V2025

පුවත්

ජනක කාංචනගෙන් හොඳට අහගෙන !

ආගමික ස්ථානවලට විදුලි සහනයක් ලබා දෙන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවද එම තීරණය ගැනීමට එම කොමිසමට හැකියාවක් නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ආගමික ස්ථානවල විදුලි බිලට සහනාධාරයක් දෙන්නේ නම් ඒ කොමිසමේ අනුග්‍රහයෙන්ද නැත්නම් සභාපතිවරයාගේ අනුග්‍රහයෙන්ද යන්න හෙළි කළ යුතු බව ද ඇමතිවරයා පවසා සිටියි.

සහනාධාර ලබා දෙන්නේ නම් එය පියවා ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද වැඩපිළිවෙළක් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ආගමික ස්ථානවලට සහනාධාර ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව මහජන උපයෝගතා කොමිසමෙන් නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

IOC ඉන්ධන මිලත් පහතට !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ලංකා IOC සමාගමද අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද මිල පහත දමා ඇත.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370.00 ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415.00 කි.

2023 විසර්ජන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට !

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව පසුගිය 7 වනදා රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව හෙට (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

මේ අනුව හෙට පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.

ඔක්තෝබර් 19 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට ද නියමිතව තිබේ. මේ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනෙනු ඇත.

අනතුරුව එදින ප.ව 5.00 - ප.ව 5.30 කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

ඔක්තෝබර් 20 සහ 21 දෙදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර 20 වැනි දින ප.ව 5.00 - ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහාය.

එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

ණය අර්බුදය පියවාගන්න පැරිස් සමාජයේ සම්පූර්ණ සහය !

ණය අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට පැරිස් සමාජයේ සම්පූර්ණ සහයෝගය හිමිවන බව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව විලියම් රූස් සමග පැවති හමුවකදී ඔහු මෙසේ සඳහන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.

 

ඉන්ධන මිල පහළට !

ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) කටයුතු කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370.00 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415.00 ක් දක්වා පහත දමා තිබේ.

දුරකථනයේ කස්ටියට කියාගන්න බැරි දුකක් !

දුරකථන පාටියේ කාලය ටිකක් සරුවෙලා නිසා දැන් හැමෝම ඉන්නේ සතුටෙන්ලු. ඒත් ඒ සතුට භුක්ති විඳින්න බැරිවෙයි කියලා හැමෝම කතා වෙනවලු නිතර. ඒකට හේතුව පක්ෂයෙන් මැතිසබේට ගිය අයට පක්ෂයේ සංවිධායකවරැන්ගෙන් ලැබෙන ප්‍රතිචාර.

ප්‍රධාන වශයෙන් එයාලට තිබෙන ප්‍රශ්නය පක්ෂයේ ලොකු තැන මීටිමක වාඩිවුණාම එයාට සමහර කාරණා කියන්න විදිහක් නෑ කියලා.මොකද එයාගේ ළඟ ලොකු මැඩම් ඉන්න නිසා. මොකක් හරි කියන්න ගියොත් කාලය වැඩිය යනවා නම් ලොකු මැඩම්ගේ මුහුණ පුංචි වෙන නිසා ගොඩක් අය කිසිදෙයක් කියාගන්න බැරිව හැරිලා ආපු අවස්ථා අනන්තයිලු.

මේ නිසා සංවිධායක මහත්තුරු පක්ෂයේ මන්ත්‍රීගොල්ලට කියලා එයාලගේ රැස්වීම්වලට අහවලා ගේන්න එපා කියලා. ඒ පණිවිඩය ලොකු තැනට කියන්න බැරුව මැති සබේ මන්ත්‍රී සෙට් එක පුදුම අමාරුවෙන්ලු ඉන්නේ. කොහොම වුණත් එයාලට කටින් කියලා දාන්න බැරි නිසා මේක පත්තරේවත් දන්න ඕන කියලා කතා වෙලත් තියනවා.

-deshaya

තිළිණි වංචා කළ මුදල් තෙවැනි පාර්ශ්වයක් අතේ : විමර්ශන අලුත් මගක !

පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංරංචි මාර්ග පවසයි.

මහල් 80කින් සමන්විත කුළුලු දෙකකින් යුත් එම ගොඩනැගිල්ලෙහි මේ වන විට එක් කුළුනක ඉදිකිරීම් සිදුවෙමින් ඇත.

එම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාල සමාගමේ කාර්යාලයක් එම ගොඩනැගිල්ල පාමුල පිහිටි ගොඩනැගිල්ලක පිහිටා තිබේ.

සැකකාරිය තවත් කිහිප දෙනකු සමග එක්ව එහි කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

සැකකාරිය ,හමුවට මෙම කාර්යලයට පැමිණි පුද්ගලයන්, සැකකාරිය සමග එම කාර්යාලයේ සිටි පිරිස, කුමණ ගනුදෙනුකරුවන් එහි පැමිණ සිටියේද යන්න හෙළි කර ගැනීම සදහා එම ගොඩනැගිල්ලේ වසරක පමණ සී සී ටී වී කැමරා දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරියට මෙරට සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මුදල් ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත.

ඇය විසින් මෙසේ වංචා සහගතව රැස් කළ මුදල් වලට මේ වන විට සිදුවූ දෙයක් අනාවරණය වී නැත. බොහෝ විට එම මුදල් යම් තුන්වැනි පාර්ශවයක් සතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා  සාර්ථක වනු ඇති බව ජනපති පවසයි !

