V2025

පුවත්

ප්‍රියමාලිගේ වැඩි පොලියට බ්ලැක් මේල් වෙච්ච නඩේ ප්‍රසිද්ධ භික්ෂූවක් : ශිරන්තිත් ගෑවෙයි !

ඔන්න ඔය කතා අස්සේ, ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙක් එක්කම ඩීල් දාපු, ප්‍රියමාලි කියන කාන්තාව CID එකෙන් ඇරස්ට් කරලා. ඊයේ හවස රිමාන්ඩ් කරලා.

විදේශ රටවල මුදල් නැත්පතු සහ, නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන්, ලාභදායී පොලි මුදලක් දෙනවා කියල තමයි ඔය කාන්තාව වැඩේ දිගටම කරගෙන ගිහින් තියෙන්නේ ..

වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ 34 තට්ටුවේ තමයි, ඔෆිස් එක දාගෙන ඉඳල තියෙන්නේ .. එකට මාසෙකට ලක්ෂ 16ක් ගෙවල තියනවලු ..

දේශපාලකයෝ විතරක් නෙමෙයි. කෝටිපති ව්‍යාපාරිකවෝ, සුප්‍රසිද්ධ වෛද්‍යවරු, ඇතුළු ඔය වෘත්තීය වේදියෝ සැහෙන පිරිසක් මේ සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් දීලා තියනවා ලු..

කාලයක් තිස්සේ මෙයා මේ ගේම ගහගෙන ඇවිල්ලා කියලයි කියන්නේ . කට්ටියගෙන් සල්ලි ගලවන්න විශ්වාසය දිනාගන්න ඉස්සර ශිරන්ති රාජපක්ෂ මැඩම්ව හිටං පාවිච්චි කරලා කියලයි කියන්නේ .. දැන් වෙනකොට ආණ්ඩුවේ දේශපාලනඥයින් පවා වැඩේට පාවිච්චි කරලලු.

කොහොම හරි ගත්ත මුදලට ලාභදායි පොළී මුදලක් ගෙවපු නැති නිසා, කෝටිපතියන් 10 දෙනෙක් විතර CID එකට පැමිණිලි කරලා..

මේ කාන්තාවට අහුවෙච්ච කට්ටිය අස්සේ ජනප්‍රිය චරිත ගොඩයි ලු.

ඩොලර් හුවමාරුවක් කරන්න, ජ්‍යෙෂ්ඨ චිත්‍රපටි නළුවෙක් මිලියන 100කට වැඩිය මේ කාන්තාවට දීලා ලු.. එයා විතරක් නෙමෙයි, ඒ නළුවාගේ නෝනා මහත්තයත් ඒ වගේම ගානක් දීලා ලු..

ජනප්‍රිය නිළියකුත් මිලියන ගණනක් දීලා .. ඔය එක දොස්තර කෙනෙක් දීලා තියන ගැන මිලියන 750 ක් ලු.. , මුදල ඇය වංචාසහගත ලෙස ලබාගත්ත කියල තමයි, මුලින්ම ඔය දොස්තර CID එකට කම්ප්ලේන් කරලා තියන්නේ..

ජනප්‍රිය සාදු කෙනෙකුත් මිලියන 400ක් විතර දීලලු.. උන්වහන්සේගේ V 8 ජීප් එක තමයි ඔය තරුණ කාන්තාවට දීලා තියෙන්නේ . ඒ කාන්තාව සාදුගේ වාහනේ විකුනලා.

කතාවේ හැටියට බිලියන 3ක් විතර එහාමෙහා වෙලා ලු..

සැකකාරිය අත්අඩංගුවට ගත්තත් එක්කම, එතුමත් තමන් දාපු කෝටි ගණක සල්ලි ටික ගන්න පොලිසියට බලප්ම් කරනවා කියලත් ආරංචියි..

බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි වාහන වලින් තමයි ලු , ඔය නෝනගේ ගමන් බිමන් සේරම.. ආරක්ෂා කිරීම සඳහා වෙනම ම බොඩි ගර්ඩ්ලා සෙට් එකක් ඉන්න වලු.

සැකකාරියට අවි සහිත හිටපු කමාන්ඩෝ ආරක්ෂක භටයන් සමග සුපිරි ආරක්ෂාවක් ලබාදීල තියන්නේ සුප්‍රසිද්ධ සිකුරිටි එකකින් ලු..

 විදේශ ව්‍යාපාරවල තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි දේ කියමින්, දිවයිනේ සුප්‍රසිද්ධ කෝටිපතියන් ඇසුරු කරලා තියන මේ සැකකාරිය, ඔවුන් සමග කාලය ගත කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනත් CID එකට ලැබිල ලු. .

සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයන් ‘බ්ලැක් මේල්’ කරමින් ද මුදල් ලබාගෙන තියනවා කියලත් කියනවා.

සැකකාරිය ඇසුරු කරලා තියෙන්නේ එකට කාලා බීලා තියෙන්නේ , කෝටිපතියන් එක්ක විතරමුලු.

එයාට අහුවෙච්ච ශ්‍රී ලාංකික ජනප්‍රිය කෝටිපතියන් රැසක් ගැන මේ වෙනකොට CID එකට තොරතුරු දීල තියනවා ලු..

පේනවා නේද ඔය විද්වත්තු, බදු ගෙවන එකෙන් කට්ටි පැනපැන කරන වැඩ..

- දේශපාලන වාර්තාකරු

සද්දෙ දැම්මට වැඩක් නෑ : කතානායක සජිත්‍ට කියයි !

ඔබතුමා සැරට කතා කළාට මට කාලය දෙන්න නම් කොහෙත්ම බැහැ" යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය අනුව පැස්කුවල් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදීය.

මෙහිදී වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් අදහස් දැක්වූ අනූප පස්කුවල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා එහි සමාජිකයන්ගෙන් නොවිමසා අත්තනෝමතික තීන්දු තීරණ ගන්නා බවයි.

එම තීරණ හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා
සිද්ධිය පිළිබඳව විශේෂ කාරක සභාවක් පත්කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් :

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදියට හර්ෂද සිල්වා ගේ ක්‍රියා කලාපය පිළිබඳව අපට බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා අපේ වරප්‍රසාද බරපතළ ලෙස කඩ කර තිබෙනවා. සභාපතිවරයා මුදල් කාරක සභාවේ විෂය පථයට අදාළ නොවන කරුණු විභාග කරමින් අත්තනෝමතිකව ක්‍රියාකර තිබෙනවා. ඒ වගේම සභාපතිවරයා කමිටු සාමාජිකයන්ගේ අදහස් විසීමකින් තොරව ඇමැතිවරයාගේ ඉල්ලීම අනුව ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා වැඩිදුර විමර්ශනයක් කරලා තියෙනවා. කමිටු සමාජිකයන්ගේ මත විමසීමකින් තොරව සමාජිකයන්ගේ නම් ඇතුළත් කරමින් සභාපතිවරයාට නොමැති බලයක් ආරූඪ කරගෙන ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයන්ට දඩුවම් පමුණුවලා තියෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල උපකාර ලබන පර්යේෂණ ආයතන කිහිපයක් වෝටර්ස්ඒජ් හෝටලයට කැඳවා කමිටු සමාජිකයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්මන්ත්‍රණ පවත්වලා තියෙනවා. පාර්ලිමේන්තු දේපළ අවභාවිතා කරමින් පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ සහිත කැඳවීම් ලිපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යොමුකරලා තියෙනවා. මන්ත්‍රීවරුන් එම හෝටලයට ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදාගෙන තියෙනවා.

කතානායකවරයා ;

අපි මේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.එතනදි ප්‍රශ්නය විසඳාගන්න.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා -

මම පැස්කුවල් රාජ්‍ය ඇමැතිවරයගේ කතාව ඇහුවා. එහෙත් මුළු කතාවම ඇහුණේ නැහැ. මම කරුණු තුනකට පිළිතුරු දෙන්නම්.

කතානායකවරයා-

අප ඒ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා.එතැනදී ඒක විවාද කරාවි. කමිටුව ඉදිරියේ පිළිතුරු දෙන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස :

හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදියට එතුමාට අයිතිය තිබෙනවා මේ රට බංකොළොත් වුණ ආකාරය මේ රටේ සිදුවන දූෂණ අක්‍රමිකතා ගැන පරික්ෂා කරන්න.

කතානායකවරයා-
ඒ වුණාට දැන් ඒ ගැන කතා කරන්න දෙන්න බැහැ. එය වරප්‍රසාද ප්‍රශ්නයක්.

චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා :

මුදල් කාරක සභාවේ සමාජිකයන් හැටියට සභාපතිවරයා සහ සාමජිකයන් මේ රටේ නීතිය, විනිවිදභාවය ආයතනවල කාර්යක්ෂමතාවය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන කොට ඒවාට සම්බන්ධ දූෂිතයන් ඒ කටයුතු වලක්වන්න, නවත්වන්න කටයුතු කරනවා.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා -

මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න කියලා ඇමැතිවරයා ලිඛිතව ඉල්ලා සිටියා. ඒ අනුව තමයි මම කතානායකවරයා හමුවෙලා ඒ පිළිබඳව උපදෙස් ලබා ගෙන කටයුතු කළේ. නැතුව මගේ හිතුමතේට, බලයක් ආරූඩ කරගෙන නෙවෙයි. ඕනෑම පරික්ෂණයක් කරන්න. ඒකට මම සූදානම්

ජිනීවා ගැන ජීඑල් ගේ ප්‍රකාශය : පව් සමාවක වැමෑරිල්ලක් !

ජත්‍යන්තරට දුන් පොරොන්දු කඩකිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සලය අපේ රටට එරෙහිව ගොස් ඇති බව මහාචාර්ය ජි.එල් පීරිස් පවසයි .

