මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ‘සංකථන මණ්ඩපය’ සංවාද අවකාශය තුළින් සාහිත්‍යමය, කලාත්මක හා සංස්කෘතික වැඩසටහන් රැසක් පාඨකයන්ට තිළිණ කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.
මේ යටතේ, නොමිලේ පැවැත්වෙන නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ වැඩමුළුව 2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා පස්වරු 2.30 සිට 5.30 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ (සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව) දී විද්වත් මණ්ඩලයකගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඔබේ ලේඛන කුසලතාව ඔප්නංවා ගැනීමට ලැබෙන මෙම මහඟු අවස්ථාව සඳහා සම්බන්ධ වීමට පහත Google Link එක හරහා අදම ලියාපදිංචි වන්න. සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් තෝරාගන්නා 30 දෙනෙකුට පමණක් මේ සඳහා අවස්ථාව හිමිවනු ඇත.
Google Link :- මෙතනින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