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස ද ඊයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් 3 වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ මූලික සාකච්ඡා සිදු කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීමටත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් රජය ප්‍රමුඛ අවධානයක් ලබා දී කටයුතු කරන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

62779d8d 97b7 4e27 99cc e8cb9229a020මොණරාගල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා කෘෂිකර්මාන්තයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

වාද විවාද සිදු කිරීම තමාට ගැටලුවක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා මහ පාරට පැමිණ ලේ වගුරන බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව ද සිහිපත් කරමින් කියා සිටියේ ලේ වැගිරීමට පෙර ජීවත්විය යුතු බවයි.
ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණහොත් ලේ වැගිරීමට නොව හාමතේ මිය යාමට සිදුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලනය පාර්ලිමේන්තුවේ දී පමණක් කතා කළ යුතු බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බවත් අවධාරණය කළේය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියට පැමිණි ජනාධිපතිවරයා වගා බිමේ47b89a5a e43d 4f12 95fc 3211da6d7447 සංචාරය කරමින් ගොවිජනතාව සමග සුහද කතා බහක නිරත විය.

තමන් මුහුණ පා ඇති ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එහිදී ගොවි ජනතාවට අවස්ථාව ලැබුණු අතර පොහොර හිඟය, කෘමිනාශක සහ වල්නාශක හිඟය මෙන්ම ප්‍රදේශයේ ඉඩම් ගැටලු, ජල ගැටලු සහ වන අලි උවදුර පිළිබඳව ගොවි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එම අවස්ථාවේදී අදාළ නිලධාරීන් ගොවි බිමට කැඳවූ ජනාධිපතිවරයා ක්ෂණික විසඳුම් ලබාදිය හැකි ගැටලුවලට එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට පියවර ගැනීම විශේෂත්වයක් වන අතර තම ප්‍රදේශයට ජනාධිපතිවරයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළ ගොවි ජනතාව තමන් අසළට පැමිණ ගැටලු සොයා බැලීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළහ.

මෙහිදී ඉදිරිපත් වු සියලු ගැටලු ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු මගින් සටහන් කරවාගත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ වෙනම අතිරේක ලේකම්වරයෙකු පත් කර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදිමට පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර අධ්‍යාපන, මාර්ග, නිවාස ඇතුළු ගැටලු ඒ අතර විය.

එම සියලු ගැටලුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන ප්‍රදේශයේ දරු දැරියන් විශ්වවිද්‍යාල අධ්‍යාපන දක්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බව පැවසීය.

d6c01630 d6d2 4862 b8ea b3063f8ead8dමෙම අවස්ථාවට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර සියඹලාණ්ඩුව කලුඔබ්බ ධර්මාශෝක පෙර පාසලේ පැවැත්වෙන දහම්පාසල වෙත ද කිසිඳු දැනුම්දිමකින් තොරව ගිය ජනාධිපතිවරයා සිසු දරුවන්ගේ සුවදුක් විමසීය.

පූර්ව දැනුම්දීමකින් තොරව එම ස්ථානයට පැමිණියත් සිසු දරු දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

සියඹලාණ්ඩුව, රතුමඩ, වීරකඳවල වෙල්යාය අවට වගා භූමියේ නීරික්ෂණ චාරිකවක නිරතවීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙන්නේ එය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. ඒ සඳහා ලබාදිය හැකි සියලු පහසුකම් අපි ලබා දෙනවා. මේ මහ කන්නය වන විට වි වගාව, බඩ ඉරිගු සහ අනෙකුත් බෝග වගාවන් කරන්න සූදානම් විය යුතුයි. එහෙම නම් මහ කන්නය වන විට හෝ ඊට පෙර හෝ හොඳ අස්වැන්නක් ලබා ගත යුතුයි. හොඳ අස්වැන්නක් තිබෙනවා නම් නිෂ්පාදනය ඉහළ ගොස් රටේ ස්ථාවරත්වයක් ඇති වෙනවා.

වගා කටයුතු පමණක් නොවේ, අස්වැන්න එකතු කිරිම, නාස්තිය අවම කිරීම, ගබඩා කිරීම ඒ වගේම බෙදා හැරීමේ ජාලය දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. තවත් අඩු පාඩු තිබිය හැකියි. ඒවත් විසඳාගෙන සාර්ථකව මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි.

මහ කන්නය වෙන තෙක් අපිට මූලිකව තිබෙන්නේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. දැන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආහාර නැති නිසා ඇතැම් අය සිය ජීවිකාව ගත කරන්නේ නොයෙකුත් අපහසුතා මධ්‍යයේයි. ඒ නිසා මේ ප්‍රදේශවලින් නිෂ්පාදන ලබාගෙන බෙදාහරින වැඩසටහනක් ආරම්භ කළයුතුයි.
මේ පළාත දියුණු කර ජනතාවට යහපත් ජිවන තත්ත්වයක් උදාකරදීම අපේ අරමුණයි. මේ ප්‍රදේශයේ කුඩා වැව් නැවත ප්‍රතිසංස්කරණ කිරීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරමු. පළමුවෙන්ම කරන්න තිබෙන්නේ ලබන කන්නයේදි ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමයි.

