ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
ඒ මිද්දෙණියේදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට අදාළව ඹහුගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබීම හේතුවෙන්.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් පක්ෂයක් වශයෙන් එවැනි චෝදනාවන්ට ලක් වන්නන්ට කිසිඳු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවත් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් පවසයි.