විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් "ජාතික විද්‍යා පදනම විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන උළෙල", 2026 සැප්තැම්බර් 18වන දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වී ය.
2002 වසරේ සිට වාර්ෂිකව පවත්වන මෙම උත්සවය මගින්, ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන තරගවල දී විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් සිසුන් ඇගයීමට ලක් කෙරේ. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ විද්‍යා අධ්‍යාපනය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ගුරුවරුන්, විද්‍යාඥයින් සහ මාධ්‍ය වෘත්තිකයින් ද මෙහිදී ගෞරවයට පාත්‍ර වේ.
මෙවර උත්සවය "කෘතිම බුද්ධිය: ස්වභාවික ව්‍යසනයන්ගෙන් පූර්ව ආරක්ෂාව හා ව්‍යසනයෙන් පසු යථාතත්ත්වයට පත්වීම උදෙසා" යන තේමාව යටතේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඊට එක්විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මීට සහභාගී වූහ. ජාතික විද්‍යා පදනම හි සභාපති ආචාර්ය සුදත් සමරවීර, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශිරෝමි පෙරේරා සහ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ජී. ජී. ශාන්තසිරි යන අය ද මෙම උත්සවයට එක්ව සිටියහ.
1968 දී ආරම්භ වූ ජාතික විද්‍යා පදනම, කාලයත් සමඟ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ජාතික සංවිධානයක් බවට පත්ව ඇත. දැනට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම, 1994 අංක 11 දරන පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකාව තුළ විද්‍යාව හා තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම සහ විද්‍යා අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා බලය පවරා ඇත.
"සැම දෙනාටම විද්‍යාව" යන මූලධර්මය පෙරදැරිව, රට පුරා විද්‍යාත්මක සාක්ෂරතාව ඉහළ නැංවීමටත්, විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමටත් සහ මහජන සහභාගීත්වය දිරිගැන්වීමටත් ජාතික විද්‍යා පදනම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. විද්‍යාත්මක දැනුම සහ මහජන අවබෝධය අතර පරතරය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරී වැඩසටහන් සහ මුලපිරීම් රැසක් එමගින් ක්‍රියාත්මක කරයි.
පාසල් මට්ටමේ විද්‍යා සංගම් පෝෂණය කිරීම, විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය (SRPC) වැනි ජාතික තරඟ සංවිධානය කිරීම සහ සිසුන්, අධ්‍යාපනඥයින් හා ප්‍රජාව සම්බන්ධ කරගනිමින් වසර පුරා ජාතික විද්‍යා පදනම විසින් පාසල් ප්‍රජාව වෙනුවෙන් වාර්ෂිකව විවිධ වැඩසටහන් සහ තරග රැසක් සංවිධානය කරනු ලබන අතර, ඒ තුළින් සිසුන්ට තම විද්‍යාත්මක දැනුම, නිර්මාණශීලීත්වය, පර්යේෂණ කුසලතා සහ නව්‍ය චින්තනය වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. මෙම වැඩසටහන් සහ තරගවල දී විශිෂ්ට දක්ෂතා දක්වන්නන් ජාතික විද්‍යා පදනම හි 'විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන උළෙල දී' ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරයි.
ඒ අනුව, 2025 සහ 2026 වසරවලදී පැවති පහත සඳහන් තරග සහ වැඩසටහන්වල ජයග්‍රාහකයින් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූවන්, විද්‍යාව හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය සහ ලබාගත් ජයග්‍රහණ අගයමින් මෙම උත්සවයේ දී ගෞරවයට පාත්‍ර කළේ ය.
විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගය 2025
ළමා පරිසර වේදියා වැඩ සටහන 2025
පාසල් විද්‍යා තරග 2026
විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් විද්‍යා සංගම් – තරු ශ්‍රේණිගත කිරීම් 2026
විද්‍යාව ප්‍රචලිත කිරීම සදහා සම්මාන
විද්‍යාඥයින් සඳහා වන විද්‍යාව ප්‍රචලිත කිරීම සම්මාන 2026
මාධ්‍යවේදීන් සඳහා වන විද්‍යාව ප්‍රචලිත කිරීම සම්මාන 2026
ගුරුවරුන් සඳහා වන විද්‍යාව ප්‍රචලිත කිරීම සම්මාන 2026
ප්‍රධාන සම්මාන කාණ්ඩ පහත පරිදි විය
ළමා පරිසර වේදියා වැඩ සටහන – සම්මාන 61ක්
විද්‍යා ප්‍රබන්ධ සහ ඩිජිටල් කතන්දර – සම්මාන 33ක්
භූමිකා රංගනය, විරිදු සහ කෙටි විද්‍යා නාට්‍ය – සම්මාන 9ක්
විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරගය – සම්මාන 10ක්
විද්‍යාඥයින් සඳහා විද්‍යා ප්‍රචලිත කිරීම සදහා ජිවිත කාලය තුල එක් වරක් පමණක් ලැබෙන සම්මානය
මාධ්‍යවේදීන් සඳහා විද්‍යා ප්‍රචලිත කිරීම සදහා ජිවිත කාලය තුල එක් වරක් පමණක් ලැබෙන සම්මානය
මාධ්‍ය අංශයේ ඇගයීම් සම්මාන – සම්මාන 2ක්
ගුරු සම්මාන – සම්මාන 3ක් (එක් ඇගයීම් සම්මානයක් සහ ප්‍රශංසා සම්මාන දෙකක් ඇතුළුව)
තරු ශ්‍රේණිගත කිරීම් – සම්මාන 3ක් (එක් තරු පහේ සම්මානයක් සහ තරු හතරේ සම්මාන දෙකක් ඇතුළුව)







newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