ඒ නිසා කිසිදු බාධාවකින් තොරව ඉදිරි මහ කන්නය වන තෙක් මුළු රටම ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොදා ගන්නවා. ඒ වගේම රටේ පවතින ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ ප්‍රශ්නය විසඳිය යුතුයි.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළා. ඒ අනුව මේ වන විට මූලික එකඟතාවකට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. අපිට ණය ලබාදී ඇති රටවල් අතර ප්‍රධානම රටවල් තමයි චීනය, ජපානය සහ ඉන්දියාව.
දැන් අපි ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් එම රටවල් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මම ජපානයට ගිය අවස්ථාවේ එහි විදේශ අමාත්‍යවරයා සහ අගමැතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා.

එමෙන්ම පසුගියදා චීන මූදල් අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඒ වගේම වොෂින්ටන් නුවරට ගොස් සිටින අපේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඉන්දියාවේ කණ්ඩායම් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.

රටේ පවතින ණය බර අඩු කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීනය, ජපානය සහ ඉන්දියාව සමග අපි ප්‍රථම වතාවට ඊයේ දිනයේ මූලික සාකච්ඡාවක් පැවැත්වුවා. අපිට මේ ණය ගෙවීම අපහසුයි. නමුත් ණය බර අඩුකර ගැනීමේ මාර්ගයක් සොයා ගත යුතුයි. ණය පමණක් නොව දැන් පොළිය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම සාකච්ඡා විධිමත්ව ඉදිරියට ගෙන ගියහොත් මේ සියලු ගැටලු නිරාකරණය කරගත හැකියැයි මම විශ්වාස කරනවා.

එමෙන්ම අපි සමහර පුද්ගලික ණයකරුවන් සමගත් සහන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එම සාකච්ඡා අවසන් වූ විට එම රටවලින් ආධාර උපකාර ඉල්ලා සිටිය හැකියි. ඒ ආධාර උපකාර එක සැරේ ලැබෙන්නේ නැහැ.
ඒ කාලය තුළ ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් අපිට මුදල් ලැබෙනවා. පොහොර ලබා ගන්නත් ඒ වගේම ඖෂධ ලබා ගන්නත් ලෝක බැංකුවෙන්, යුරෝපයෙන්, ඇමරිකාවෙන්, ආසියනු සංවර්ධන බැංකුවෙන් අපිට මුදල් ලබා දුන්නා. එම මුදල්වලින් තමයි අපි මේ වැඩකටයුතු කරන්නේ. ඒ නිසා අපිට ගැටලුවකින් තොරව මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යා හැකියි.

වාද විවාද කරන එක මට ප්‍රශ්නයක් නොවේ. සමහර අය කියනවා පාරට බැහැලා ලේ වගුරනවා කියලා. ඊට ඉස්සෙල්ලා ජීවත් විය යුතුයි. නැතිනම් හාමතේ මිය යන්න සිදු වෙනවා. කතාකරන්න තියෙන ඕන දෙයක් පාර්ලිමේන්තුවේ දී කතා කරමු. පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ සඳහායි.

අපි සියලුදෙනා මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතුයි. ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවේ, විපක්ෂ මන්ත්‍රිවරු පිරිසකුත් මා සමග ප්‍රකාශ කළා ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමතියි, ඒ අයටත් වැඩ කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්න කියලා. අපි එකතුවෙලා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ ගොවි ජනතාව නිරතව සිටිනවා. ඒ සමගම සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන මෙවර මහ කන්නයෙන් අවසන් වෙන්නේ නැහැ. ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදයට ද අපි සූදානම් විය යුතුයි.

අද මේ සඳහා සහභාගී වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය කන්නයේ පොහොර නොලැබීම පිළිබඳ සියලු ගොවි ජනතාවට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.4e468166 d9ca 408e 9691 fbef900e100b

මෙහිදී ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සහ ඒවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය

පොහාර ගැටලුව තමයි ජනාධිපතිතුමනි අපට තිබෙන්නේ,

 පිළිතුර

මේ මහ කන්නයේ වී වගාව සහ බඩ ඉරිගු වගාව සඳහා අවශ්‍ය පොහොර අපි ලබා දෙනවා. ඊට අදාළ පියවර දැන්මටත් ගෙන තිබෙන බව මතක් කරන්න කැමතියි. ඒ ගැන ගැටලුවක් ඇති කර නොගෙන ගොවිතැන් කටයුතු නිසි වේලාවට ආරම්භ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, අපේ ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පිළිතුර

 අපි මේ ප්‍රදේශවලට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාදීමට තීරණය කරලා තිබෙනවා. දැන් ඒ ඒ දිස්තික්කවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයයි, ඒ වගේම අස්වැන්න එකතු කරන විට මැෂින්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණනයයි අපි ලබා දෙන්නම්.

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, ඉන්ධන නිසි වේලාවට ලැබෙනවාද යන්න පිළිබඳව මේ ප්‍රදේශය නියෝජනය කරන අපේ මැති ඇමතිවරු සොයා බැලිය යුතුයි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශේන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුමේධා ජී. ජයසේන, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජාතික ආහාර සුරක්ෂිතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ, සියඹලාණ්ඩුව ප්‍රාදේශී ලේකම් අසංක දයාරත්න සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රාජ්‍ය නිලදාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

20677529 5609 460f a124 23c166be9367

 

නාවලපිටියේදී මොකද වුණේ ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් අද(ඔක්තෝබර් 16 වැනිදා) පැවැත්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඉහල යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශනය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.

