විනෝදාස්වාද

රටවල් 3ක බලාපොරොත්තු
ආසියානු කුසලාන 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රි ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ පෙරමුණේ පසු වන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවේ.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ සුපිරි 4දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබයි.
ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 71කට වැඩි සංඛ්‍යාවකින් හෝ පන්දුවාර 11යි එක් පන්දුවකට පෙර ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමවලට එම අවස්ථාව හිමි වේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට අඩු ලකුණු සංඛ්‍යාවකින් හෝ අඩු පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී පරාජයට පත්වුවහොත් දෙවන වටයට ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුදුසුකම් ලබයි.

හොංකොං පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ(15) සමත් වුණා.
ඒ හොංකොං කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට හිමි වු ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 06 පමණක් දැවී ලකුණු 153ක් ලකුණු පුවරුවේ සටහන් කරමින්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය පැතුම් නිස්සංක 17 වැනි විස්සයි 20 අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් වු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු ලෙස ද වාර්තා අතරට එක් විය.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත් අතර නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේය.
කුසල් පෙරේරා ලකුණු 20 යි
පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගිමට හොංකොං ආරම්භක පිතිකරුවන් සමත් විය.
දුෂ්මන්ත චමීර ගේ පන්දුවක් හමුවේ සෙශාන් අලි දැවී යාම හේතුවෙන් එම සබඳතාව බිඳ වැටුණේය.
දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

හෙට දවසේ උඩුයටිකුරු වෙන ආසියානු කුසලානය
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 'B' කාණ්ඩයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය හෙට (18) අබුඩාබි හිදී පැවැත්වේ.
මෙය 'B' කාණ්ඩයෙන් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය තීරණය කිරීමට පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයකි.
ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටින බැවින්, ඔවුන් දැනටමත් සුපිරි 4 වටය පෙනෙන මානයටම පැමිණ සිටියි.
ඒ අනුව හෙට තරගය ද ජයගතහොත් අපරාජිත කණ්ඩායමක් ලෙසින්ම සුපිරි 4 වටයට යාමට ශ්‍රී ලංකාවට හැකිවේ.
ඒ හැරෙන්න ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක් නොලැබීම ද ඔවුන්ට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව ඇත.
'B' කාණ්ඩයෙන් තරග කළ හොංකොං කණ්ඩායම ක්‍රීඩාකළ තරග 3ම පරාජය වූ බැවින් ඔවුන් දැනටමත් තරගාවලියෙන් ඉවතට වී ඇත.
ශ්‍රී ලංකාව පරාජය වුවත් තරගාවලියේ රැඳි සිටිය හැකි ආකාරය
ඇෆ්ගනිස්තනය පළමුවට පන්දුවට පහර දී ලබාදෙන ඉලක්කය ශ්‍රී ලංකාව හඹායාමට නොහැකි වුවත්, එම පරාජය ලකුණු 71කට නොවැඩි විය යුතුය.
නැතහොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 11.1කට අඩුවෙන් (පන්දු 53ක් ඉතිරිව තිබියදී) හඹායාමට අවස්ථාවක් ලබානොදිය යුතුය.
ඇෆ්ගනිස්තායට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව
ශ්‍රී ලංකාවට එරෙහිව අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ශුද්ධ ලකුණු අනුපාතය අනුව බංග්ලාදේශය අභිබවා පැමිණිය යුතුය.
කෙසේ නමුත් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යෙන් ඉවත්වන අතර, බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගනු ඇත.
බංග්ලාදේශයට සුපිරි 4ට පැමිණීමට ඇති හැකියාව
බංග්ලාදේශ කණ්ඩායමේ ඉරණම තීරණය වී ඇත්තේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තානය තරගයේ ප්‍රතිඵලය මතය.
ඔවුන් මේ වනවිට ලකුණු 4ක් හිමිකරගෙන සිටින බැවින් හෙට තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය වුවහොත් ඔවුන් අභියෝගයක් නැතිවම සුපිරි 4ට සුදුසුකම් ලබයි.
Ada derana.lk

ශ්‍රී ලංකා - හොංකොං T20 ක්‍රිකට් තරඟය අද..
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.
Page 1 of 45