හිටපු විදේශ ඇමැතිවරයකු වු මහාචාර්ය ජි.එල් .පිරිස් ඊයේ(6) දින පාර්ලිමේන්තුව අමතමින් මේ අදහස් දැක්වූ අතර ඒ මෙසේය .

අපිට ආධාර අවශ්‍ය නම් අපිට ජාත්‍යන්තරය සමඟ සුහද සම්බන්ධතාවයක් අවශ්‍ය නම්, අපි ජාත්‍යන්තරයට දෙන පොරොන්දු ඉෂ්ට කරන්න ඕනා. මම මාස දෙකහමාරකට ඉස්සෙල්ලා මේ රටේ විදේශ ඇමැතිවරයා හැටියට, එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිදි මම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා.අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත සංශෝධනය කරනවා,සමස්ත පනත පූර්ණ වගකීම අපි භාජනය කරනවා.එසේ කරන තුරු ත්‍රස්තවාදී පනත අපි පාවිච්චි කරන්නෑ කියන, පොරොන්දුව ප්‍රතිඥාව වගකීමෙන් යුක්තව මේ රටේ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි අපි ඒ පොරොන්දුව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට දුන්නා.ඊට පස්සේ මොකද්ද උනේ ඒ පොරොන්දුව අපි අමු අමුවේ කඩ කළා පමණක් නොව,ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති අවස්ථාවක් සම්බන්ධයෙන් අපි ත්‍රස්තවාදී වැලැක්විමේ පනත පාවිච්චි කරා.එකේ ඵල විපාක තමයි අද හවස අපි අත්විදින්නේ

. දැන් ඒ, ශ්‍රී ලංකාවට විරුද්ධව රටවල් 35ක් විතර ඉදිරිපත් කරලා තියෙන යෝජනාව කියවල බැලුවොත්. ඒකෙ ඡේද කිහිපයක් තියනවා. ත්‍රස්තවාදී වැලැක්විමේ පනත වැරදි විදියට භාවිතා කරනවා.ඒ තුළින් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් වලට ලොකු හානියක් ප්‍රහාරයක් එල්ල වෙනවා.

මේ සියල්ලක්ම අපි ඉල්ලලා කාපු දෙයක් හැටියට මම මේ ගරු සභාවේ සඳහන් කරනවා.අපි පොරොන්දු දුන්නා පොරොන්දු උල්ලංඝනය කළා, ඉතින් ඒ ක්‍රියා පටිපාටියේ සෘජු ප්‍රතිඵල තමයි අද උද්ගත වෙලා තිබෙන්නේ.ඉතින් එම නිසා මම ගෞරවයෙන් කියනවා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කරපු යෝජනා අපේක්ෂාවන් ඵලදායි වෙයි කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි එසේ කිරීමට නම්,අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් දෙනවා නම්.ඒක වගකීමක් ඇතිව දෙන්න ඕන ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. ඉෂ්ට කරන්න බැරිනම්, ඒ පොරොන්දු දෙන්න හොඳ නෑ.එතකොට අනාගතය පිළිබඳ දෙන්න පුළුවන් පොරොන්දු පිළිබඳව කිසිම විශ්වාසයක් ඇති වන්නේ නෑ දැන් මේ අවස්ථාවේදී 51වන සැසිවාරයේ ගරු අලි සබ්‍රිරි විදේශ ඇමැතිතුමා කිව්වා. සත්‍ය සොයා ගැනීමේ යාන්ත්‍රණයක් අපි ඉදිරිපත් කරනවා කියලා. ඉතින් එහෙම පොරොන්දුවක් සම්බන්ධයෙන් අපි විශ්වාසයක් දිනාගන්නවා ද?, ඉස්සෙල්ලා දුන් පොරොන්දු කිසිසේත් අපිට නොකළා නම්, ඒවා කඩ කළා නම්, එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අනාගතයේ දෙන පොරොන්දු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් තබයි කියලා.

ජී එල් පව් සමාවක් වමාරයි !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු විදෙස් අමාත්‍යවරයකු වූ ජී එල් පීරිස් මන්ත්‍රීවරයා ගේ මේ ප්‍රකාශය පව් සමාකිරීමකට සමාන බවයි.

ජිනීවා මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විශ්වීය පිළිගැනීම් සම්මුති සහ එකඟතා ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීමට මෙතෙක් ජී එල් මන්ත්‍රීවරයා නඩත්තු කළ "රාජපක්ෂ වාදය " වගකිවයුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

අරගලය නොවෙන්න ජී එල් අමාත්‍යවරයා අදටත් එකී මතවාදය පෝෂණය කරමින් සිටීමට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළ නොහැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

 

 

ආර්ථික ස්ථායිකරණයේ වගකීම පාඨලීට : යෝජනා කළේ වජිර !

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (07) පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.

මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙල හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.

රණවක මන්ත්‍රීවරයා ගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

– media unit

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් !

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි.

දේශගුණික විපර්යාසයන් හා ආර්ථිකයට අදාළ ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවාදය පැවැත්විණි.

කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් ජය ගැනීමේ ක්‍රියාවලියේදී සියලුදෙනා සාමූහිකව එක් විය යුතු බව පැවසූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ශ්‍රී ලංකාව දැනටමත් පරිසර සහ වායු දූෂණය අවම කර ගැනීමට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇතැයි ද පැවසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව දැනට ඉතාම දුෂ්කර ආර්ථික තත්වයක් පසු කරමින් සිටිනවා. එය අප නිදහස ලැබුවාට පසු හටගත් විශාල ම ආර්ථික අර්බුදයයි. සමාජ ආර්ථික වශයෙන් ඉතාමත් ඉක්මනින් මේ තත්ත්වය ප්‍රතිසංස්කරණය කර ගත යුතුව තිබෙනවා.

අපේ රට දූපතක්. ඒ නිසාම අපි කාලගුණික සහ දේශගුණික විපර්යාස වලට ඉක්මනින්ම ගොදුරු වෙනවා. මේ තත්ත්වය කාලයෙන් කාලයට වර්ධනය වෙමින් යනවා. විශේෂයෙන්ම ජලය මූලික කර ගත් ව්‍යසනවලට අපි මුහුණ දෙමින් සිටිනවා.

ලෝකයේ වැඩියෙන්ම කාලගුණික සහ දේශගුණික අවදානම්වලට ලක්විය හැකි රටවල් දහය අතරේ අප සිටින බව ගෝලීය කාලගුණික අවධානම් දත්ත පොතේ 2018 නිකුත් කළ වාර්තාවන්ට අනුව සඳහන් වෙනවා.

රටේ මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් පවතින මොහොතකදී දේශගුණික විපර්යාසත් සිදුවීමේදී පවතින තත්වය කළමනාකරණය කර ගැනීමට අපහසු වෙනවා. විශේෂයෙන්ම දේශීය සම්පත් මත යැපීමේ අවශ්‍යතාවය අපේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා අවශ්‍යව තිබෙනවා.

උදාහරණයක් වශයෙන් කෘෂිකර්මාන්තය,ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි අංශවල දී මේ තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. මේ තත්ත්වයන් තුළ දී කාලගුණය මගින් හටගන්නා විවිධ දුෂ්කරතා නිසා, අපේ ජන ජීවිතයට හානි වන අතරම ආර්ථිකය ආපස්සට යෑමක් සිදුව තිබෙනවා.

හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබෙනවා. පසුගිය වසරේ වායු විමෝචනය අවම කරගැනීම සඳහා අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තම බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම 2050 වර්ෂය වන විට ගල් අඟුරුවලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම නවත්වන්නට තීරණය කර තිබෙනවා. මේ ඉතාම වගකිව යුතු තත්ත්වයක්. මේ සඳහා ඉතා ශක්තිමත් සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් සහ මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි.

තවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ අප කාබන් ශූන්‍ය කිරීමේ වැඩසටහනක් සහ ඒ සඳහා වූ ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සකස් කරමින් සිටිනවා. ඒ තුළින් තමයි අපි අපේ පරිසරය සම්බන්ධව තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ.
මෙම කාබන් ශූන්‍ය කිරීමේ වැඩපිළිවෙළේ දී බලශක්ති නිෂ්පාදන අංශයට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. ඒ වගේම ජාතික කාලගුණික වෙනස්කම් ප්‍රතිපත්තියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

කාලගුණය සහ දේශගුණය සම්බන්ධව ගන්නා හැම තීරණයක්ම ප්‍රතිපත්ති මත තීරණය විය යුතු බව අප තරයේ විශ්වාස කරනවා. එසේ වුවත් තවත් විශාල කාර්යභාරයක් ඉටු කරන්නට අපට ඉතිරි වෙලා තිබෙනවා.

මෙතැනදී තමයි මේ දේශගුණික මූල්‍ය සංකල්පය වැදගත් වන්නේ. සියල්ලක් වෙනුවෙන්ම මුදල් අවශ්‍යයි. එනිසා මේ මොහොතේ වඩා වැදගත් වෙලා තියෙන්නේ දේශගුණික මූල්‍යකරණය කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. මේ කාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මේ කරුණ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ අපි දැනටමත් එකතු වෙලා ඉන්නවා. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර ජාතික මූල්‍ය වැඩපිළිවෙළක් සඳහා යොමු වෙමින් ඉන්නවා. මේ සඳහා "බයෝ ෆින්" (BIOFIN) සහයෝගය ලැබෙනවා.

මා මේ දක්වා පැහැදිලි කළ කරුණු සමග තවත් එක් අවසන් කාරණයක් සඳහන් කරන්නට තිබෙනවා. දේශගුණ විපර්යාස ගැන සාකච්ඡා කිරීමේදී අඩු කාබන් ප්‍රතිශතයක් පවත්වාගෙන යෑම, අවදානම් දැනුම් දීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, යන කරුණු සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීම යන කාරණා සම්බන්ධව අවධානය යොමු කරන බව සඳහන් කරන්නට කැමතියි.

