නොරොච්චෝලේ ඒකක තුනෙන් දෙකක් වැඩ නෑ !

නොරොච්චෝලේ ඒකක තුනෙන් දෙකක් වැඩ නෑ !

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි.

මෙම ඒකකය හරහා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් එක්කරනු ලැබුවක් බවත් වාර්තා වෙයි.

එසේම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන ඒකක ත්‍රිත්වයෙන් තවත් ඒකකයක් මීට පෙර තාවකාලිකව අක්‍රීය කර පවතී.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ඒකකය පසුගිය ජුනි මාසයේදී මෙලෙස අක්‍රීය කරනු ලැබීය.

ඒ අනුව මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වන්නේ එක් ඒකකයක් පමණි.

එම ඒකකයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක් එක්කරයි.

මේ අතර දිවයින පුදා අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි බල මණ්ඩලය විසින් සහතික කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කුමන ආකාරයක හෝ විදුලි කප්පාදුවක් සඳහා සැලසුමක් නොමැති බවය.

එසේම පැය 24ක අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය අතිරේක විදුලිය සපයා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇති බවත් එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න