Image

ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාවට හමුදා අනුඛණ්ඩ යොදවයි

ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාවට හමුදා අනුඛණ්ඩ යොදවයි

දිවයිනේ ගම්මාන 13ක් ආශ්‍රිතව වෙසෙන අග්බෝ, මහානාම, කාශ්‍යප සහ විජයබා ඇතුළු ඇතුන් දහතුන් දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

ඇතුන් 13 දෙනෙකු මෙලෙස අනාරක්ෂිත බව හඳුනාගෙන ඇති අතර, මේ පිළිබඳව පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද  ඉකුත් (23) දා පවත්වා තිබේ.

ඒ අනුව මෙලෙස විශේෂ ආරක්ෂාව සැලසෙන ඇතුන් 13 දෙනා සහ එම ඇතුන් සැරිසරන ප්‍රදේශ පහත පරිදි වේ:

  • මහානාම – කුමන ආරුගම්භ ප්‍රදේශය
  • කාශ්‍යප – බුන්දල හා වීරවිල
  • විජයබා – දිගම්පතන හා මින්නේරිය
  • සුරනිමල – කලාවැව
  • අග්බෝ – මහ කනදරාව
  • සුමේධ – උඩවලව
  • සූර්යයා – මහවිලච්චිය හා හලාවත
  • මහාසේන – ලුණුගම්වෙහෙර
  • දීඝාභය – මහවිලච්චිය
  • ගජබාහු – යාන්ඔය හා වාහල්කඩ
  • වන්නියා – මුලතිව්
  • මාදුරුඔය සැරිසර තවත් ඇතෙක්

ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ අදාළ ඇතුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, සම්බන්ධීකරණ කටයුතු ඒ හරහා සිදු කෙරෙනු ඇත.

හඳුනාගත් ප්‍රදේශ 13 සඳහා යොදවන හමුදා අනුඛණ්ඩ, වනජීවී කාර්යාල සහ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කරගනිමින් කටයුතු කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න