IMG 20221007 WA0008

නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටුකිරීමට කැපවන්න - ජනාධිපති

වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ප්‍රචාරණයක් නොමැතිව කිසිවක් සාර්ථක කරගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට කැපවන්නැයි සියලු මාධ්‍ය ලේකම්වරුන්ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමිනි.

පෙර දැනුම්දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ජනගත කිරීමේ දී ප්‍රමුඛ වගකීමක් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන්ට පැවරෙන අතර එහිදී රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙනයාමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍ය අංශය හා අමාත්‍යාංශ අතර ප්‍රශස්ත සම්බන්ධීකරණයක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙම වැඩමුළුවේදී මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය ,

මෙවැනි වැඩමුළු පැවැත්වීම කාලෝචිත පියවරක් බව කිව යුතුයි. මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැන් කතා කළා ඇති. ඒ කතාවල හරය රටට ලබාදීමයි දැන් තිබෙන්නේ.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටට දන්වන්න තිබෙනවා. අපි ඉතා අසීරු කාලයක ඉන්නේ. මම හිතන්නේ 20 වන ශතවර්ෂයේ නෙවෙයි ඊට පෙරවත් මෙවැනි තත්ත්වයකට අප මුහුණ දී නැහැ. අපිට මෙයින් ගොඩඑන්න තිබෙනවා. ජනතාව බොහෝ දෙනෙක්ට බලාපොරොත්තු නැති වෙලා තිබෙනවා. අපි ඒ තත්ත්වය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද කියා සඳහන් කළයුතුයි.

රටේ තිබෙන ප්‍රශ්න ගැන අපි අවධානයෙන් ඉන්නේ, හැම ප්‍රශ්නයකටම දැනට විසඳුම් සොයන්න බැරි වුණත් අපි ඒ ප්‍රශ්න ගැන දන්නවා. ඒ පිළිබඳ ජනතාවට පණිවිඩයක් ලබා දිය යුතුයි. හැමකෙනාම දැන ගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. වැරදි මත තිබෙනවනම් ඒවා නිවැරදි කරගන්න ඕන. මේ අසීරු කාලයෙන් අපි ගොඩඑන්න ඕන. රටේ අස්ථාවර භාවයක් තිබුණොත් ගොඩඑන්න බැහැ. රටේ ස්ථාවර භාවයක් තිබෙන්න ඕන. ඒ ස්ථාවර භාවය ඇති කරන්න ඕන නිවැරදි තොරතුරු ලබා දීලා.

අද විද්‍යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් නොවෙයි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ සමාජ මාධ්‍යයෙන්. එහි හොදයි, නරකයි දෙකම තිබෙනවා. ඒක මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නයක්. අපිට එය විශේෂයෙන්ම බලපාන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඔබ සියලුදෙනාට මේ වගකීම ඉෂ්ට කරන්න තිබෙනවා.
ඔබේ වගකීම නිසි ලෙස ඉටු නොකළහොත් මුළු රටටම තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ අද හමුවන්නේ ඒ පණිවිඩය ලබාදීමටයි. මෙම වැඩමුළුවට සියලු මාධ්‍ය ලේකම්වරුන්ට ආරාධනා කර තිබෙන බව මට දැන ගන්න ලැබුණා. නමුත් පැමිණීමේ ලේඛනය අනුව අද මේ සඳහා සහභාගී වී සිටින්නේ 83%ක පමණ පිරිසක්. ආවේ නැත්තේ කවුද කියලත් හොයන්න ඕන. මොකද මේ අයට වගකීමක් පැවරී තිබෙනවා. කොහොමද මාධ්‍යයට කරුණු පැහැදිළි කරන්නේ, කොහොමද වැරදි මත නිවැරදි කරන්නේ, ඒ සඳහා විශාල ප්‍රචාරන ව්‍යාපාරයක් ගෙනියන්න තිබෙනවා. ප්‍රචාරය නැතිව කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.

මීට අමතරව තවත් වැඩසටහන් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි. ඒ තමයි නිදහසින් පසු 75 වන සංවත්සරය පවත්වන්නේ ලබන වසරේ. ඒ වගේම ලබන සතියේ සිට හිටපු කතානායකතුමාගේ අදහසක් අනුව ජනසභා ඇති කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කරලා තිබෙනවා. මෙලෙස විශාල වැඩකොටසක් තිබෙනවා. ඒ ගැන ප්‍රචාරයක් ලබා ගැනීමට තමයි මෙවැනි වැඩසටහන් සංවිධාන කරන්නේ.

ඒ වාගේම මම යෝජනා කරලා තිබෙන්නේ මාස 03කට පමණ සැරයක් මෙම පිරිස කැඳවලා සාකච්ඡා කරන්න. මේ වැඩසටහන කරන අපේ මාධ්‍ය අංශ භාර ප්‍රධානීන්ට මෙන්ම ලංකාදීප ප්‍රධාන කර්තෘතුමාට මම ස්තූතිවන්ත වෙනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගේ මගපෙන්වීමෙන් සංවිධාන කර තිබූ මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

22 සංශෝධනයේ විවාදයට දින නියම වෙයි !

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට අද (7) තීරණය කර ඇත .

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ ය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඔක්තෝබර් 6-7 දෙදින පැවැත්වීමට පෙර තීරණය කර තිබිණ.

නමුත් පක්ෂ නායක රැස්වීමේදී ගනුලැබූ තීන්දුවක් අනුව එය කල්තැබිණ.

එසේම 2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට කිරීමටද( පළමු වර කියවීම) එම කාරක සභාව තීරණය කර ඇත.

 

ලංකා ආර්ථිකය ගැන ලෝක බැංකුව කියයි !

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි.

දකුණු ආසියානු රටවල්වල ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුව වසරකට දෙවරක් වාර්තා නිකුත් කරන අතර ඊයේ (ඔක්. 6) නිකුත් කළ ඔවුන්ගේ නවතම වාර්තාව වන Coping with Shocks: Migration and the Road to Resilience මේ බව සඳහන් කර තිබේ.

COVID-19 වසංගතය සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් වාර්තාගත ලෙස ඉහළ ගිය භාණ්ඩ මිල ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදු කළ බව එම වාර්තාවේ දැක්වේ.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් වන බව ය.

එමෙන් ම, ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ත් සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ම දිළිඳුම සහ වඩාත් ම අවශ්‍යතා ඇති අය ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ත් එහි සඳහන් කර ඇත.

අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ගෝලීය ආහාර හා බලශක්ති මිල ඉහළ යාම සහ කලාපයේ ආහාර අනාරක්ෂිතභාවය අයහපත් අතට හැරවූ වෙළඳ සීමා කිරීම් හේතුවෙන් දකුණු ආසියාවේ උද්ධමනය මේ වසරේ සියයට 9.2 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

ඒ හේතුවෙන්, කලාපයේ වර්ධනය අඩාල වෙමින් පවතින බව ත් රටවල්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ අවශ්‍යතාව ලෝක බැංකුව සිය වාර්තාව මගින් අවධාරණය කර ඇත.

ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ 2021 සහ 2022 වසර අතර දරිද්‍රතා ඇස්තමේන්තු සියයට 25.6 දක්වා දෙගුණ වී ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.7කින් ඉහළ ගිය බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ Faris H. Hadad-Zervos අදාළ වාර්තාව පදනම් කරගනිමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට සහ ජනතාවගේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා කර්මාන්ත හා සේවාවල රැකියා ව්‍යාප්ත කිරීම ත් ආදායමේ සැබෑ වටිනාකම නැවත ඇති කර ගැනීම ත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇති බව ය.

නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් සිය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීම සඳහා සිදු කළ සාර්ථක ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාවට වඩා හොඳින් ගොඩනැගීමට පාඩම් සපයන බව ද ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනුව පළමුව, ව්‍යුහාත්මක දුර්වලතා ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය කෙටි කාලීන ක්‍රියාමාර්ග, බාහිර බලපෑම් අවම කිරීමට සහ අනාගත බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මෙන් ම දෙවනුව, අනාගත වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තීරණාත්මක ප්‍රතිපත්ති ගැනීම එයින් ශ්‍රී ලංකාවට උගත හැකි බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

-mawbima

මේ මාසයේ උද්ධමනය ඉහලගොස් පහළ යයි : මහ බැංකු අධිපති

මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පවසයි.

2022 හි 7 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (06) මේ බව සඳහන් කර ඇත.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළා ට වඩා ඉහළ ගිය බව ද අධිපතිවරයා එහිදී පවසා ඇත.

මෙම මාසයේ දී උද්ධමනය ඉහළ ගොස් ඉන් පසුව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කළ බවත් සත්‍ය තත්ත්වය ද ඒ දෙසට ගමන් කරමින් තිබුණත් සැප්තැම්බර් මාසයේ දී අපේක්ෂා කළාට වඩා උද්ධමනය ඉහළ ගිය බවත් පහු සඳහන් කරයි.

සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 67.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් කෙසේ නමුත් උද්ධමනය ගණනය කළ පසු 69.8ක් වූ බවත් හෙතෙම කීවේ ය.

කොළඹ පාරි‌භෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ලබන මාසයේ දී මෙම මාසයට වඩා අඩුවනු ඇතැයි ද එසේ වුවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ මාසයේ උද්ධමනය තවදුරටත් වැඩි වනු ඇතැයි ද පැවසු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ
මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇති බවත් ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාව මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් මෙලෙස උද්ධමනය අඩු වනු ඇතැයි ද ඔහු කීවේ ය.

ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන බව කී අධිපතිවරයා එසේ ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යෑම නිසා නොව උද්ධමනය ඉහළ යෑම නිසා යැයි ද කීවේ ය.

උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයි ද ඔහු කීය.

පොලී අනුපාත ඉහළයක පවත්වාගෙන යන්නේ උද්ධමනය පාලනය කරගනිමින් අඩු කරගැනීමට යැයි ද ඔහු කීවේ ය.

