Image

අනගාරික ධර්මපාලතුමා ගේ 162වන ජන්ම දිනය සමරයි

අනගාරික ධර්මපාලතුමා ගේ 162වන ජන්ම දිනය සමරයි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් ගේ 162 ජන්ම ගුණසමරුව (17) මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

ඊට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන සහ සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කළහ.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන් ගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ BodhiGaya Vijjalaya 980 Institute හි නිර්මාතෘ සහ මහලේකම්, Dharma Alliance හි උපදේශක ආචාර්ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong) මහතා,ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්නි මහතා, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් ගේ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

මහාබෝධි සංගමයේ උපසභාපතිි පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ මෙහි දී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටු වූහ.

මෙහි දී අදහස් දැක් වූ බානගල උපතිස්ස නා හිමියන් කියා සිටියේ, ඉන්දියාවේ ගුවන් තොටුපළ ප්‍රවේශ දොරටු අසල විවේකානන්ද ස්වාමිතුමන් ගේ පිළිරුවක් තැන්පත් කර ඇති ආකාරයෙන් කටුනායක ගුවන්තොටුපළේ ද අනගාරික ධර්මපාලතුමන් ගේ ප්‍රතිමාවක් තැන්පත් කර බුදු දහමට සහ ලාංකේය ජාතියට මහා මෙහෙවරක් කළ එම යුග පුරුෂයාට ගෞරව දක්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි.

මීට පෙර පැවති රජයන්ට ද මෙම ඉල්ලීම් ඉදිරිපත් කර නමුත් මේ දක්වා එය ඉටු වී නොමැති බව උන් වහන්සේ සිහිපත් කළහ.

ආචාර්ය සුපාචල් වීරාපුචොංග් මහතා කියා සිටියේ මෙරට ළමා අධ්‍යාපනය දියුණු කිරීමට සහායවීමට තමන් සූදානම් බව ය.

මීට සමගාමීව එම විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සීමිත වෙලාවකට පැවැත් වුණි.

ජේ.මුණසිංහ

WhatsApp Image 2026 09 20 at 8.37.32 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න