ඔවුන්ගේ ප්‍රධාන උද්ඝෝෂණ පාඨයක් වුයේ "හොරා කාපු සල්ලි දියව්" යන්නයි.

'පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව' සහකාර පොලිස් අධිකාරිවරයෙකු නිවේදනය කිරීමත් සමඟ විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් අතුළු 15ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.ඒ අතර නාගරික මන්ත්‍රීවරයෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වෙති.

පොලිසිය විසින් පිරිස බස් රථයක දමා එම ස්ථානයෙන් රැගෙන ගිය අතර, එක් උද්ඝෝෂකයෙකු කියා සිටියේ "අපි වතු සේවකයෝ, පිටි කිලෝ එකක් කියද ? මට ගැහුණු ළමයි 3 දෙනෙක් ඉන්නවා. අපි කොහොමද ජීවත් වන්නේ." යනුවෙනි.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය පැවැත්වෙන අතරතුර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කරන ලද රැස්වීමක්ද මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙමින් තිබිණි. එය නම් කර තිබුණේ 'එක්ව නැගිටිමු - නාවලපිටිය' ලෙසය.

පොහොට්ටුව මැතිවරණයකට සූදානම්...!
ඕනෑම මැතිවරණයකට තමන් සූදනම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (ඔක්තෝබර් 16 වැනිදා) නාවලපිටියේදී කියා සිටියේය.

"අපිටත් වැරදුණු තැන් තියෙනවා.ඒක අපි පිළිගන්නවා." ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.

එහෙත් අද මැතිවරණයක් පවත්වනු ලැබුවත් තම පක්ෂය ජයග්‍රහණය කරන බව මහින්ද රාජපක්ෂ පැවසීය.

රැළිය ඇමතූ මහින්දානන්ද අලුත්ගමගේ "අපි ජනාධිපතිතුමාට කියනවා ඕනෑම වෙලාවක මැතිවරණය තියන්න.ඒක පළාත් සභා වෙන්න පුලුවන්. ඒක ප්‍රාදේශීය සභා වෙන්න පුලුවන්,පාර්ලිමේන්තු වෙන්න පුලුවන්.ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියන පණිවිඩය අද අපි නාවලපිටියේදී දෙනවා." පැවසුවේය.

රැළිය අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අවධාරණය කළේ, ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ "හැම කෙනාටම හොරා හොරා කිය කිය යන්නේ නැතිව, යම් කිසිකෙනෙක්ගේ වැරද්දක් තියෙනවා නම් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. රාජපක්ෂලාගේ කළු සල්ලි තියෙනවා කිව්ව බොහෝ අය අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමා කළු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව බැලුවාම අපි හැර හැමෝම ඉන්නවා. අපිට හොරා කිව්වා. අපි ගාව කලු සල්ලි තියෙනවා කිව්වා." යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ "අපිට වහල්ලු කියනවා. විවිධාකරයෙන් චෝදනා කරනවා. සමාජ මාධ්‍ය වලින්. කුලියට ගත්ත කූලි කාරායෝ ටිකක් යොදා ගෙන ඉන්නවා. මේක සංවිධානත්මක වැඩක්. සමාජ මාධ්‍යවල යන කාරණා ගැන අපි කලබල විය යුතු නැහැ" යනුවෙනි.

ඔහු "අද නාවලපිටියේ ජනතාව මෙතනට රැස්වෙලා පෙන්නලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නේ ජනතාව එක්කයි,. ජනතාව ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්කයි කියන එක." යනුවෙන් අවධාරණය කළේය.

පොහොට්ටුවේ චෞර වළල්ල යලි නැගී සිටීමේ උත්සාහයක- විපක්ෂ නායක !
පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සාමාන්‍යයෙන් ජනතාව ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ රට ගොඩනගන්නට එම ජනාධිපතිවරයාට ඇති වැඩ පිළිවෙල මත බව පැවසූ විපක්ෂ නායකවරයා කියාසිටියේ වර්තමාන ජනාධිපතිවරයාව පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පත් කර ගත්තේ පොරොන්දු තුනක් මත බවයි.

ගිනිබත් වූ නිවාස වලට වන්දි ලබා ගැනීම,ආරක්ෂාව සලසා දීම,වසර හතරකට මැතිවරණ සිතියම හකුළුවා දීම ඒ පොරොන්දු බව පැවසූ විපක්ෂ නායකවරයා,වත්මන් ජනාධිපතිවරයා විසින් ඒවා ඉටු කරමින් සිටින බව ද පැවසීය.විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ අද(ඔක්තෝබර් 16)පොල්ගහවෙලදී පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

'අද ලෝක ආහාර දිනය බවත්,මේ රටේ ජනතාවට කන්න නැති කරමින් ගොවියා නැති භංග කළ ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් නැවතත් පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කොට ඇති බවත්, මෙය දෛවයේ සරදමක් බවත්' විපක්ෂ නායකවරයා පැවසීය.

රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියාසිටියේය.