උද්ධමනය පාලනය වී අඩු වීමේ ප්‍රවණාතවක් අඩු වූ පසු පොලී අනුපාත අඩු කිරීමට ඉඩ සැලසෙනු ඇතැයි ද අධිපතිවරයා කීය.

සියලු කර් මාන්ත, සියලු ව්‍යාපාර, සියලු සේවාවලට වඩාත් වැදගත්ම දෙය වනුයේ උද්ධමනය පාලනය කරගැනීම යැයි ද හෙතෙම පැවැසීය.

පසුගිය කාලයේ දී එය කරගත නොහැකි වූ බවත් පසුගිය කාලයේ දී ප්‍රමාණයට වඩා අඩුවෙන් තබාගැනීමත් මුදල් අච්චු ගැසීමත් යනාදියේ ප්‍රතිඵල අද අත්විඳින්නට සිදු වී ඇති බවත් ඔහු කීවේ ය.

නැවත වරක් පොලී අනුපාත අඩු කළහොත් නැවත වරක් ඒ සමාන ප්‍රතිඵල, ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කීය.

සියලු දේ පවත්වාගෙන යා හැක්කේ පොලී අනුපාත ඉහළ අගයක පවත්වා ගැනීමෙන් පමණක් බව කී අධිපතිවරයා උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් සියල්ල ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි ද අධිපතිවරයා පැවැසීය.

ජිනීවාවේ මොකද වුණේ ?

ජීනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම් යෝජනාව බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 6) සම්මත විය. යෝජනාව නම්කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙනි. එහෙත් ශ්‍රී ලංකාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 07 ක් පමණි.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20කි.

යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල්:

ආර්ජන්ටිනාව
ආර්මේනියාව
චෙක් ජනරජය
ෆින්ලන්තය
ප්‍රංශය
ජර්මනිය
හොන්ඩුරාස්
ලිතුවේනියාව
ලක්සම්බර්ග්
මලාවි
මාෂල් දූපත්
මෙක්සිකෝව
මෙන්ටිනිග්රෝ
නෙදර්ලන්තය
පැරගුවේ
පෝලන්තය
කොරියානු ජනරජය
යුක්රේනය
මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය
ඇමරිකා එක්සත් ජනපදය

විරුද්ධ ඡන්දය දුන් රටවල්:

බොලිවියාව
චීනය
කියුබාව
එරිත්‍රියාව
පකිස්ථානය
උස්බෙකිස්තානය
වෙනිසියුලාව

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්:

බෙනින්
බ්‍රසීලය
කැමරූන්
අයිවරි කෝස්ට්
ගැබොන්
ගැම්බියාව
ඉන්දියාව
ඉන්දුනීසියාව
ජපානය
කසකස්තානය
ලිබියාව
මැලේසියාව
මොරිටේනියාව
නැමීබියාව
නේපාලය
කටාරය
සෙනගල්
සෝමාලියාව
සුඩානය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ශ්‍රී ලංකාවට අද අභියෝගාත්මක දවස ක් විය. ඒ, අද පැවැත්වූ ඡන්ද විමසීම ශ්‍රී ලංකාවට ඉතා අසීරු එකක් වූ බවට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් පවසයි.

යෝජනාව නම්කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙනි.

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් මේ යෝජනාවේ ගෙන ආ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාවට තම විරෝධය දැක්විය.

මෙවර සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ මොනවාද?

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතට කරුණු 19 ක් ඇතුළත් ය.

ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර ඇත.

යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ය.

ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර ඇත.

ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙයි.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ, තුවාලවීම් හා දේපළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයට මෙම රටවල් කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා ඇත.

51 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

කෙසේවෙතත් විදේශ අමාත්‍ය අලී සබ්‍රි සඳහන් කළේ, ආර්ථික අපරාධ සිදුවී ඇත්නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් අධිකරණ තුළ නඩු දමා ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේ "මානව හිමිකම් කොමිසම කළ යුත්තේ මානව හිමිකම් කොමිසමට අදාළ දේවල්. ඒ හින්දා තමයි අපි කියන්නේ, අපට මෙතනින් ගැලවෙන්න දෙන්නේ නැතිව බිලී කොක්කක් දාගෙන ඉන්නවා, සදාකාලිකව මෙතන හිර කරන්න. ඔවුන්ට අවශ්‍ය දේවලටයි අවශ්‍ය නැති දේවල්වලටයි හැම දේටම ඇඟිලි ගහනවා"

"මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන"

ජිනීවා නුවර සිට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඔක්තෝබර් 05 වැනිදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවය.

ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරන බවට විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.

"මේකෙන් උත්සාහ කරන්නේ මානව හිමිකම් කියන මේ ආයුධය උපයෝගී කරගෙන ජීවිතාන්තය දක්වා අපිව පාලනය කිරීමට යොදා ගැනීම."යනුවෙන් පැවසීය.

දිගින් දිගටම ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස භාවිත කරමින් මෙරට ස්වාධිපත්‍යට හා ස්වාධීනත්වයට හානි කිරිමට යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

"අවාසනාවට වගේ රට තුළ පත්වෙලා තියන මේ ව්‍යාකූලත්වය තුළ ශ්‍රී ලාංකිකයෝ බෙදුම්වාදී ඇජෙන්ඩාවක් ඉදිරියට ගෙන යන අයට විරුද්ධව පෙල ගැහෙන ශ්‍රී ලාංකිකයෝ තුළ වෙනසක් බෙදීමක් වෙලා තියනවා. අපට නෑ කියන්න බෑනේ. ඒ බෙදීම ඉතාමත් ලස්සනට බෙදුම්වාදී ප්‍රවාහයේ සිටින අය ප්‍රයෝජනයට අරන් තියනවා." විදේශ අමාත්‍යවරයා පැවසීය.

"8 වැනි ජේදය බරපතලයි"

මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුලු අපරාධ විමර්ශනය කර වගවීම ඉටුකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සාක්ෂි රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකාව අවසර දිය යුතු බව යෝජනා කෙටුම්පතේ 8 වැනි කරුණේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනය කර ඊට අනුබද්ධව කරනු ලබන අධිකරණමය හෝ ඒ ආශ්‍රිත ක්‍රියාවලියට සාමාජික රටවල් සහය දිය යුතු බව එහි දැක්වේ.

යෝජනාවේ 8 වෙනි ඡේදය මඟින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් රණවිරුවන්ව ඉලක්ක කර ඇති බව අමාත්‍ය අලි සබ්‍රි පෙන්වා දුන්නේය.

"අට වැනි පැරග්‍රාප් එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේකේ භයානකම කොටස තමයි, ලංකාවේ ඔවුන් කියන ආකාරයට සිදුවුණා කියන මානූෂිය මෙහෙයුමේදී යම් යම් දේවල් සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාදාමයෙන් එලියට ගිහිල්ලා පිටරටවල නඩු අහලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ දඬුවම් කිරීම තුළ මේ හදන්නේ අපේ රණවිරුවන්ව ටාගට් කරලා ඔවුන්ට කරදර කරන්න." අමාත්‍යවරයා පැවසීය.

පිටරටවල නඩු ඇසීම මෙරට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවද අලි සබ්‍රි ප්‍රකාශ කළේය.

"මේකට අපිට එකඟ වෙන්න බැහැ. ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. ඒකට අපි එකඟ වුණත් මං හිතන්නේ නැහැ අපේ අධිකරණය ඒකට ඉඩ දෙයි කියලා."

යෝජනාව පරාජය කිරීමට හැකිවෙයිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. ඉන් රටවල් 30ක් දැනටමත් යෝජනාවට සහය දෙන බව ප්‍රකාශ කර ඇත.

මෙම පසුබිම තුළ යෝජනාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවෙයිද?

මානව හිමිකම් කවුන්සිලයේ බලවත් සාමාජික රාජ්‍යයන් එල්ල කරන බලපෑම් හමුවේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව සබ්‍රි පෙන්වා දුන්නේය.

"අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, කැනඩාව කියන්නේ ලෝකයේ ඉතාම බලවත් රටවල්. ඉතින් ඔවුන් හැමෝටම කතා කරගෙන යනවා. සම්පූර්ණයෙන්ම බටහිර ලෝකයම ඔවුන් සතු කරගෙන තිස් දෙනෙකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙනවා." අමාත්‍යවරයා පැවසීය.

"මේක රජයකට විරුද්ධව, නායකයෙකුට විරුද්ධව, පක්ෂයකට විරුද්ධව ගෙන යන එකක් නොවෙයි." විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

"කව්ද අපිත් එක්ක ඉන්නේ කියන එක පිළිබඳව මම දැනට කිව්වත් අපිට ඡන්දය දෙන්න ඉන්න කිහිප දෙනා පිටිපස්සේ ගිහිල්ලා ලොබි කරයි."

"ගිය සැරේ තරම් ඡන්ද අපිට ලැබෙන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ." විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

අසල්වැසි ඉන්දියාව හෝ මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහය දෙන්නේ දැයි මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.

හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කිරීමට සූදානම් වන යෝජනාව ජී.එස්.පී සහනයට සහ IMF සාකච්ඡාවලටද බලපානු ඇති බවයි.

"ප්‍රධාන විවේචනයක් වන්නේ ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ඊට සම්බන්ධ නොයෙක් නීති පාවිච්චි කරයි කියන එක." මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මහාචාර්ය ජී.එල් පීරිස් අවධාරණය කළේ "මේක සම්මත වුනොත් බොහොම දරුණූ ප්‍රතිඵල ජනිත වෙනවා. මේක අනිවාර්යෙන් බලපානවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අපි කරන සාකච්ඡාවලට. ඒ විතරක් නෙමේ ජී.එස්.පී ප්ලස් සහනයටත්."

ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක්

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් බවයි.

ඔහු පෙන්වා දුන්නේ, මෙය ආර්ථික අර්බුදය තවත් තිව්‍රවීමට බලපා හැකි බවද ඔහු සඳහන් කළේය.

