දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්න : ජනපතිගෙන් ප්‍රතිඥාවක් !

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්න : ජනපතිගෙන් ප්‍රතිඥාවක් !

දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ද කටයුතු කළේය.

උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරණ සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමඟින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

පාසල් සිසු දරුවන් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස මෙලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් අද ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටි අතර ඔවුනට නව ඇත්දැකීම් රැසක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි විය.

විදුහල්පතිනි එම්. අබේගුණසේකර  සහ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230808 WA0005

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න