සැමවිටම හිඟයකින් තොර ප්‍රමාණවත් භෞතික ආහාර තොග පවත්වා ගැනීම, සියලු‍ ආහාර වර්ග මහජනයාට මිලදී ගත හැකිවන පරිදි මිල මට්ටම පවත්වා ගැනීම, ගෘහස්තයක සිටින සියලු‍ දෙනාගේම පෝෂණ අවශ්‍යතා ඉටුවන පරිදි ආහාර ලබාගැනීමේ හැකියාව පවත්වා ගැනීම සහ අඛණ්ඩ ස්ථාවර ආහාර සැපයුම් දාමයක් පවත්වා ගැනීම යන ඒවා සියල්ලෙන් වර්තමාන ආණ්ඩුව අසමත්ව ඇති බවද පැවසීය.

'අළු පිස දමා නැගිටින්නට හදන රැස්වීම සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගය කාර්යාලය පොලීසියෙන් වටකොට සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා, අද පවත්වන රැස්වීමෙන් පසුව තමන් ද නාවලපිටියේ රැස්වීමකට පැමිණෙන බව' එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

- බීබීසී (සිංහල )

ඒපාර අලුත් මදුරුවෙකුත් ඇවිත් !

ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ.

එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක පවසයි.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙමෙ විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබේ. මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත.

මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය.

එම මදුරුවා ඉන්දියාව තුළ මොලේ මැලේසියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වාහකයෙක්ද නැත්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එම මදුරුවා වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.

මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03 ක් සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 04 ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇත. මෑත කාලය තුළ මෙම නව සොයා ගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෙනස් කම් ඇති විය භැකිය.

- lankadeepa

ජවිපෙ සහ පෙරටුගාමීන් තරගෙට කොළඹ එති !

ජන මතයට ඉඩක් – මර්දනයට තිතත් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ජන රැලියක් ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි .

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කරන ජන රැලියක් 18 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත් වාර්තා වෙයි .

ඒ "සියලු අරගලකරුවන් නිදහස් කරනු! ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරනු!" මැයෙන් එම රැලිය පැවැත්වෙන බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට අරගලයේ පීතෲත්වය ගැනීමට ජවිපෙ සහ පෙරටුගාමීන් අතර ඇතිව තිබෙන සීතල යුද්ධය තුළ මේ ආකාරයට තරගයට මෙන් විරෝධතා දියත්කරන බවක් නිරීක්ෂණය වන බවය.

නමුත් විරෝධතා උද්ඝෝෂණ දැක්වීමට ජනතාවට අයිතිවාසිකමක් ඇතත් මේ ආකාරයට අඛණ්ඩව සිදුකරන විරෝධතා හේතුවෙන් මෙරට වෙත ආයෝජන ආකර්ශනයට සහ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවන බව විචාරක මතය වී තිබේ.

විශේෂයෙන් පසුගිය සමයේ ලොවම අවධානය දිනාගත් සාමකාමී නිර්පාක්ෂික අරගලය පසුව ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් කළ බව සිහිපත් කරන විචාරකයන් පවසන්නේ රට තුළ සාමකාමී තත්ත්වය සම්බන්ධයෙන් සැකසංකා මතුවීම මේ නව විරෝධතා රැල්ල හමුවේ ප්‍රතිකේෂ්ප කළ නොහැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති වත්මන් තත්ත්වය හමුවේ පොදුජනතාව පීඩාවට පත්වීම මේ විරෝධතා උද්ඝෝෂණ විසින් තීව්‍ර කරනවා හැර වෙනත් කිසිදු වාසියක් නොලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ මොහොතේ දේශපාලනය විය යුතුව ඇත්තේ ආර්ථික අර්බුදය විසඳීමට පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් එක්වීමට සියලු දේශපාලන පක්ෂ වෙත බලපෑම් කිරීම බවත් මතුව ඇති අර්බුදයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත සියලු පාර්ශ්ව අඩුවැඩි ලෙස සම්මාදම් වී ඇති බවත් විචාරක මතය වී තිබේ.

 

22 ගැන විවාදයේ ආණ්ඩු පක්ෂ වගකීම සාගරට !

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවටඉදිරිපත් කිරීමෙන් පසුව පැවැත්වීමට නියමිත විවාදය සංවිධානය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට පැවරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෞද්ගලික විදෙස් සංචාරයක් යොදාගෙන ඇති නිසා බවත් එම ආරංචිමාර්ග පවසයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා යලිත් පැමිණීමට නියමිතව තිබෙන්නේ ව්‍යවස්ථා විවාදය හමාර වූ පසුව බවත් දැනගන්නට ඇත.

කෙසේවුවත් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වන අතර ඔහු 22 ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සඳහා කිසිසේත්ම සිය පක්ෂය සහයෝගය නොදෙන බව මේ වන විටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඔක්තෝබර් 20 හා 21 යන දෙදින පැවැත්වීමට ඔක්තෝම්බර් 07 දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

සන්නද්ධ අරගලයක් ගැන : ෆොනී ගිනි පිඹියි !

ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා පවසයි.

පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මේ අදහස් දක්වා ඇත්තේ youtube නාලිකාවක් සමඟ සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින්ය.

ෆොනී කිව්වට ජනතාව එන්නේ නෑ !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ වගකිව යුතු දේශපාලන නියෝජිතයෙක් ලෙස මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හෙළාදැකිය යුතු බවය.