"ගොඩක් රටවල් අපිට සහයෝගය දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමා PTA (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ), සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වය.ඒක හින්ද අපි ජාත්‍යන්තරව රාජ්‍යතාන්ත්‍රිකව පරාදයි." ආචාර්ය හසිත කන්දඋඩහේවා පැවසීය.

"මෙම තත්ත්වය සමඟ අපිට විදේශ ආයෝජන, යුරෝපා ආධාර, සෘජු විදේශ ආයෝජන අඩුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආයෝජන අඩුවෙන්න පුලුවන්." ඔහු පෙන්වා දුන්නේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, "IMF එකටත් මේක එච්චර හොඳ සිග්නල් එකක් වෙන එකක් නැහැ."

 බීබීසී - සිංහල 

පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සැලසුම් කර තිබෙන ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’ යන තේමාව යටතේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන් , සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ හිමි වන බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ වන විටත් ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද සේමසිංහ අමාත්‍යවරයා පැවසීය.

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

නව අයදුම්පත් කැඳවීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් තිබෙන සියලුම පුද්ගලයන් මීට ඇතුළත් කර ගැනීමටයි. සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ලැබිය යුතු සියලු දෙනාටම දීමනා ලබා දීමට රජය කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ඇති කරගෙන, රජය දීමනා කප්පාදු කරනවා කියා ඇතැමුන් අසත්‍ය ප්‍රචාර කරනවා. රජයට අවශ්‍ය දැනට සුබසාධන දීමනා ලැබෙන කණ්ඩායම මෙන්ම සුබසාධන දීමනා නොලබන නමුත් එය අපේක්ෂා කරන කණ්ඩායම නිවැරැදි ක්‍රමවේදයට ඇතුළත් කර ගැනීමයි.

මෙය හැකි ඉක්මනින් සිදු කරනවා. මේ වසර අවසානය වෙද්දි සියලු තොරතුරු එක්රැස් කරලා අවශ්‍ය, සුදුසු, නිවැරැදි කොනාට දීමනාව ලබාදීම අපේ අපේක්ෂාවයි.

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා, කියන ජාතික වගකීමට අපි එකතු වෙලා ඉන්නේ. දැනට මහජන ආධාර, සුබසාධන දීමනා ලැබෙන, ආබාධිත දීමනා ලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංච් වීම අනිවාර්ය වෙනවා. දැනට සුළු ප්‍රතිලාභීන් පිරිස ලියාපදිංච් වී තිබෙන්නේ. ඒ නිසයි අපි ලියාපදිංචිය දීර්ඝ කරලා තිබෙන්නේ. මේ දිනය තවත් දීර්ඝ කරනවා කියන්නේ ප්‍රතිලාභ ලැබෙන දිනයත් කල් යනවා. මෙය කඩිනමින් සිදු කළ යුතුයි.

ඒ සඳහා අපට දත්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. මෙම අයදුම්පත් ලබාගැනීම මගින් සිදු කරන්නේ එම දත්ත පද්ධතිය සකස් කිරීමයි. දැනට ප්‍රතිලාභ ලැබෙන ජනතාවත් මේ සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය යි. මෙම කාරණාව විනිවිදභාවයකින් සිදු කිරීමට අපි දත්ත පද්ධතික් සකස් කරලා තිබෙන්නේ. මේ සඳහා ගමේ තරුණ තරුණියන්ට විශාල වගකීමක් තිබෙනවා.

ගමේ අසරණ ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන් පිළිබඳව දැනුවත් කිරීමටත් හැකියාව තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින්, වකුගඩු රෝගීන්, අසරණභාවයට පත්වූ පවුල් සමහර ගම් පළාත්වල සිටිනවා . ඒ සියලු දෙනාම මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර ඔවුන්ව රැක බලා ගැනීම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සිදු කරනවා.

මේ අයදුම්පත්‍රය ලබා දුන් පසුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගොස් එම පවුල් පිළිබඳ සොයා බලා ඉදිරි කටයුතු සිදු කරනවා. මෙහි ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව ඔවුන් දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා. මේ ක්‍රියාවලියේදී තමන් තෝරා නොගත හොත් අභියාචනාවක් ඉදිරිපත් කිරීමටත්, නුසුදුස්සෙක් පද්ධතියට ඇතුළත් වී තිබෙනවා නම් විරෝධතාවක් ගොනු කිරීමටත් හැකියාව තිබෙනවා. මේ සියලු කාරණා සිදු කරන්නේ කිසිදු කෙනකුගේ දීමනා කප්පාදු කිරීමට නොවෙයි. විනිවිදභාවයකින් ප්‍රතිලාභ දීමනා ලබාදීම සඳහායි.

මෙම අවස්ථාවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න, ආබාධිතයන් පිළිබඳ මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂ අනුරාධා හේරත්, වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී ලැනරෝල් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

IMG 20221006 WA0033

IMG 20221006 WA0034

IMF ගැන සුමන්තිරන්ගේ ප්‍රශ්නයට : ජනාධිපති දුන්න උත්තරේ මෙන්න !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව ඉදිරි සති දෙකක් ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයි.එම්.එෆ් මණ්ඩලය සහතික කරන තුරු මූල්‍ය අරමුදලේ එකඟතාවයන් ඉදිරිපත් කිරීමට නොහැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා විමසා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින දූෂණ වංචා රට ඉදිරියට යාමට අභියෝගයක් බව අයි.එම්.එෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවත් එම දූෂණ නතර කිරීමට රජයේ සැලසුම කුමක්ද යන්න සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතිදැයි කියාය.

එහිදී ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසූයේ අයි.එම්.එෆ් සංවිධානය දූෂණ සම්බන්ධයෙන් ගෙනා යෝජනාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා විසින් අලුත් දූෂණ නීතියක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේදී එය සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන බවත්ය.

ජනාධිපති රනිල්ගෙන් තවත් ගැසට් පත්‍රයක් !

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත.

එම විෂය පථයන් ඊයේ (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවතුණේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේය.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතිණ.

ඊට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා ඇත.

සජිත් ඩලස් හාදකම අස්සට GL රිංගයි !

පාර්ලිමේන්තුවේ විපක්ෂය ඇතුලේ දැන් ඉන්න කන්ඩායම් කිහිපයක්ම මේ වෙනකොට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් එක්ක සහයෝගෙන් වැඩ...

එලියේ මිනිස්සු මොනවා කිව්වත්, සජිත්ට පාර්ලිමේන්තුව ඇතුලේ, තමුන්ගේ කන්ඩායම එකට තියාගන්න පුලුවන් වෙලා තියෙන්නේ, සජිත්ගේ හැමෝටම ඇහුම්කම් දීලා එකට තීරණ ගන්න නිසා කියලා, ඩලසුත් මේ ළඟදී 'නිදහසේ ' කට්ටියත් එක්ක කියල තිබුන ලු..

" මයික් එකක් ඉස්සරහ හිටගත්තහම ලොකු කයිවාරු කාරයෙක්, ආඩම්බර කාරයෙක් කියල සමාජයට පෙනුනට, බලාගෙන ගියාම මේ මනුස්සයා බොහොම නිහතමානි මිනිහෙක්නේ " කියලා මහාචාර්ය GL පීරිසුත්, මේ ලඟදී සජිත්ට පොඩි රෙකමන්ඩේශන් එකක් දීල තියෙනවා. ප්‍රසිද්ද නීතීඥ මහත්තුරු කිහිපදෙනෙක් එක්කලු GL එහෙම කිව්වේ.

ඒ කතාවල ඇත්තකුත් තියනවා. මොකද රනිල් ජනාධිපති උනාට පස්සෙ සජබ කඩලා කිහිපදෙනෙක්ව ආන්ඩුවට ගන්න හැදුවට, අද වන තුරු එක්කෙනෙක්වත් ගන්න බැරි උනා....

ඉතින් ඕවයින් පේන්නේ රනිල්ට ජනාධිපති නිසා සජබ කඩලා , UNP එක හදන්න පුලුවන් වෙයි කියලා මිනිස්සු හිතුවට මොකද, ඒක හිතන තරම් ලේසි නෑ කියලයි.

ඒ කතා මොනවා වුණත් රනිලුත් තාම ට්‍රයි එක අතෑරලා නෑ .

සජබේ මරික්කාර් පෙරේදා පාර්ලිමේන්තු කොරිඩෝරුවේදී තව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කියල තියෙන විදියට , මරික්කර්ට ආන්ඩුවට එන්න කියල රනිල් වඳින්නේ නැති එක විතරලු නොකරන්නේ.

ඒ කතාව මරික්කර් කියල හැරෙන පමාවෙන් රනිල් පාර්ලිමේන්තු කතාවකදීම මරික්කර්ට කිව්වා ඔබතුමා හිරුනිකා යන පාරේ යන්නේ නැත්නම් මම යන පාරේ යන්න එන්න කියල.

වැඳුම් නොවැඳුම් කොහොම වුණත් , පෙරේදා වුණ දේ මරික්කාර්ට සෑහෙන්ඩ දැනිලා වගේ කියලයි කට්ටිය කියන්නේ .

ඔය කතා අස්සේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න, අනුර යාපාගේ කන්ඩායම දෙලොවක් අතරලු !
කොහෙටද හේත්තුවෙන්නේ කියලා.

මෙයාලට GL ලගේ නිදහස මන්ත්‍රී කන්ඩායමෙන් වගේම , චන්ද්‍රිකා ලොක්කි එක්ක එකතුවෙලා, කුමාර වෙල්ගම හදපු අලුත් පක්ෂෙනුත් ආරාධනා ලැබිලලු.

වෙල්ගමගේ පක්ෂෙට වඩා, නිදහස කන්ඩායමට දැනටමත් රටේ පිලිගැනීමක් තියෙන නිසා, යාපගෙ කන්ඩායමේ ඉන්න සුදර්ශිණී ප්‍රනාන්දු පුල්ලේ , චන්දිම
වීරක්කොඩි වගේ අය වඩා කැමති නිදහස කන්ඩායමට එකතු වෙන්නලු.

