හැම බලයටම වඩා ප්‍රබල බලය ගැන අනුර කියයි !

හැම බලයටම වඩා ප්‍රබල බලය ගැන අනුර කියයි !

හැම බලයකටම වඩා ජන බලය ඉතා ප්‍රබල බව ඉතිහාසය ඔප්පු කර තිබෙන බව ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ජාතික ජන බලවේගයේ ජා-ඇළ ආසන සමුළුව අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

අපේ රටේ තීරණාත්මක ලෙස දේශපාලන කඳවුරු දෙක බෙදිලා ඉවරයි. දැන් අපට තිබෙන්නේ පළමුවැනියා වෙනව ද, දෙවැනියා වෙනව ද කියන සටනයි. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් වුවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. ආපසු හැරී බැලුවාම වෙනසක් වෙලා නැහැ. අපේ රටට වුවමනා සැබෑ වෙනසක්.

අපේ රටට දේශපාලන සංස්කෘතියේ, ආර්ථික ප්‍රතිපත්තියේ සහ යහපත් සමාජ වෙනසක් අවශ්‍යයි. දශක ගණනාවක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සැබෑ වෙනස සිදු කරන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම්. මහජනයාගේ ධනය පරෙස්සම් කරන දේශපාලනයක් ඕනෑ.

සැමට සාධාරණ නීතියක් අවශ්‍යයි. රටේ ප්‍රබලම කඳවුර මාලිමාව බවට පත් කරමු .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න