2022 වසරේ කතාව කළ අරගලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කළා යැයි 12 දෙනෙකුට මරණ දඩුවම දීම පිළිබඳ අදහස් දක්වමින් ගාලුමුවදොර අරගලකරුවන් අද මාධ්‍ය හමුවක් පැවැත්වි ය.
මතු පළ වන්නේ ඔවුන් එම මාධ්‍ය හමුවේ දී පළ කළ අදහස් ය.
කුන්ඩලකේශි වන්නිආරච්චි
''අරගලය යනු සමාජ විප්ලවයක් ලෙස සලකා යුක්තිය සපත කරමු; අයුක්තිය හමුවේ නැගෙන අරගලය යුක්තියක් ලෙස සලකමු.''
විරාජ් ලියනාරච්චි
''අරගලය ජනතා නැගිටීමක්; ආණ්ඩුවට මේකට සද්ද නැතිව ඉන්න බෑ. ඇමතිවරුත් සමහර නඩුවල ඉන්නවා. ආණ්ඩුව පැනල යන්න හදන්න එපා. මේකේ කොටසක් ඔයාලටත් තියෙනවා.''
කැලුම් අමරසිංහ
''කාටවත් ගහන්න ආපු එකක් නෙවෙයි මේක. අපි ඒකට අදාළ නෑ කියන එක සාධාරණ නෑ. තුනෙන් දෙකක බලයක් තියෙනවා. මේකට විශාල කාලයක් ගිහින්. 71 අරගලය ගැන කියනවා සමාජ යුක්තිය ගැන පැන නැගුන අරගලයක් කියලා. අරගලයට සම්බන්ධ වෙච්ච ඇමතිවරු මංත්‍රීවරුන් ඉන්නවා. අධිකරණයට අපහස කරනවා නෙවෙයි. පතෝල වගේ වෙන්න එපා. පාලකයින් හිතා මතා මේ නඩු ටික අමතක කළා. මේ නඩු සියල්ලට වෙනම නීති කෘත්‍යයක් කරන්න.''
චාරු
''අරගලය් තුල LGBT ප්‍රජාව නියෝජනය කළා. මේ රටේ ප්‍රශ්නය අපේ ලිංගිකත්වය ද...? සිවුරු ඇදගත් මිනීමරුවන් දාලා අපිට අපහස කරනවා. මේක ආදරයේ අරගලයක්. රටේ ප්‍රශ්න වෙනුවෙන් එළියට බැහැපු අය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි දූශිත පාලකයින් එළෙව්වා. අමරකීර්ති ඝාතනය හුදෙකලා සිද්ධියක් නෙවෙයි. ජෝස්ටන්ලා අරක්කු දීලා පිරිසක් ගෝල්ෆේස් එකට එව්වේ නැත්නම් අදටත් ගිනි තැබීම් නෑ. ආණ්ඩුවට නිහඩව ඉන්න අයිතියක් නෑ; ඒකට සදාචාරාත්මක අයිතියක් නෑ.''
නාට්‍ය කරුවෙක්
''අමරකීර්ති ඝාතන සිද්ධිය පමණක් කේන්ද්‍ර ගත කරන්න බෑ. මේ ඝාතනය සාධාරනීකරණය කරන්නේ නෑ. මේ අරගලය සවිඥානිකව තේරුම් ගන්න. අමරකීර්ති ඝාතනයට තව 12ක් ඝාතනය කරන්න පුළුවන් ද? සැලසුම් සහගතව කිසිදු මරණයක් සිදු උණේ නෑ. පහරදීමෙන් අරගලකරුවන් මිය යෑම පිළිබඳ කවුරුත් කතාකරන්නේ නැද්ද...? ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනට ඔවුන් කර හරිමින් ඉන්න බව පේනවා. තුනෙන් දෙකක බලයක් තියෙන ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ. ඔවුන්ට හැකියාව තියෙනවා ව්‍යවස්ථා තීරණයක් ගන්න.''