දේශපාලන ජීවිතය ආරම්භ කළ මොහොතේ පටන්ම ෆොන්සේකා මන්ත්‍රීවරයා සිය ශික්ෂණයක් නොමැති කට හේතුවෙන් බොහෝ අකරතැබ්බ වලට මුහුණදුන් බවත් විචාරකයන් සිහිපත් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ෆොන්සේකා මන්ත්‍රීවරයා කියන ආකාරයේ සන්නද්ධ නැගිටීමක් තරුණයන් වෙතින් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බවය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ බංකොලොත් වූ රට මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ සියල්ල සිදුවන්නේ ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටියදී බවද පවසයි.

පෝලිම් යුගය අවසන් කළ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් මේ වන විට පැහැදිළි සහ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ පසුබිමේ රට අරාජික කර ජීවිත අවධානමේ දමා ගැනීමට තරම් තරුණ පරපුර අපරිණත නොවනු ඇති බවත් විචාරක මතය වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල මිස ආණ්ඩු පෙරළීමක් වෙනුවෙන් කිසිඳු ජනසහභාගීත්වයක් නොලැබෙනු ඇති නමුත් කුඩා කුඩා දේශපාලන කල්ලි කිහිපයක් ගෝඨාභය ජනාධිපතිගේ පසුගිය පළයාමෙන් නොමගගොස් අමාරුවේ වැටීමේ අවධානම ප්‍රතික්ෂේප නොකරන බවද විචාරකයන් සඳහන් කරයි.

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන !

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය හරහා වෙන් කර තිබෙන බවත් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙසත් එම ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ රේඛීය අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන ලෙසත්, සහන වැඩපිළිවෙළේදී රාජ්‍ය නිලධාරින්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 11කට බලපෑ තද සුළං, නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක පවුල් 15,404ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2022 ඔක්තෝබර් 16 දින නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජීවිත හානි 03ක් වාර්තා වන අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. පූර්ණ නිවාස හානි 05ක් ද, අර්ධ නිවාස හානි 193ක් ද සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් පවුල් 439ක පුද්ගලයන් 1927 දෙනෙක් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක රඳවා සිටින බවත් එහි සඳහන් වේ.

පක්ෂ දේශපාලනය ඉවත දමා ජනතාවගේ ආහාර ගැටලුව විසදීම දේශපාලනය කරගමු - ජනාධිපති රනිල් !

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

මේ වන විට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා කීය.

විකසිත ප්‍රජාවකින් හෙබි ඉසුරු පිරි දිස්ත්‍රික්කයක් බවට අම්පාර දිස්ත්‍රික්කය පරිවර්තනය කරමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට වී නිෂ්පාදනයෙන් 22% ක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන අතර ඉදිරි යල සහ මහ කන්නවල අස්වැන්න සාර්ථක කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී සිටි රාජ්‍ය නිලධාරීන් අතරට ගිය ජනාධිපතිවරයා ක්ෂේත්‍ර කටයුතුවලදී ඔවුන් හඳුනාගත් ගැටලු සහ දුෂ්කරතා පිළිබඳ ඝෘජුවම ඇහුම්කන් දීම ද විශේෂත්වයක් විය.

අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු රැසක් පිළිබඳ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කෙරණු අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද උපදෙස් දුන්නේය. .

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හාඩි ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් ගොවිපොළ පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද කටයුතු කළේය.

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ආහාර සුරක්ෂිතතා වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීම ගැන සමලෝචනය සඳහා මම මෙතනට පැමිණියේ. වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වීමේ දී තිබෙන අඩු පාඩු පිළිබඳවත් අපි හඳුනා ගත්තා. කාබනික පොහොර ගැටලුව ඉදිරිපත් වුණා. පසුගිය වසරේ කාබනික පොහොර බෙදාදීම සිදු කළේ අමාත්‍යාංශයෙන්. නමුත් මේ වසරේ අපි එය භාර දි තිබෙන්නේ සමාගම්වලට. ඉතින් ඒ සමාගම් පොහොර ලබාදීම සිදු කරයි.

එක ගැටලුවක් තිබෙනවා, පසුගිය වසරේ රුපියල් බිලියන 08ක බිල්පත් තිබෙනවා සමාගම් සඳහා ගෙවීමට. අපි ඒවා ගෙවීම දැන් ආරම්භ කරලා තිබෙනවා. ඉන් බිලියන 04ක් විතර අපි මේ වන විට ගෙවා තිබෙනවා.

දෙවනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා සම්බන්ධ කර ගැනීම පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය නිලධාරීන් ලබා දෙනවා. අපි මේ වැඩපිළිවෙළේදී එක කණ්ඩායමක් ගැන සඳහන් කළේ නැහැ. ඒ ත්‍රිවිධ හමුදාව. ඔවුන්ගේ ගොවිපොළවල්වලින් විශාල නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවත් අපි මේකට සම්බන්ධ කර ගත යුතුයි.

ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය. මෙහෙම තත්ත්වයක් මීට පෙර ලංකාවේ ඇතිවී තිබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයේදී ආහාර ගේන්න බැරි වුණාට ආර්ථිකය කඩාගෙන වැටුණේ නැහැ. දැන් ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. පසුගිය වසරට වඩා මේ වසරේ මේ ආර්ථිකය ගොඩ අරගෙන තිබෙනවා. තවම ගැටලු තිබෙනවා. අපි මුදල් මුද්‍රණය කරන්න ගියොත් උද්ධමනය වැඩි වෙනවා. තිබෙන මුදල් එක්ක වැඩ කරද්දි සීමා ඇති වෙනවා. කෙසේ හෝ අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි.
දැනට තිබෙන්නේ තමන්ගේ ප්‍රදේශවල මේ වගා කටයුතු ආරම්භ කරන්න. ඒ ගැන වාර්තා කරන්න. දෙවනුව අපිට වැඩිපුර අවශ්‍ය ආහාර වර්ග ගැන අපේ ආහාර සුරක්ෂිතතා කාර්යාංශයෙන් දැනුම් දෙයි.

