විදුලි බිලේ බර පාරිභෝගිකයාට ද, බදු ගෙවන්නාට ද; මාධ්‍ය හමුව 19වන දා...

විදුලි බිලේ බර පාරිභෝගිකයාට ද, බදු ගෙවන්නාට ද; මාධ්‍ය හමුව 19වන දා...

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පුරවැසි මෙහෙයුම සමඟ රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය පිළිබඳ පුරවැසි මෙහෙයුමේ වාර්තාව එළි දැක්වීම සහ මාධ්‍ය හමුව 2026 පෙබරවාරි 19වන දා පෙරවරු 11.00 ට කොළඹ 02, නිපොන් හෝටලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙහි දී: මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන අදහස් දැක්වීමට නියමිත ය.

2024 ශ්‍රී ලංකා විදුලිබල පනත සහ 2025 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට නියමිත ය. ඒ වෙනුවට සම්පූර්ණයෙන් ම රජයට අයත් සීමිත පෞද්ගලික සමාගම් හයක් මේ වන විට ස්ථාපිත කර ඇත. මෙම ක්‍රියාවලිය මෙහෙයවන ලද්දේ බලශක්ති අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති 'විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ ලේකම් කාර්යාලය' මගිනි. මේ පිළිබඳව බලශක්ති ක්ෂේත්‍රයේ නිෂ්පාදකයින්, පාරිභෝගිකයින්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම පුරවැසි සමාජය වෙතින් ද විශාල උනන්දුවක් දක්නට ලැබිණි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදාළ විවිධ පාර්ශ්ව සමග පැවැත්වූ සාකච්ඡා ගණනාවකින් සහ අවසානයේ දී ඒ සියලු දෙනා ගේ ම සහභාගිත්වයෙන් පැවැත්වූ වැඩමුළුවකින් ද ලබා ගත් දත්ත සහ තොරතුරු සම්පිණ්ඩනය කරමින් වාර්තාවක් සකස් කිරීමට 'විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පුරවැසි මෙහෙයුම' විසින් කටයුතු කරන ලද්දේ ය. එම වාර්තාව සකස් කරන ලද්දේ මහාචාර්ය රොහාන් සමරජීව විසිනි.

2026 පෙබරවාරි 19 බ්‍රහස්පතින්දා පෙරවරු 11.00 ට කොළඹ 02, නිපොන් හෝටලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වන ලෙස ඔබට මෙයින් ආරාධනය කරමු.

මේ සම්බන්ධයෙන් කරන ලද මූලික සාකච්ඡා සහ අවසන් වැඩමුළුව SLVLOG POD TALKS YouTube අඩවිය ඔස්සේ ප්‍රවේශ විය හැකි ය.

විමසීම්: හර්ෂ ගුණසේන- 077-329 5002

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පුරවැසි මෙහෙයුම වෙනුවෙන් - නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න