Image

කාවන්තිස්සගේ මරණය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

කාවන්තිස්සගේ  මරණය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

රටේ ජාතික ස්වාභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමටත්, එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබේ.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත අත්සන් කරන ලද යෝජනාව අද (23) භාර දීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සෙවීම සේම දැනට සිටින ඇත් පරපුර ආරක්ෂා කිරීම ගැනත් පියවර ගත යුතු බවත් මෙය දේශපාලනයෙන් තොර දෙයක් බවත්ය.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ද පක්ෂ භේදයෙන් තොරව සම-සභාපතිත්වයෙන් යුතුව සාර්ථකව ක්‍රියාත්මක වන නිසා මෙම කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ සොයන කමිටුවට ද රාජ්‍ය හා විපක්ෂයේ සම-සභාපතිත්වයෙන් යුතුව ස්ථාපිත කරන ලෙසට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී කතානායකවරයා වෙත යෝජනා කළේය.

අදාළ යෝජනාව කියවන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න