හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ බිරිඳගේ උපාධි ප්රදානෝත්සවය සඳහා රජයේ මුදල් වැය කළ බව කියන සිද්ධියට අදාළ නඩුකරය කැඳවන අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියකට ඇප මත මුදාහැර ඇති කෝට්ටේ නාගරික මන්ත්‍රී හර්ෂණී සදරුවනිට එරෙහිව ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා ලබන 2027 වසරේ මාර්තු මස 17වන දා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 7 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කළා.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ, සමාගම් හයක් සහ ඒවායේ අධ්යක්ෂවරුන්ට අයත් සියලු ම දේපළ හා වෙනත් වත්කම් පැවරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුදල් ආයතන පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් අත්හිටුවීමේ නියෝග නිකුත් කර ඇත; එමෙන්ම, එම වත්කම් අත්හිටුවීමේ නියෝග කොළඹ මහා අධිකරණය විසින් තහවුරු කර දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන ව්යාපාරයේ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේ දී සිදු කළේ ය.
යාපනය දිස්ත්‍රික්කයේ, පේදුරුතුඩුව මූලික රෝහලේ සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් රුපියල් මිලියන 212ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ඉදිකිරීමට යෝජිත සිව්මහල් නව හෙද නිල නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කළේ ය.
ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, පටු දේශපාලනික බෙදීම් අමතක කර අප සියල්ලන්ම එකට බැද තබන්නාවු අප මව් බිමේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙත නැවත කැප වන ලෙස ට ශ්‍රී ලංකාවේ සියලු ම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි නිදහස් ක්රියාන්විත මධ්යස්ථානය (Free Operation Centre) සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
