මඩකළපුවට මි.මී. 128 ඉක්මවූ තද වැසි; අඩු පීඩන කලාපය හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු වෙයි

මඩකළපුවට මි.මී. 128 ඉක්මවූ තද වැසි; අඩු පීඩන කලාපය හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු වෙයි

දිවයිනට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මඩකළපුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 128.9 කි. මේ අතර, උඩරට ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයත් සමග නුවරඑළියෙන් සෙල්සියස් අංශක 13.4 ක අවම උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.

කළුතර සිට පුත්තලම සහ මන්නාරම හරහා මෙන්ම, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි ය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස උපදෙස් දී ඇත.

වෙරළබඩ කලාපය: ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශ: දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි ඇතිවිය හැකි ය.

තද සුළං: ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, එවිට මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

පවතින අඩු පීඩන තත්ත්වය හමුවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න