අරගලයක සෙවනැල්ලක් ගැන බුද්ධි වාර්තාවක් !

අරගලයක සෙවනැල්ලක් ගැන බුද්ධි වාර්තාවක් !

නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.

කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව පෙන්වා දෙනු ලැබ ඇතැයිද වාර්තා වේ. එසේම ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ මාධ්‍ය ආයතන ජනතාව ප්‍රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.

විපක්ෂයේ පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද මේ කටයුත්තට සම්බන්ධ වී සිටින බවට බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.

නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා එමගින් ආහාර හිගයක් ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටහනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන බුද්ධි අංශ වාර්තාව මෙම පිරිසට අද අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න