මොකද එහෙම උනොත්, චන්දිමට ගාල්ලේ දිස්ත්‍රික් නායක වෙන්න පුලුවන්.

ගම්පහ දැනටමත් නාලක ගොඩහේවා හිටියට, එතෙන්ට එකතු වෙන්න සුදර්ශිනී නෝනගේ අකමැත්තක් නැතිලු.

මොකද දෙන්නම උගත් දේශපාලනඥයෝ නිසා, වැඩ කරන්න පහසුයි කියල සුදර්ශිනී තමුන්ගේ කන්ඩායමත් එක්ක කියලා තියෙනවා.

කට්ටියට තාමත් තීන්දුවක් ගන්න බැරුව ඉන්නේ, අනුර යාපා වැනෙන නිසාලු.

අනුර එක දවසක සජබට යන්න කතා කරනවලු, තව දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට යන්න කතා කරනවලු, ඊට පස්සේ නිදහස කන්ඩායම එක්ක සාකච්චා කරනවලු. චම්පිකත් එක්ක වගේම වෙල්ගම එක්කත් ප්ලෑන් ගහනවලු. එක විකාරයයිලු.

" ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේ මනුස්සයා අන්තිමට රනිල් ගාව නතර වෙයිද දන්නේ නෑ" කියල එයාලගේ ගෘප් එක ඇතුලේ පොඩි කතාවකුත් ගියා කියන්නේ ඒ නිසා ..

- දේශපාලන වාර්තාකරු

22 ට බාලගිරි ලබයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයකදී පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරනු ලැබීය.

කෙසේ වුවත් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි.

එසේම පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනි දා ය.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය ජයගන්න සූදානම් - ජනාධිපති

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී සිටින බවත්, ලෝක ආර්ථික හා ආහාර අර්බුද හමුවේ වුවද එම අභියෝගය ජය ගැනිමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
 
පැරණි කෝන්තර අමතක කර, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමග එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සියලු පාර්ශ්වයන්ට යළි ආරාධනා කළේය.
 
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා  සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි  පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් සඳහන් කළේය
 
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ සම්පූර්ණ කතාව
 
පසුගිය සති කිහිපය තුළ එංගලන්තයේත්, ජපානයේත් කළ සංචාරයන්වලදී ලෝක රාජ්‍ය නායක නායිකාවන් ගණනාවක් සමග අදහස් හුවමාරු කර ගැනීමට මම අවස්ථාව සලසා ගත්තා.


පිලිපීනයේ දී ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල මුදල් අමාත්‍යවරු හමුවෙන්නටත් අවකාශය ලැබුණා. අප මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ හමුවීම් සහ අදහස් හුවමාරු කරගැනීම් ඉතා වැදගත්.

අද අපේ රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමක නෙවෙයි. නමුත් සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. ඔවුන් අදහස් දක්වන්නේ, විවේචන කරන්නේ, සාමාන්‍ය තත්ත්වයේ රට පවතින බව සිතාගෙනයි. මේ අය විසඳුම් යෝජනා කරන්නේත් එහෙම හිතාගෙනයි. ඉන්ධන පෝලිම් ඉවරවුණු පලියට අපට එහෙම හිතන්නට බැහැ.

මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයටයි අපි මේ මුහුණ දෙන්නේ.මේ අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්ම ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කළා.

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීම
• ජපානය, ඉන්දියාව සහ චීනය ආදී අපට ණය ලබා දුන් රටවල් සමගත්, පුද්ගලික ණය හිමියන් සමගත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පොදු එකඟතාවයකට එළැඹීම.
• ඉන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබා ගෙන, මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවලින් ණය ආධාර ලබා ගෙන, ආර්ථිකය ස්ථාවර කරලීම.
• ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමෙන් පසු, සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම.

අප මෙන්න මේ කරුණු හතර ඉෂ්ඨ කරගැනීම සඳහා වෙහෙසිය යුතු බව මම මුල සිටිම පෙන්වා දුන්නා. මොකද පළමු වෙනි පියවරේ සාර්ථකත්වය අනුව තමයි, දෙවැනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දෙවැනි පියවර සාර්ථක කර ගත්තාම තමයි තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවර සාර්ථක කරගෙන හතරවෙනි පියවරට යන්න පුළුවන්.

මම අගමැති ධූරයට පත්වීමට කලින් ඒ කරුණු පෙන්වා දුන්නා. අගමැති ධූරයට පත්වීමෙන් පසුවත් යළි ඒ බව අවධාරණය කළා. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මම මේ බව පෙන්වා දුන්නා.
 
දැන් අපි පළවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවැනි පියවර සාර්ථක කර ගැනීම සඳහා පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව අප උදා කරගත්තේ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 68කට සම්බන්ධ මුදල් ඇමතිවරුන් මැනිලා නුවරදී හමුවිමට අවකාශ අපට හිමිවුණා.
 

මේ අවස්ථාවන්හිදී සිංගප්පුරු අගමැති ලී ෂෙන් ලෝන් මහතා සමග සාකච්ඡා කරන්නත් අවස්ථාව මට ලැබුණා. සංගප්පූරුව සමග අප අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය කාලයේ නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නැ. මේ ගිවිසුම් යළි පන ගන්වා ගන්නට අපට හැකි වුණොත්, මේ අවස්ථාවේ රටට ලැබෙන වාසිය අතිවිශාලයි. ඒ වගේම අග්නි දිග ආසියාව සමග අපේ ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නටත් මේ ගිවිසුම් හේතුවෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ශ්‍රි ලංකාව සමග ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව උදාවන බවට සිංගප්පූරු අගමැතිතුමා විශ්වාසය පළ කළා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ නියෝජිතයන් සමගත් මම සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා මේ ආයතන දෙකේම සහයෝගය ලබා දෙන බව ඒ නියෝජිතයන් ප්‍රකාශ කළා.
 
ජපාන අගමැති ෆුමියෝ කිෂිදා මහතා සමග මම සාකච්ඡා කළා. අපේ රටවල් දෙකට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ අප එම සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඊට අමතරව ජපාන විදේශ ඇමතිතුමා සමගත්, මුදල් ඇමතිතුමා සමගත් සාකච්ඡා පැවැත්වූවා.
 
ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩකටයුත්තේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරලීම සඳහා ජපානය එකඟවිම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමග පවත්වන සමුළුවේ සම සභාපති ධූරය බාර ගැනීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලය පුරා සිදුවූ යම් යම් සිදුවීමේ නිසා ජපානයේ හොඳ හිත පළුදු වෙලා තිබුණේ. ජපානය සමග යළි ශක්තිමත් සබඳතා ගොඩ නංවාලීමට අපි පසුගිය මාස කිහිපය පුරා වෙහෙසුණා. දැන් අපට ජපානයෙන් කොළ එළියක් දැල්වී තිබෙනවා. ජපානය සමග පෙර පැවති ශක්තිමත් මිත්‍රත්වය යළි සම්පුර්ණයෙන්ම ඇති කර ගැනීමට අපි දිගින් දිගටම වෙහෙසවී ක්‍රියා කරනවා.
 
මේ වන විට අප චිනය සමගත් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂ සම්මේලනයෙන් පසු අප නැවතත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්නට ද ජපානය මැදිහත්වන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්. අතීතයේ සිටම චීනය අපේ රටට සහය ලබා දුන්නා. මේ අසීරු අවස්ථාවේදීත්, ඔවුන් අපට සහාය ලබා දිමට කටයුතු කරන බව අපට විශ්වාසයි.
 
ඉන්දියාව සමගත් අප සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා කෙටි වෙලාවකට හමුවූ අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳ එතුමන්ව දැනුවත් කළා. මෝදි අගමැතිතුමාගේ සහයෝගය අපට හැමදාමත් ලැබුණා. පසුගිය අර්බුදකාරී කාල වකවානුවේදී ඉන්දියාව අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම අවස්ථා ගණනකදි ඔවුන්ට ඒ පිළිබඳ කෘතවේදීත්වය පළ කර තියෙනවා. ශ්‍රී ලංකාව යළි නැගී සිටීමේ ක්‍රියාවලියට ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා. දැනටමත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
 
එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපීනයේදීත් අපේ රටට වැදගත් වන රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙන්ම මුදල් ඇමතිවරුන් මුණ ගැසීම හරහා අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මම වෙහෙසුණා. ඒ නිසා විශාල පිරිසක් සමග වෙන් වෙන්ව අදහස් හුවමාරු කර ගැනීමට කාලය, මුදල් සහ ශ්‍රමය නොසෑහෙන සේ වැය කරන්න සිදුවෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ සියලුදෙනා එකම තැනකදී, සීමිත කාල පරාසයන් තුළ හමුවිමට ලැබීම අපට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.
 
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා අප අනුගමනය කරන පිළිවෙත් හා සැලසුම් ගැන මම ඒ අයට පැහැදිලි කළා. අවබෝධයක් ලබා දුන්නා. අපේ රටට යළි නැගී සිටීමට සහාය ලබා දීමට ඒ බොහෝ දෙනෙක් කැමති වුණා.

ආර්ථික සහන ලබාදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී මුදල් ඇමතිවරුන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරුන් ගණනාවක් එක වහලක් යටදී හමුවී සාකච්ඡා කිරීමට ලැබීම අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වුණා.
 
දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ජපානය, ඉන්දියාව සහ චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමග හැකි ඉක්මණින් පොදු එකඟතාවකට එළැඹීම යි. ණය ලබා දී ඇති අනෙකුත් රටවල් නියෝජනය කරන තානාපතිවරු සමග අප මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලුදෙනා සමග බහුපාර්ශ්වීය පොදු එකඟතාවකට පැමිණීම අපේ අපේක්ෂාවයි.
 
