වයි.
අනුපමා ගල්කඩවල විසින් මෙහෙයවනු ලබන මෙම වැඩමුළුව සිංහල මාධ්‍යයෙන් පවත්වන අතර සඳහා අයකිරීමක් නොකෙරේ.
පැය තුනක මෙම නිර්මාණාත්මක අවකාශය තුළින් නිර්මා ණාත්මක ලේඛනය, ආඛ්‍යාන රටාව සහ නිර්මාණාත්මක දිනපොත් ලිවීම පිළිබඳව ගවේෂණය කරමින්, වචන හරහා ඔබගේ ම ලේඛන හඬ සොයා ගැනීමට අවස්ථාවක් ලබා දේ.
ඔබ ලිවීමට හෝ කතන්දර කීමට උනන්දුවක් දක්වන අයෙක් ද පෞද්ගලික දිනපොතක් ලිවීමට කැමති අයෙක් ද නැතහොත් වචන හරහා ඔබගේ ම අදහස් සහ හඬ ගවේෂණය කිරීමට කැමති ද, එසේ නම් මෙම වැඩමුළුව ඔබට ලිවීමට, මතක ආවර්ජනය කිරීමට සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට අවකාශයක් සපයයි.
කුතුහලය සමග ඔබේ කතා රැගෙන එන්න; වචනවලට තමන් ගේ ම මඟක් සොයා ගැනීමට ඉඩ දෙමු.
වැඩි විස්තර සඳහා : 077 251 2364

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
