Language Switcher

V2025

විරෝධතා රැල්ල මිලානෝවට : නොසිතූ සිද්ධියකුත් සිදුවෙලා !

ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ආරම්භ වූ "පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකිරීම හා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම" මැයෙන් සංවිධානය වී යුරෝපය හා ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය පුරාද දැවැන්ත ජන සහභාගීත්වයෙන් ඉදියට යන විරෝධතා රැල්ල ඊයේ (10) වන දින මිලානෝ චෙන්ත්‍රාලේ ( Milano Centrale ) හිදී අති සාර්ථකව අවසන් විය.

නොසිතූ සිද්ධියක් උද්ඝෝෂණය අතරවාරයේ සිදුවෙලා..!

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර මහත් ජනප්‍රිය ක්‍රීඩාවක් වන ''එල්ලේ' තරගාවලියක් එදිනට සංවිධානය වී තිබුනද 350කට අධික ජන සහභාගීත්වයකින් අති සාර්ථකව උද්ඝෝෂණය සාර්ථක විය. 

තවද උද්ඝෝෂණය සාර්ථක කරගැනීමට ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය මෙන්ම ඉතාලියේ රෝමය, නාපෝලි, ජෙනෝවා, වෙරෝනා, සිසිලියා, මෝදනා ෆිරෙන්සි යන නගරවල සිට කිලෝමීටර් දහස් ගණන් ගෙවා දමමින් පැමිණීම ඉතා සුවිශේෂී වූ අතර, පැමිණ සිටි පිරිස් අතරින් ඉතා සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් විය..

"මල් කැකුළු වන් අහිංසක දරු පැටවුන්ද සමග ජීවිත 269ක් අහිමි කළ ඒ කුරිරු මිලේච්ඡ ප්‍රහාරය හරහා අහිමිවීමේ වේදනාව බල අරගලය වෙනුවෙන් දේශපාලන වේදිකාවේ විකිණූ ආකාරයත් එකී අවස්තාවේ අහිමිවීමේ වේදනාවෙන් සුනුවිසුනු වූ හදවත් අතිශය ජාතිවාදී මඩගොරුවට ඇද දමමින් වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම යනුවෙන් සිදුකලේ දේශපාලන ක්‍රීඩාවේ බලය වෙනුවෙන් කළ නින්දිතම ක්‍රියාවක් බව මේ වනවිට හොඳින් අවබෝධ කරගෙන ඇති නිසාවෙන්, පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිකොට වින්දිතයින්ට යුක්තිය ඉටු නොකොට කිසිසේත්ම විරෝධතා අරගලය නොනවත්වන බවත්, ඉතාලියේ සෑම නගරයකින්ම අවමය දෙදෙනකු (02) හෝ ජාති,ආගම්,පක්ෂ,පාට භේදයකින් තොරව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙමින් ඉදිරියේ සංවිධානය කරණු ලබන සියළුම උද්ඝෝෂණ වෙනුවෙන්,අවශ්‍ය පහසුකම් ( නගරයෙන් නගරයට එන පිරිස් වෙත ආහාර,නවාතැන් ) සපයමින් පොදු අරමුණ සාර්ථක ජයග්‍රහණය කරා මෙහෙයවීමට එකමුතුව එක්සත්ව කටයුතු කරන යෝධ පවුරක් ලෙසින් එක්වන බවත්ය"

රැවටුනා හොඳටම ඇති, තවදුරත් අපිව බෙදන්න එන්න එපා.!

තවද විරෝධතාවට එක් වූ පිරිස් අතරින් බහුතරය වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබාදුන් අයවන අතර, ඔවුන් උස් හඬින් පවසා සිටියේ, 'අපට වැරදුනා අපි තව දුරටත් බෙදන්න එපා, බෙදෙන්නෙත් නෑ' වින්දිතයින්ට යුක්තිය ඉටුකරන සටනේ එකමුතුවත් සමගියත් රට වෙනුවෙන් පුළුල් පවුරක් සේ පෙරටම යන බවත්ය.

( ඊ ළඟ උද්ඝෝෂණය ලන්ඩන් නුවර පාර්ලිමේන්තු පරිශ්‍රය අසල ඔක්තෝබර් 16වන දින, වෙරෝනා ඉතාලිය ඔක්තෝබර් 23වන දින. )

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.