අපරාධ කළ පූජකයන් 56ක් ඇතුළේ !

අපරාධ කළ පූජකයන් 56ක් ඇතුළේ !

මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන, මුදල් වංචා සහ නිධන් හෑරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් විවිධ ආගමික පූජකවරුන් 56 දෙනකු බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

ඒ අනුව මේ පිරිස අතර දඬුවම් විඳින සිරකරුවන් සංඛ්‍යාව 34ක් වන බවත් එයින් වැඩිම පිරිසක් බෞද්ධ පූජකවරුන් ලෙස කටයුතු කර ඇති අතර එම සංඛ්‍යාව 29 ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව හින්දු පූජකවරුන් තිදෙනකු සහ ඉස්ලාම් පූජකවරුන් දෙදෙනකුද මෙම දඬුවම් විඳින සිරකරුවන් අතර සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා ඒ චෝදනා සම්බන්ධයෙන් ආගමික පූජකවරුන් තවත් විසි එක් දෙනකු සැකකරුවන් ලෙස බන්ධනාගාරවල සිටින බවද සඳහන් කළේය.

තවද සැකකරුවන් ලෙස සිටින පූජකවරුන් අතර වැඩි පිරිසක්ද බෞද්ධ වන අතර එම සංඛ්‍යාව 19ක් බවත් ඊට අමතරව කතෝලික පූජක වරයෙක් සහ ඉස්ලාම් පූජකවරයෙක්ද සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

ළමා අපචාර සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 19 දෙනෙක් දඬුවම් විඳින අතර එම චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස සිටින බෞද්ධ පූජකයන් සංඛ්‍යාව 4ක් බවත් එක් හින්දු පූජකවරයෙකුද වන බවත් සඳහන් කෙරින.

මේ අතර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 3ක් බන්ධනාගාර වල දඬුවම් විඳින අතර මීට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස තවත් බෞද්ධ පූජකවරයෙකු බන්ධනාගාර ගතව සිටින බවද පැවසිණ.

මෙයට අමතරව බෞද්ධ පූජකවරුන් 2ක් මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් තවත් එක් බෞද්ධ පූජකවරයෙක් සැකකරුවකු ලෙස බන්ධනාගාර ගතව සිටියි.

බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු දෙදෙනෙක්ද බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් එක් බෞද්ධ පූජකවරයෙකු ද සිර දඬුවම් විඳියි.

මුදල් වංචා සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් දෙදෙනකු සහ හින්දු පූජක වරයකු සිර දඬුවම් විඳින බවත් නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් තිදෙනකුද දඬුවම් විඳින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න