රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය.
අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 88 ලක්ෂ 50,000ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් 'දූෂණය' නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීය.
දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
aruna.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