අපට ණය ලබා දුන් රටවල් සමග එකඟත්වයකට පැමිණීමෙන් පසු ලන්ඩන් ක්ලබ් වැනි පුද්ගලික ණය හිමියන් සමග ද අප සාකච්ඡා පවත්වනවා. ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව ඔවුන් සමගත් එකඟත්වයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය ලබාදුන් රටවල් හා පුද්ගලික ණය හිමියන් සමග එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව අපට අයි.එම්.එෆ් සහතිකය ලබා ගන්න පුළුවන්.
 
දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. අයි.එම්.එෆ් සහතිකය ලබා ගැනීමෙන් පසු, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් අතරමැදි මූල්‍ය පහසුකම් හෙවත් බ්‍රිජින් ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට අපට පුළුවන් වෙනවා. ණය පහසුකම් ලබා දෙන වෙනත් රටවල් සමග සාකච්ඡා කොට ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ අවස්ථාව ඒ හා සමගම උදාවෙනවා.
 

අද අප පත්වී සිටින ආර්ථික අසරණභාවය නිසා, ලෝක බැංකුව හෝ වෙනත් ණය දෙන ආයතන වෙතින් වෙළෙඳ පොළ අගය මත ණය ගැනීමට තරම් ශක්තියක් අපට නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමග එක්වී සහනදායී මූල්‍ය සහාය ලබා ගැනීමේ අවකාශය උදා කරදෙන ලෙස අප ඉල්ලීමක් කලා. ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් 12ක් මෙවැනි ආර්ථික අර්බුද ඇතිවූ අවස්ථාවන්හිදී අතරමැදි සහන සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එවැනි ආකාරයකට සහනදායී ණය ලබා ගැනීමේ අවස්ථාව අප උදාකර ගැනීම වර්තමානයට විශාල සහනයක්.
 
සංචාරක ක්ෂේත්‍රය ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකි එක් මාර්ගයක්. විවිධ උපාය මාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපාරය යළි පිබිදවීමට අප වෙහෙසෙනවා. මේ ඔස්සේ රටට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි.
 
පුද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත්, විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණක්. මේ වැඩ සැලසුම් ඔස්සේ ලබන වසරේ අග වෙද්දි කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටත්, රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපට හැකි වෙනවා.

කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබීමේ වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳවත් මම ඔබේ අවධානය යොමු කරන්න කැමැතියි. මේ ගැනත් මම විටින් විට ඔබට කරුණු පෙන්වා දී තිබෙනවා. නමුත් නැවත නැවත එය සිහිපත් කළ යුතු වෙන්නේ අද අප වැටි ඇති තත්ත්වය පිළිබඳව සැබෑ පින්තූරය වටහා ගැනීමට එමගින් හැකිවන නිසයි.
 
පසුගිය වකවාණුවේ අනුගමනය කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, සහ ඊටම ඇඳී උදාවුණු ගෝලීය අර්බුද හේතුවෙන් අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. පසුගිය අවුරුදු දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැසුවා. 2015 ආණ්ඩු සමයේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දහතුන්ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදන වැඩි වුණේ නෑ. මෙය උද්ධමනය සියයට සියය දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්.

නමුත් පසුගිය මාස දෙක තුන තුළ අප ගත් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 69.8ක රඳවා ගන්නට අපට පුළුවන් වුණා.
 
අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි, අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව සෘජුව සහ වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටෙව්වා.
 
2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව මම සදහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩුව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩුව රුපියල් බිලියන 791යි.
 
මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්නට බැහැ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර, රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු අදුරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩා වැටුණා. දැන් ආහාර උද්ධමනය සියයට 95කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. මෙවැනි උද්ධමනයක් ලෝක යුද්ධ කාලයකදීවත් අපේ රටේ තිබුණේ නැ. මේක ඉතාම භයානක තත්ත්වයක්.
 
ආහාර නිෂ්පාදනය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ යනවා. උද්ධමනය ඉහල යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාත්මක කළා. මේවා දවසෙන් දෙකෙන්, එක් රැයෙන් විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි.
 
අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහල නංවාගන්න අපට පුලුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්න අවශ්‍ය පොහෙර සහ බිජ ලබා දෙන්න සියල්ල සුදානම්. ස්වභාවික විපතකින් තොරව මහ කන්නයේ වී අස්වනු ලබා ගන්න අපට පුළුවන් වුණොත්, අපට ආහාර මිල ඉහළ යෑමට යම්කිසි විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනිමේ පදනමක් එමගින් ඇති කරගන්නත් පුළුවන්.
 
කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කරන අතරම, කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළවලක් අප දියත් කර තිබෙනවා. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩා විඳින බව අප දන්නවා. ගම් මට්ටමින් ඒ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මේ හඳුනාගැනීම් ඔස්සේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
 
මුදල් සැපයුම සිමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයක් ලෙස පොළි අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළා. මේක බැලූ බැල්මට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදියට පෙනුනත්, සමස්තයක් ලෙස එයින් සිදුවන්නේ අවාසියක්. මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩුවී දේශීය ණය ගැනීම සීමා වෙනවා.
 
එහි ප්‍රතිඵලය වෙන්නේ ආර්ථිකය හැකිලී, පුද්ගලික අංශය පසුබෑමකට ලක්වීමයි. දැනට සිදු කර ඇති පුරෝකථන අනුව සියයට 7ත් 8ත් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක්විය හැකියි.

එක පැත්තකින් ආර්ථිකය හැකිලෙනවා, අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වළක්වාගැනීමට අප පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

1- මූලික පාරිභෝගික භාණ්ඩ සඳහා උපරිම මිල සීමාවන් නියම කිරීම
2- දේශීය නිෂ්පාදන සදහා ඇති බාධක ඉවත් කිරීම ඔස්සේ නිෂ්පාදනය හා ඵලදායීතාව වැඩි කිරීම
3- විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීම උදෙස් විදේශ විනිමය රෙගුලාසි යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීම
4- අත්‍යාවශ්‍ය නොවන ආනයන වළක්වාලන සිමා පැනවීම
5- වඩාත් යහපත් විවෘත වෙළෙදපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
6- තැන්පතු සඳහා පොලී සීමාවන් පැනවීම ඔස්සේ පොලී අනුපාත සීමිත මට්ටමක රඳවා ගැනීම
ආර්ථිකය යළි නගා සිටුවීමේ ගමන අප ඉදිරියට යා යුත්තේ පියවරෙන් පියවර. මේ ගැට්‍ළු කිසිවකට කඩිනම් විසඳුම් නෑ.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල් යොදවා මහ බැංකුවේ විදේශ සංචිතය යළි ශක්තිමත් කිරීමට යෙදවීමට අප ක්‍රියා කරනවා. 
රාජ්‍ය ව්‍යවසායන් මගින් රටට ඇතිකරන බර අඩු කිරීම මගින් මේ සංචිත තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකින් හෝ තුනකින් තර කිරීමට අපට හැකිවෙනවා.

ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපට ලැබෙන මුදල ද එම සංචිතයේම රැඳවීමට අප තීරණය කර තිබෙනවා.
මීට සමාන්තරව අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතරමැදි ණය පහසුකම්වලින්, සංචාරක ව්‍යාපාරයෙන්, පුද්ගලික ව්‍යාපාරවලින් උපයන මුදල් යොදා ගන්නවා. අපනයන ආදායම් ඉහළ නංවනවා.
 
මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකිවෙනවා. ඔවුන් නැවතත් පෙර පරිදිම විදේශ විනිමය ලංකාවට එවන්නේ එවැනි විශ්වාසයක් මතයි.
 
මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ අපට ජාත්‍යන්තර විශ්වාසය යළි දිනාගැනීමට අපට හැකිවීමයි.

අපේ රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක් කළ යුතුයි. වර්තාමනායේ සමස්ත බදු ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වක්‍ර බදු. මේ රටේ හැම පුරවැසියෙක්ම නොදැන බදු ගෙවනවා. තමන් කිසිසේත්ම සම්බන්ධ නැති කර්යයන් සඳහා ඔවුන් බදු ගෙවනවා. රටේ අන්තිම දුප්පත් පුරවැසියාත් මේ බදු දැලට හසුවී තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක්.
 
2019 දී අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් උපයා ගත්තේ බදු මුදලින්. නමුත් ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම සියයට 8.5 දක්වා පහළට ඇද වැටුණා. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඒ මුදල යළිත් සියයට 14ක් දක්වා ඉහළ නංවාලීමට එකඟ වුණා.

 
නමුත් එතැනින් සෑහීමකට පත් වෙන්නට අපට බැහැ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් දක්වා නංවාගත යුතුයි. ඒ සඳහා මුදල් උපයා ගත යුත්තේ බදු ආදායමින්. එසේ නොමැතිව නැවත මුදල් අච්චු ගැසීමකට ගියොත් අපට අනාගතයක් නැහැ.

ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, දිගු කාලීන මූල්‍ය සබඳතාවක් අපට නොතිබුණ නිසා ආදායම් අඩු වුණා. විදේශ වියදම් සහ ආදායම් අතර පරතරය වැඩි වුණ නිසා ,විදේශ විනිමය සංචිත කඩා වැටුණා. උද්ධමනය සීයට සීයකින් වැඩි වුණා. රුපියලේ අගය කඩා වැටුණා. පොලී අනුපාතය වැඩි වුණා නිසා  සම්පූර්ණ පහර ගැසීමට අපට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා
 
ඒ නිසා අපේ ආර්ථිකය හැකිලිලා  තිබෙන්නේ. අපි හිතුවේ රාජ්‍ය සංස්ථා හා බැංකු පද්ධති තුළින් ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන්නයි. දැන් ඒක අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මා දැනුවත් කළේ අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන, ලෝක බැංකුවේ , ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගෙන,  බ්‍රිජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ලබාගෙන ආර්ථිකය ගොඩ නැගීමට ඊළඟ මාස දෙක තුනේදී පියවර ගන්නයි.

