පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය හා බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් ලබන 9 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(25) නියෝග කළා.
අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්රියාත්මක වන “e-Courts” ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කෙරෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්යාප්ත වැඩසටහන යටතේ සියලු දිසා අධිකරණවල විභාගවන නඩු සඳහා ගැළපෙන පරිදි විද්යුත් ගොනු කිරීමේ පද්ධති හදුන්වාදීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ එම පහසුකම පළමු වරට හදුන්වාදුන් කොළඹ 07, අතිරේක දිසා අධිකරණ, සුළු හිම්කම් අධිකරණයේ නඩු ගොනු කිරීමේ පද්ධතිය ගරු අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන විසින් ඊයේ (23) පස්වරුවේ නිරීක්ෂණය කරන ලදී.
දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් හඳුන්වාදීම වෙනුවෙන් සකස් කළ ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නියමය පරිදි 2026 සැප්තැම්බර් 22 වන දින ගැසට් මගින් පළ කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය පියවර ගෙන ඇත.
ගල්ගමුව ප්රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතා ගේ පාදයකට වෙඩි වැදී ඇති බවට සැක පළ වී ඇති අතර, පාදයේ දණහිස ආශ්රිතව ඉදිමීමක් හේතුවෙන් ඇතාට ඇවිදීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඇතා ගේ ජීවිතය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. සැප්තැම්බර් 21 සහ 22 අතර කාලය තුළ මෙම තුවාලය සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවත්, ඇතා ගේ පාදයක දක්නට ලැබෙන ආබාධය හේතුවෙන් එය දැඩි වේදනාවකින් පසුවන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඇතාගේ තුවාලයට නිශ්චිත හේතුව සහ එහි බරපතළකම පශු වෛද්ය පරීක්ෂණයකින් තහවුරු කළ යුතු ය.
ශ්රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ධාරිතාව, ප්රාදේශීය ආයෝජන අවස්ථා සහ තිරසාර නිෂ්පාදන ක්ෂේත්රය පිළිබඳ ජාත්යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්යාංශය එක්ව කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්යතාන්ත්රිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සඳහා නැගෙනහිර පළාතේ තෙදින සංචාරයක් සංවිධානය කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
