සමන් ඒකනායක ඇප මත මුදා හරී

සමන් ඒකනායක ඇප මත මුදා හරී

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදා හැරීමට අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ඔහුට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින්, අදාළ වරදට ආධාර සහ අනුබල ලබා දුන් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න