Image

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 (සංකථන මණ්ඩපය)

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 (සංකථන මණ්ඩපය)

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන‘සංකථන මණ්ඩපය’ සංවාද අවකාශය තුළින් සාහිත්‍යමය, කලාත්මක හා සංස්කෘතික වැඩසටහන් රැසක් පාඨකයන්ට තිළිණ කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

මේ යටතේ සම්ප්‍රදාය, නව අත්හදා බැලීම් සහ ප්‍රවණතා අතරින් සිංහල නවකතාවේ ගමන්මඟත් පාඨකත්වයත් පිළිබඳ සිදුකෙරෙන විද්වත් සංවාදය 2026 සැප්තැම්බර් 27 වන ඉරිදා පස්වරු 3.30 සිට 5.00 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ (සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව) දී ස්වර්ණ පුස්තක සම්මානලාභී ලේඛක ලේඛිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

විවිධ මතවාද, අත්දැකීම් සහ දෘෂ්ටිකෝණ එකිනෙක හමුවන මෙම සජීවී සංවාද අවකාශය හා එක්වී පෝෂණීය සාහිත්‍යමය අත්දැකීමක් විඳගන්නා ලෙස සංවිධායක මණ්ඩලය පාඨක ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

 

814560814 1485354723616934 5779033150701525359 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න