ඒ සඳහා අපිට තියෙනවා  අපේ නිෂ්පාදන වැඩි කරන්න ඕන.  අපේ විදේශ විනිමය වැඩි කරන්න ඕනේ. විදේශ විනිමය වැඩි වුණාට පස්සේ අපේ කර්මාන්ත හා සේවා  දියුණු වෙනවා. ඒ වගේම අපේ පාඩු ලබන ආයතනවල පාඩු අඩු කරලා , ආදායම වැඩි කළාම රජයේ අය වැය ශක්තිමත් වෙනවා. ඒ කාර්යය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහ කන්නය සාර්ථක වුණාම වැඩි නිෂ්පාදන ශක්තියක් අපිට ලැබෙනවා. එයින් රාජ්‍ය ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා.
 
අනෙක් අතට විදේශ විනිමය සොයන්න සංචාරක කර්මාන්තය හරහා අපට පුළුවන්.  ඒ වගේම විදේශ රටවල සිටින අපේ ශ්‍රමිකයන් තමන්ගේ ආදායම් මුදල් ලංකාවට එවීම මගින් ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා ගන්න පුළුවන්. මෙම වැඩපිළිවෙල ලබන වසරේ මැද සිට ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා.
 
මේ අර්බුදය ජය ගැනීමේ අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලිය ප්‍රවණතාවන්ගෙන් පිඩා විදීමට අපට සිද්ධ වෙනවා. ඉන්ධන මිල එවැනි එක් දෙයක්. යුක්‍රේන යුද්ධයේ බලපෑම් නිසා ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාස වෙද්දි ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. මේ නිසා ඉන්ධන මිල ඉහළ යනවා. එවැනි තත්ත්වකට මුහුණ දීමට දැන් සිටම අප සූදානම් විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුයි.
 
මා මෙහිදී තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි. 
ඔබ සියලුදෙනා විවිධ දේශපාලන අදහස් දරන අය. නමුත් ඔබේ දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ, මේ ආර්ථික අර්බුදයෙන්  රට ගොඩ ආවොත් පමණයි.

මම මේ ගමන් මගට අවතීරණ වුණේ අවදානමක් අරගෙනයි. විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම බාර ගන්නේ නැති අවස්ථාවක රට වෙනුවෙන් මම අවදානම බාර අරන්, අනතුරුදායක ගමනක් යන්න පටන් ගත්තා. අප හෙමින්, හෙමින් වගේම ස්ථාවරව මෙතෙක් ඉදිරියට ආවා. අපේ රටේ බහුතරයක් ජනතාව මේ ගමනට සහාය දක්වන බව අප දන්නවා. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක්. යහපත් රටක්. යහපත් අනාගතයක්.

හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත් කරලා, අර්බුදයට පත් කරලා දේශපාලන වාසි ලබාගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඒ අය හැමදේම වැරදි විදියට දකිනවා.
 
මේ සමහර කණ්ඩායම් ලෝකයේ දශක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගලපන්න වෙහෙසෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කන්ඩායම් කිව්වේ, පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේරා ගන්න එපා කියලා. හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙසෙනවා. පණ අදින ආර්ථිකයට හුස්ම පිඹින්න සහයෝගය නොදි, ආර්ථිකය අවසන් හුස්ම හෙළෙන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටි, ජනතාව හාමතේ මියයන තත්ත්වයට පත් වුණොත්, මළ කඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වන බවයි.
 
ඉතිහාසය පුරා ලෝකයේ කොහේවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මෙම අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත්, ඒ බලය කෙළවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියටයි.

එහෙම අදහස් දරන අයටත් මම කියන්නෙ තමන්ගෙ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලයි. දැන් දවස් ගණන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ. පැය දහය දොළහ ලයිට් කැපෙන්නේ නෑ. පාසැල්, විශ්වවිද්‍යාල විවෘතයි. රට යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව හැම ක්ෂේත්‍රයකම අපට දැනෙමින් තියෙන්නේ. යළිත් තම තමන්ගේ ජිවිත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට මේ රටේ ජනතාවට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අවශ්‍යතාව කදිමට පිළිඹිඹු වු අවස්ථාවක් ලෙස, ඉතාම සාර්ථක ලෙස අවසන් වු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.
 
හැබැයි තව අඩුපාඩු ගණනාවක් තිබෙනවා. දුර්වලතා තිබෙනවා. ඒවා අප සකස් කර ගත යුතුයි. නිවැරැදි කරගත යුතුයි. එසේ කර මේ ගමන් මග වඩාත් ශක්තිමත් සහ වේගවත් කර ගන්න පුළුවන් වෙන්නේ ඔබ හැම දෙනගේම සහාය මේ සඳහා ලැබුණොත් විතරයි, ඒ නිසා මම නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ, පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක්වෙන ලෙසයි. විවේචනය කිරීම පහසුයි. වැරදි දැකීමත් පහසුයි. විරෝධය පෑමත් පහසුයි. හැබැයි විසඳුම් සෙවීම අසීරුයි.

මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි. වැටි තිබුණු රටක් යළි ගොඩ නැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු “කුඨදත්ත සූත්‍රය” මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තියෙනවා. යථා උපදෙස් පිළිගැනීම, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම, ගැටලුව සමස්තයක් ලෙස ගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම සහ එම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම ඒ කරුණුයි.

අප අනුගමය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි. ඉතින් මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායක්තවය ලබා දෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා. රට වෙනුවෙන් එකට එක්වී අපි මේ අභියෝගයට මුහුණ දෙමු.

ඒ නිසා පාර්ලිමේන්තුවේ ජාතික සභාව, ළගඳීම ස්ථාපිත කරන “ජනසභාව” පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ රට ගොඩනගන පොදු වැඩපිළිවෙළකට එක්වන මෙන් මම නැවතත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

පාපන්දු අවුල : පාර්ලිමේන්තුවේදිත් ඇදෙයි !

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය නිසි වේලාවට නොපවත්වා ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර ඇත .

ඒ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහත දැක්වෙයි .

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එහි නිලධාරී මණ්ඩලය වාර්ෂිකව නිල වරණයක් පවත්වා තෝරාගත යුතුව තිබෙනවා. එසේ වුව ද මේ වනවිට නිල වරණයක් නොපවත්වා එහි කටයුතු පවත්වාගෙන යාම තුල සම්මේලනය තුල අරාජිකත්වයක් ගොඩනැඟී තිබෙනවා."

මේ තත්වය තුල සම්මේලනය යථාවත් කිරීම වෙනුවෙන් කඩිනම් නිල වරණයක් පවත්වා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. එසේ වුව ද ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුල දී එකිනෙකට පරස්පර අතිවිශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කර තිබෙනවා. 2022 සැප්තැම්බර් 8 වැනි දින ගැසට් නිවේදනය මගින් නිලවරණය පැවැත්විය යුතු දින මැයි 31ට පෙර නොව සැප්තැම්බර් 15 බව දක්වමින් කල්දමා තිබෙනවා.

අනතුරුව 2022.9.17 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් නිල වරණය පැවැත්විය යුතු දින ඔක්තෝබර් 31ට බවට ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව 2022.9.22 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් 2022 වර්ෂයට පමණක් අදාලව නිකුත් කර ඇති 2022.9.17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කළා.

දැන් වලංගු වන දිනය කතානායකතුමනි පසුගිය සැප්තැම්බර් මාසේ 15 වැනිදා. එසේ නම් සැප්තැම්බර් 15 වැනිදාට පෙර නිලවරණය පැවැත්විය යුතුව තිබුණා. දැන් නිලවරණය පවත්වා නැහැ. එහෙයින් මේ වනවිට පාපන්දු සම්මේලනය මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා,"

කට දුන්නාම ඩලස් නෑ : ඩලස් ඉන්නකොට කට නෑ !

ඩලස්ලගෙ සෙට් එකට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්නෙ නෑ කියල, මේ දවස්වල ලොකු වාදයක් යනවා.

ආණ්ඩුව කියන්නෙ විපක්ෂෙට ගියා නම්, විපක්ෂයෙන් වෙලාව ඉල්ල ගන්න කියල. ඒත් ඩලස්ල ජී එල් ල කියන්නෙ ආණ්ඩුවෙන් වෙලාව ඕන කියල .

ඊයෙත් (04) පාර්ලිමේන්තුවේ දි මේ කතාව ඇදුන.

දයාසිරියි විමලුයි දෙන්නම ඩලස්ලගෙ ටයිම් ඇලොකේෂන් සටනට සපෝර්ට් කරමින් කතා කලා.

ඒ ගාලගෝට්ටියෙන් පස්සෙ දිනට නියමිත පනත් කෙටුම්පත් ගැන විවාදය පටන් ගත්ත.

උණුසුම් වාද විවාද සමග විවාදය පැවැත් උණා. වෙලාව හතරහමාරට විතර ඇති. මූලසනයේ හිටියේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ.

""මීළඟට ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා .ඔබතුමාට විනාඩි 7 ක කාලයක් තියෙනවා." එසේ කියමින් නියෝජ්‍ය කතානායකතුමා ඊළග කතිකයට ආරාධනා කලා.

මලකෙළියයි ඩලස් ලොක්ක පාර්ලිමේන්තුවේ නෑ . ඉතින් නියෝජ්‍ය කතානායක ඊළග කතිකයට කතාවට ආරාධනා කලා.

උදේ කතා කරන්න වෙලාව දෙන්න නෑ කියල රණ්ඩු කරපු ඩලස් ගැන පාර්ලිමේන්තුවේ කට්ටිය මොනව හිතුව ද මන්දා.. කට අරින්න ඉල්ලනවා.. දෙනකොට වාෂ්ප වෙනවා..!

- දේශපාලන වාර්තාකරු

Page 192 of 385