සේයා රැ

යුධ හමුදාපතිට රුසියාවෙන් හරසර
රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට මොස්කව් නුවරදී එරට හමුදා ගෞරවාචාරය පුද කෙරිණ.
රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර රුසියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත කළ ආරාධනයකට අනුව මෙම සංචාරය නියැළී ඇත.
රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා (25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ (Alexandrovsky Garden of Moscow Kremlin) පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කර දිවිපිදු රුසියානු හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරන ඇත.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදුකරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර ඇත.
http://newstube.lk/news/photo-story#sigProId9811c7912a

දරුවන්ගේ සුවදුක් සොයා.......
අරගල බිමේදී ප්‍රහාරයන්ට ලක්ව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා රෝහල කරා ගිය අයුරු..................
http://newstube.lk/news/photo-story#sigProIdc92fa09c30

ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය දෙරටේ හමුදා ප්‍රධානීන්ගේ නිරීක්ෂණයට
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලලේදී අද (15) උදෑසන පැවැත්වූ ඉන්දීය ශ්‍රීලංකා යුද හමුදා ඒකාබද්ධ 'මිත්‍රශක්ති' යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය නැරඹීම සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූහ.
පුරා සති දෙකක කාලයක් පැවැත්වූ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 120 ක භටපිරිසක් සහභාගී වූහ.
http://newstube.lk/news/photo-story#sigProIde86c49ec11

#GohomeGota2022
http://newstube.lk/news/photo-story#sigProIdb7e5fee707

‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයකට එක් වෙයි
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.
අද (21) උදෑසන එම නෞකාව කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි.
එය Electromagnetic Research Vessel වර්ගයට අයත් නෞකාවක් වන අතර එය දිගින් මීටර් 102.40කි.
එහි කාර්යමණ්ඩලය 107ක ගෙන් සමත්විතය.
මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Augustin Blanchet කටයුතු කරයි.
එමෙන්ම Dupuy de Lome නෞකාව දිවයිනේ රැදී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළු දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සදහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, " Dupuy de Lome නෞකාව 2023 ජුනි මස 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

අධ්‍යාපනය අයිතියක්!!!
ආණ්ඩුව විසින් පෞද්ගලිකකරණය ඉදිරියට ගෙනයාම පිණිස ගෙන ආ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතා මාලාවක් සංවිධානය කරණ ලදී.
අද (29) මෙම විරෝධතා මාලාවේ ආරම්භය ලෙස, ගාල්ල, කළුතර, නුවර, කුලියාපිටිය, කිරිබත්ගොඩ, කෑගල්ල හා තංගල්ල යන නගරවලදී විරෝධතා පැවැත්වුුු. මෙම ඡායාරූප ඒ අවස්ථාවල වාර්තාකරණයයි.
http://newstube.lk/news/photo-story#sigProIdf051e158b3