අද වැනි දිනක අප රට මහා භයංකාර අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය පාර්ලිමේන්තුවට රටේ ජනතාවට ඇතිව තිබෙන අර්බුධයට මුහුණ දෙන ආකාරය ගැන ප්‍රකාශයක් කළ යුතු වුවත් එවැනි දෙයක් ඉටු නොකර මේ අර්බුධවලට සුදානම් වෙන ආකාරය ගැන උපදෙස් දෙන බවත් අමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වී ඉරානයට ප්‍රහාර දියත් කළේ 2025 ජුනි මාසයේ බවත් ඒ ප්‍රහාරත් සමග සූදානම් වී ක්‍රමෝපායික සැලසුම් සකස් කළ යුතු වුවත් මේ රජයට කිසිදු Scenario planning (අවස්ථා සැලසුම් කිරීම) එකක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉන්ධන අර්බුධය නිසා විදුලි නිෂ්පාදනය ප්‍රවාහන සෞඛ්‍ය හා කර්මාන්ත ක්ෂේත්‍ර බරපතල ලෙස කඩා වැටී දරුණු ආර්ථික අර්බුධයක් නිර්මාණය වූ බවත් වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය නිසා ලංකාවේ ඇතිව තිබෙන ඉන්ධන අර්බුධය තුළ පසුගිය අර්බුධකාරි අවස්ථාවෙන් පාඩම් ඉගෙන ගෙන ඇත් ද කියා විමසිය යුතු බවත් රටේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් රජයට යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
