නියඟය නිසා සිදුවූ වගා හානි තක්සේරු කරන්න උපදෙස් !

නියඟය නිසා සිදුවූ වගා හානි තක්සේරු කරන්න උපදෙස් !

මේ වන විට මතුව තිබෙන නියං තත්ත්වය හමුවේ වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් නිකුත්කළ බව වාර්තා වෙයි .

මෙම යල කන්නයේ දී නියඟයේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට සිදු ව ඇති හානිය ඉහළ ගොස් ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දී ඇති අතර ඒ අනුව අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .

නියඟයේ බලපෑම නිසා අනුරාධපුර මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හානි සිදුවී ඇති බැවින් ගොවීන්ට වන්දි මුදලක් ලබා දීමට සිදුවනු ඇති වනු ඇති බව ගොවි නියෝජිතයන් පෙන්වා දී ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම නිසා වී වගාවට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම වහාම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර ට උපදෙස් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න