පාත්ෆයින්ඩර් පදනම සිය පෑලියගොඩ පිහිටි මූලස්ථානයේ දී ජපන් භාෂාව හදාරන විද්‍යාර්ථීන් අරමුණු කරගෙන එන්ට්සුජී ඒකකයක් ස්ථාපිත කරයි.
යෝහී සසකාවා ගේ නායකත්වයෙන් ක්‍රියාත්මත නිපොන් පදනම මූල්‍ය ආධාර සපයන සහ තෝකියෝ පදනම කළමනාකරණය කරන එහි ''රීඩ් ටු ජපෑන්'' ව්‍යාපෘතිය යටතේ ඉහළ අධ්‍යයන අවශ්‍යතා සඳහා උපයෝගී කරගත හැකි පොත් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා විසින් පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ වෙත අද (18) භාරදෙන ලදී.
ශ්‍රී ලංකාව හා ජපානය අතර සංස්කෘතික හා අධ්‍යයන සහයෝගීතාව තවත් පුළුල් කරන පියවරක් වශයෙන් මෙම එන්ට්සුජී ඒකකය පිහිටුවන ලදී. ඉදිරියේ දී දෙරට අතර ආර්ථීක, සමාජ සහ සංස්කෘතික අංශ සම්බන්ධයෙන් වෙන් කෙරෙන ජපන් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද නියමිත ය.
පාත්ෆයින්ඩර් පදනම දැනටමත් ඉන්දීය අධ්‍යයන, චීන සහ ඉරාන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙම පොත් පරිහරණය කිරීමට අපේක්ෂා කරන උසස් ජපන් භාෂා අධ්‍ය්‍යනය සඳහා ක්‍රියා කරන විද්‍යාර්ථීන්ට පාත්ෆයින්ඩර් පදනමෙන් වැඩිදුර විස්තර විමසිය හැකි ය.


