Eris: හඳුනා ගත් නව කොවිඩ් ප්‍රභේදයක්

Eris:  හඳුනා ගත් නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් – 19 නව ප්‍රභේදයක් වන එරිස් (Eris) වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව එංගලන්ත සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.

ඔමික්‍රෝන් කොවිඩ් වෛරසයෙන් හට ගත් උප ප්‍රභේදයක් ලෙස එරිස් වෛරසය සැලකේ. පසුගිය මාසයේදී පළමුවරට එරිස් වෛරස් ආසාදිතයෙක් වාර්තා වුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. පසුව ආසියා මහද්වීපයෙන් ද එරිස් ආසාදිතයන් සොයා ගැනුණි.

එරිස් ප්‍රභේදය නව COVID 19 රෝගීන්ගෙන් හතෙන් එකකට ආසාදනය වන බව සොයාගෙන තිබේ.

එරිස් හි වඩාත් සුලභ රෝග ලක්ෂණ 5 වන්නේ නාසයෙන් සොටු දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුවයි.

එන්නත් සහ පූර්ව ආසාදන මඟින් මිනිසුන් ආරක්ෂා වුවත්, රටවල් ඔවුන්ගේ ආරක්ෂාව අත් නොහැරිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සදහන් කළේය.

එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් ඉල්ලා සිටින්නේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට ජනාකීර්ණ ස්ථානවල මුහුණු ආවරණ පැලඳීම, බූස්ටර මාත්‍රා ලබාගැනීම සහ ගෘහස්ථව ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහතික කරන ලෙසයි.

එමෙන්ම, COVID-19 එරෙහිව රටවල් ගොඩනඟන ලද පද්ධති නඩත්තු කිරීම සහ විසුරුවා නොහරින ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න