වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි, නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න, කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයෙන් සිතාසියක් ලද හොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස අද (29) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන දැනුම් දුන්නේ ය.
"ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ" (Rebuilding Sri Lanka) විශේෂ රාජ්‍ය අරමුදල වෙත රුපියල් බිලියන 6.1 කට අධික දේශීය මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 11.4 ක දැවැන්ත විදේශීය ආධාර මුදලක් ගලාවිත් ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය (Presidential Secretariat) නිල වශයෙන් තහවුරු කර තිබුණ ද, එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු නිල තොරතුරක් හෝ විගණන වාර්තාවක් නොමැති බව පැවසේ.
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන් ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන් ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
මාර්ටින් වික්‍රමසිංහ ගේ 136වන ජන්ම සංවස්තරය නිමිති කර ගනිමින් මාර්ටින් වික්‍රමසිංහය භාරකාර මණ්ඩලය සහ ජාතික පුස්කතකාලය එක්ව සංවිධානය කරන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් රචිත ''නවකතාවක් පමණක් නොවන නවකතාවක්'' කෘතිය මැයි 29වන දා සවස 02.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
