ඉදිරි දේශපාලන කටයුතු සහ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්විණි.
මහාචාර්ය ජී.එල්. පීරිස් ගේ මැදිහත්වීම මත පැවැත්වුණු මෙම හමුව සඳහා විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයින් රැසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, එම පක්ෂයේ සභාපති ධුරය දැරූ මහාචාර්ය ජී.එල්.පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් මෙම විශේෂ සාකච්ජාවට සහභාගී වූහ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී ඇති බවයි.
අද දින පැවැත්වූ මෙම සාකච්ඡාව එහි දෙවන අදියරක් ලෙස ක්‍රියාත්මක වූ බවත්, මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා පොදු එකඟතාවයකට පැමිණීම බවත් වාර්තා වේ.
මෙම පක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් 21 වන දා නුගේගොඩදී “මහා ජන හඬ” යනුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැලියක් ද පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