වී වගාව ගැන ප්‍රශ්නයක් නැහැ. මේ කන්නය සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් තිබෙනවා. බඩඉරිගු වැනි බෝග වගාවන් වැඩිකරගන්න ඕන. ඒ සඳහා ඉඩ කඩ ලබා ගනිමින් ඒ කටයුතු සිදු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

බිම් මට්ටමේ සිට මේ වැඩකටයුතු කරන නිලධාරීන් සියලුදෙනාම අපි මේ වැඩසටහනට එකතු කරලා තිබෙනවා. පළමුව අපි ආහාර සුරක්ෂිතාව ඇති කළ යුතුයි. දෙවනුව මන්ද පෝෂණය තුරන් කිරීම සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අපිත් ඒවට ආධාර උපකාර කරනවා. ඒ සඳහා ආහාර බැංකු, ප්‍රජා මුලුතැන්ගෙය මෙම වැඩසටහන් ඇති කරලා තිබෙනවා.

මොකද අපි මේ ගත කරන්නේ අසීරු කාලයක්. ඒත් කාටවත් ආහාර නැතිව ඉන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ඉදිරියේ දි මහ කන්නය සාර්ථක වුණහාම මේ තත්ත්වයෙන් අපිට ඉදිරියට යන්න පුලුවන්. මේ වැඩපිළිවෙළ 2023 අවසන් වෙනකන් අපි ඉදිරියට ගෙන යන්න ඕන. මොකද අපේ මේ ප්‍රශ්නය විසඳුනත් ගෝලීය ආහාර අර්බුදයක් මතු විය හැකි නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න වෙනවා.

ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා යාන්ත්‍රණය මෙතතින් නතර කරන්නේ නැහැ. මෙය ක්‍රියාත්මක කරන ගමන් ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කරන වැඩසටහන් අපි ආරම්භ කරනවා. එහෙම නම් අපි අලුත් වැඩකටයුත්තක් භාරගෙන තිබෙන්නේ. ඒ සඳහා අපි සියලුදෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන.

මේ වැඩකටයුත්තේ දී අපට තිබෙන්නේ පක්ෂ දේශපාලනය නෙවේ, සම්ප්‍රදායික දේශපාලනය මේකට වැඩක් නැහැ.පක්ෂ දේශපාලනය පැත්තකට දාන්න. ජනතාවගේ ආහාර ගැටලුව විසඳන දේශපාලනයට අපි යන්න ඕන.ඒ වැඩපිළිවෙළට අපි එකතු වෙමු. මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබන්න දැන් සිට අප්‍රේල් දක්වා නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.

නිදහසින් පසු ආරම්භ කළ පළවෙනි වාරි ව්‍යාපෘතිය තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරය. එම ව්‍යාපෘතියට කාගෙන්වත් ණය ගත්තේ නැහැ. අධාර ගත්තෙත් නැහැ. යුද්ධයෙන් පස්සේ අපි එංගලන්තයට ණය දීලා ඉතිරි මුදල් තමයි ගල්ඔය ව්‍යාපාරය හැදුවේ.

මම බලාපොරොත්තු වෙනවා අම්පාර දිස්ත්‍රික්කයෙන් රටට වුවමනා ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ලබා දෙයි කියල.මේ කටයුත්තේ දී දේශපාලන බේදයක් නැතිව සියලු මන්ත්‍රීවරු, සංවිධායකවරු එකතුවෙලා මේ වැඩසටහන කරන්න. කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී මේ ප්‍රදේශයට පැමිණෙයි මේ වැඩසටහනේ ප්‍රගතිය ගැන බලන්න.
ඔබ සියලුදෙනා මේ වැඩකටයුතුවල නිරත වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. අපි මුහුණ දී සිටින මේ අභියෝගය මීට පෙර අපි මුහුණ දුන් එකක් නොවේ, අපේ දෙමාපියන් මුහුණ දුන්නෙත් නැහැ. අපේ මුතුන් මිත්තන් මුහුණ දුන්නෙත් නැහැ. මේ අලුත් තත්ත්වයක්. අපි මෙය නිසි ලෙස හදුනාගෙන වැඩ කළොත් මේ අභියෝගය ජයගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ඩබ්ලිව්.ඩී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එල්.එම්. අතාවුල්ලා, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම්, වෛද්‍ය තිලක් රාජපක්ෂ, එන්.එම්.එම් මුසාරොෆ්, ටී කෛලයි අර්සන්, සරත් වීරසේකර, හිටපු අමාත්‍ය දයා ගමගේ, හිටපු රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, අම්පාර දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, නැගෙනහිර පළාත් සභාවේ සභාපති සහ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන කෘෂිකර්ම, වාරිමාර්ග, සමෘද්ධි ඇතුළු රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

 

ගිනි ගත්ත කජීමා වත්තේ පැටිකිරිය එළියට !

ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ බව අනාවරණය කර ඇත්තේ කජීමා වත්ත ගිනි ගැනීම සම්බන්දයෙන් නාගරික සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාවේය.

ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තීන්වලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නැති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

ගිනි ගැනීමට ලක්වූ මෙම කජීමා වත්ත ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අතර අක්කර පහක පමණ විශාලත්වයකින් යුතුය. 2011 වසරේදී ආරම්භකළ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ එම ඉඩම්වල පදිංචි පවුල්වෙත ස්ථීර නිවාස ලබාදෙන තෙක් තාවකාලික අතරමැඳි කඳවුරක් පවත්වාගෙන යෑමට තාවකාලික පදනම මත කජීමා වත්ත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් බවද අදාළ වාර්තාවේ සඳහන්වෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉඩම් නිදහස් කර ගැනීමේදී අවතැන්වන පවුල් මෙම කජීමා වත්තෙහි තාවකාලිකව පදිංචි කර ඇත. එලෙස පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව 275කි. අනතුරුව එම පිරිසට විකල්ප නිවාස ලබාදී කජීමා වත්ත නිදහස් කර ගෙන ඇත.

ඉන් පසුවද අවස්ථා කිහිපයකදීම මෙම අතරමැදි කඳවුර තුළ පවුල් ඒකක 50ක් පමණ පදිංචිකරවා ඇති අතර 214 වසරින් පසුව දේශපාලන මැදිහත්වීම මත මෙම ඉඩමෙහි අනවසර පවුල් 291 පමණ පදිංචිකරවා ඇත.

එමෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලන මැදිහත්වීම මත යළි අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙහි අනවසරයෙන් පදිංචිකරවා ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ස්වාධීන මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවෙන් අලි හදයි !

ආණ්ඩුවේ ඇමතිධුර හොබවන,, පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනක්, UNP එකට ඈඳගන්න, පොහොට්ටුවෙන් ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරයෙක්,, මේ දවස්වල ලොකු ට්‍රයි එක්ක දෙනවා කියල ජනාධිපති රනිල්ගේ මාමාගේ,, ලංකාදීප පත්තරේ වාර්තා කරලා තියනවා.

බස්නාහිර පළාත නියෝජනය කරන ඔය කියන මන්ත්‍රීතුමා පොහොට්ටු පක්ෂයෙන් අයින්වෙලා , ස්වාධීන මන්ත්‍රීවරයකු විදියට, මේදවස්වල ජනාධිපති කාර්‍යාලයට වෙලා,, ලොකු වැඩ කොටසක් කරනව ලු..

ආරංචියේ හැටියට, ඒ මන්ත්‍රීතුමා ආණ්ඩුවේ ඇමතිධුර හොබවන පොහොට්ටුවේ ලොක්කෝ කිහිදෙනෙක්ව, පසුගිය දවස්වල වෙන වෙනම හම්බෙලා , මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරල කියලත් ලංකාදීප වාර්තාවේ තියනවා..

ඔය කියන විදියට මේ මන්ත්‍රීතුමා,, ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන, කොළඹ , ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක,, පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවෙලා, කියල තමයි දැනගන්න තියන්නේ..

කොහොමටත් දැන් තියන ආරංචිවල හැටියට, නිමල් ලන්සා, ඇමති නලින් ප්‍රනාන්දු , ජනාධිපති රනිල් එක්ක සෙට් වෙලා කියල තමයි කියන්නේ.

ඒ විතරක් නෙමෙයි.. ඇමති රොෂාන් රණසිංහත් , මේ වෙනකොට ජනාධිපති තුමාගේ පාර්ශවය සමග, සමීපව කටයුතු කරමින් ලු ඉන්නේ.. රොෂාන් පොහොට්ටුවේ දිස්ත්‍රීක් නායකකමෙන් අස්වෙන්න යනවා කියල කතාවකුත් යනවා.

ඔය කතාව ආරංචි වෙලද කොහෙද , ඇමති රොෂාන් රණසිංහ,, පොලොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කරලා , සිරිපාල ගම්ලත්, දිස්ත්‍රික් නායකයා කරන්න BR තීරණේ කරලා කියලත් කියනවා.

ඔන්න ඒ නිසාම මෙච්චර කාලයක් සද්ද නැතුව හිටපු සිරිපාල ගම්ලත් උන්නැහෙත් කට ඇරලා . බැසිල් රාජපක්ෂ අද හෙටම නැවතත් පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව බව මීඩියා වලට කියලා. ඒ විතරක් නෙවෙයි, රොෂාන්ටත් ෂොට් එකක් දීලා. ඒ මෛත්‍රිපාල සිරිසේන සමග නොගිය ජනතාව රොෂාන් රණසිංහ සමග යාවිදැයි බලාපොරොත්තු වෙන්න බෑ කියලා.

මේවා ගැන පොහොට්ටුවේ උදවිය නම් කියන්නේ "අපේ සමහරුන්ගේ කට ඇරවන්න පට්ටමක් දෙන්නම වෙලා " කියලා.

- දේශපාලන වාර්තාකරු

වැසි සහිත කාලගුණය තවදුරටත් : නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු අඟවීම් නිකුත් කෙරේ

දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය, තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, තාවකාලිකව ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශය පියවර ගන්නා ලෙසය.

නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු අඟවීම්

තවද, දිස්ත්‍රික්ක 6ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු අඟවීම් නිකුත් කර තිබේ.

ඒ, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධාන විසිනි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක මෙසේය.

කොළඹ, ගාල්ල, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල

Page 188 of 386