Image

අනුරාධපුර පූජාභූමිය ගැන ව්‍යාජ පුවත් පැතිරවූ අයට නීතිමය පියවර - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

අනුරාධපුර පූජාභූමිය ගැන ව්‍යාජ පුවත් පැතිරවූ අයට නීතිමය පියවර - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සම්බන්ධව ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන අමාත්‍යාංශය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

"අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වටා වැටක් ගහනවාලු.. රාම කෝවිලක් හදනවාලු.. මේවා හිතළු.." යැයි ඔහු කීය.

එම ප්‍රචාර යවන පුද්ගලයන් හදන මතවාද හරහා සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක්, කැළඹීමක් ඇති වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කිසිදු සාධකයක්, සාක්ෂියක් නැතිව මෙවැනි බොරු ප්‍රචාර කිරීම තුළ සමාජයේ කෙතරම් කැළඹීමක් ඇති වෙනවා දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ පූජා භූමි නගර සැලැස්ම පිළිබඳව ජනාධිපතිවරයා ද ඊයේ දින අනුරාධපුරයට ගොස් ඊට අදාළ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න