ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන එන්. ටී. රුක්මල් ජයවීර නමැති පුද්ගලයා අවස්ථා ගණනාවක දී ම රාජකාරිවල දී ප්‍රාදේශිය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන්නේ යැයි ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් ඉදිරිපත් කරමිනි.
ඉඩම් රාජකාරිවලට අදාළව අහිතකර ලෙස දේශපාලන මැදිහත් වීම් සිදු කිරීම සම්බන්ධයෙන් එම සංගමයේ විරෝධය පළ කර ඇති අතර මින් ඉදිරියට ඉඩම් රාජකාරිවල දී දේශපාලන අධිකාරිය විසින් සිදු කරනු ලබන අනිසි මැදිහත් වීම් වළක්වා ගැනීම සදහා දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් කරන ඉඩම් ගැටලු අදාළ කාර්යාල වෙත යොමු කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ගරු සභාපති ආර්. සෙන්තිල් සහ ගරු ලේකම් ආර්. එම්. නුවන් සී. හේමකුමාර යන දෙපළගේ අත්සනින් යුත් ලිපිය සහ ඔවුන් කරන පැමිණිල්ලට අදාළ සාක්ෂියකි.


