අස්වැසුම ප්‍රතිලාභීන් 16800ක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර නැනැයි සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර පවසයි.
ඔහු මෙම කරුණ අනාවරණය කළේ සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාවට නංවන අස්වැසුම ඇතුළු අනෙකුත් සුබ සාධක වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම ආයතනයේ ඊයේ (17) පැවැති වැඩමුළුවේ දී ය.
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභය ලබා ගැනීමට සුදුසුකම් තිබෙන පිරිස අතරින් 16800දෙනකු බැංකු ගිණුම් බැංකු ගිණුම් ආරම්භ නොමැති බව ද අනාවරණය වි තිබේ. ඒ අනුව මෙම ප්‍රතිලාභීන්ට අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභය හිමිව තිබුණ ද ප්‍රදානය කිරීමට නොහැකිව තමන් ද අසීරුතාවයට පත්ව ඇති බව සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවස යි.
බොහෝ දෙනෙකු හට මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇත්තේ ජාතික හැඳුනුම්පත නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කළ නොහැකි නිසා යැයි ද වාර්තා වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ 2700දෙනෙකු බැංකු ගිණුම් ආරම්භ කර නොමැති අතර, එය දිස්ත්‍රික්කයක් තුළ බැංකු ගිණුම් ආරම්භ නොමැති නොමැති විශාලම සංඛ්‍යාව ය. අන්ත දුප්පත්, දුප්පත්, සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ යනා දී ලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ වර්ගීකරණ හතරක් තිබේ. බැංකු ගිණුම් ආරම්භ කර නැති පිරිස් අතරින් 8000ක් දුප්පත් කාණ්ඩයේ ය. මෙම පිරිස බැංකු ගිණුමක් ආරම්භ කළහොත් ප්‍රතිලාභ ලබාදීම ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය සඳහාවූ ගෙවීම එකවර සිදු කිරීමට සුබ සාධක මණ්ඩලය කටයුතු කරන බව එහි සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර වැඩි දුරටත් පැහැදිලි කළේ ය.
ජේ.මුණසිංහ

