Language Switcher

Ad

Ad 01

V2025

''වෙනස් කළ තැනින් ඔබ්බට පිරිපුන් දේශයක් කරා...'' - පිරිපුන් සංවිධානයේ වැඩක්

රට පෙරට ආ යුත්තේ අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලකින් බව පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ ප්‍රකාශ කරයි.

“වෙනස් කල තැනින් ඔබ්බට පිරිපුන් දේශයක් කරා” නැමැති වැඩපිළිවෙළ හඳුන්වාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පිරිපුන් සංවිධානයේ ඉංජිනේරු ආනන්ද දේවසිංහ,

සමාජයක් ලෙස මැතිවරණයකදී දෙන පණිවිඩය හා ඒ අනුව රටේ ජනතාවගේ ඒ මොහොතේ අභිලාශය තේරුම ගැනීමට අසමත් වුනොත් ඉදිරි තීන්දු තීර්ණ ගැනීමේදී නායකයින් තම ගමන තමන් විසින්ම විනාශ කර ගනු ලබනවා.

පිරිපුන් සංවිධානය කියන්නෙ ම වැඩ පිළිවෙලක් මත ක්‍රියා කරන හා ඕනෑම ප්‍රශ්නයක් දෙස වෘත්තීය මට්ටමෙන් තීන්දු තිරණ ගෙන සමාජය වෙත නිවැරදි දේ අවබෝධ කර දීමට උත්සහ කරන කණ්ඩායමක්. ඒ අනුව මේ වෙන විට රට තුළ උද්ගතවෙමින් පවතින යම් යම් සිද්ධීන් හා පිරිපුන් සංවිධානයේ අතීත , වර්තමාන හා අනාගත වැඩ පිළිවෙල පිළිබදව යම් විග්‍රහයක් ජනතාව වෙත ඉදිරිපත් කරන්නෙ එය රටේ ජනතාවෙගේ බුද්ධිය අවදි කිරීමට පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරන බැවිණි.

මොකද රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් වෘත්තිකයින්ගේ වගකීම විය යුත්තේ තමන් ඔලුව වර්ධනය කර ගත් තරමටම තම බුද්ධිය වර්ධනය කර ගැනීමට අපොහසත් වූ සාමන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් හරි වැරැද්ද? කියල දී හා ඒ තුළ ඔවුන් නිවැරදී තීර්ණ ගැනීමට පෙළඹවීමයි, මොකද? ඔවුන් තීන්දු තීරන ගන්නේ ඔවුන්ට තේරෙන ප්‍රමාණයේ සිටයි.


''වෙනස් කළ යුත්තේම මිලියන 22ක් වූ රටේ ජනතාවයි''


අද වෙන විට රූපවාහිනි හා වෙනත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නිතර ඇසෙන සමීක්ෂණ වාර්ථා අනුව සම්මාන ප්‍රධානය කරන අවස්ථාවන් හොදම උදාහරණයකි. මේ රටේ ජනතාවගේ තේරුම් ගැනීමේ සීමාව අවබෝධ කර ගැනිමට, සමහර සම්මාන ලාභීන් දෙස බැලූ විට අපි කොතනද? ඉන්නෙ කියල හිතා ගන්නවත් බෑ, නමුත් රටේ ජනතාව ඉල්ලන දේ ඒක තමයි.

මැතිවරණයත් එසේමයි, කුමන දේ කුමන ආකාරයට කිව්වත් මිනිස්සු ඒ වෙලාවට තේරුන දේ අනුව තීරණය දෙනවා. එබැවින් අපි අවබෝධකර ගත යුත්තේ මේ රට වෙනස් කිරීමට නම් මේ පාලකයෝ වෙනස් කර වැඩක නෑ, වෙනස් කළ යුත්තේම මිලියන 22ක් වූ රටේ ජනතාවයි.

ඒ අය පුද්ගලයා දෙස නොබලා සිද්ධිය දෙස බලා එය විග්‍රහ කර තීර්ණ ගැනීමට පුරුදු කළොත් මේ රටේ හරි තීරණ ක්‍රියාත්මක වෙන තැනට පරිවර්ථනය වේවි.



'නායකයා' කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුමක්”


පිරිපුන් සංවිධානය 2019 සිට රට ගොඩ නැගීම වෙනුවෙන් වෘත්තිකයින් එකතු වී ස්වේච්ඡාවෙන් වසර 15ක් සදහා වූ ( 2025-2045 කල සීමාවා සදහා) රට සංවර්ධනය කිරීම සදහා වෘත්තීය මට්ටමේ උපාය මාර්ගික සැලසුමක් ගොඩ නගන ලදී. ඒ තුළ කිසිදු දේශපාලනික බලපෑමකින් තොරව නියම විද්‍යාත්මක ක්‍රමවේද හරහා රට ගොඩ නැගිය යුතු ආකාරය KPI සහිතව ( උපාය මාර්ගික ඉලක්ක සහිතව) ඉදිරිපත් කර, 2023 වසරේදී ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සහා එම වැඩ පිළිවෙල පිලිබඳව මාස 6ක් තිස්සේ රටේ විශාල දේශපාලනික පක්ෂ, සිවිල් සංවිධාන, වෘ ත්තීය වේදීන් වෙන වෙනම ඔවුන්ගේ දෙපා මුලට ගොස් දැනුවත් කිරීම කර ඇත.

අපි සියලු දේශපාලන නායකයින්ට යෝජනා කෙළේ " නායකයා” කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “ රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුම” ඉදිරියට ගෙන මේ රට වසර 15 සියලු දෙනා එකතුවී රට ගොඩ නැගීමට එකතු වෙන ලෙසය. එසේම අපගේ වැඩ පිළිවෙල තුළ පෞද්ගලික යෝජනා කළේය .

කෙසේ වෙතත් ඉන් ඔබ්බට අප ජන වරම තුළ අවබෝධ කරගත් දෙයක් තිබුණි, එනම් ජනතාව ඒ මොහොතේ මෙවන් වෘත්තීමය වැඩ පිළිවෙලවල් පිළිබඳව ලොකු කැමැත්තක් හෝ දීර්ගකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබුනු බවයි. ඒ වෙනුවට ජනතාව ඒ මොහොතේ තීරණය කළේ රට විනාශ වුනේ ,එහෙම නැත්තම් අපි දුක් විදින්නෙ මෙතෙක් පාලනය කරපු පාලකයින්ගේ දූෂණ ක්‍රියාවළිය නිසාවෙනි, ඒ නිසා ඔවුන්ගෙන් පලිගත යුතුයි පළමුව කියන මතයේ සිට උගත්/නූගත්, ග්‍රාමීය/නාගරික, දෙස්/විදෙස් ගත සියලු කණ්ඩායම් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර ඇත කියන විග්‍රහය අපි තුළ තිබේ.


''උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමක් ''


කෙසේ වෙතත් අද වන විට රට තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් එම දූෂණ වංචා පාලනයක් වෙමින් තියෙන තත්ත්වය තුළ පිරිපුන් සංවිධානය ලෙස අපි දකින්නෙ මෙම තත්ත්වය අසීරු දෙයක් වන අතර එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා, ඉන් ඔබ්බට දැන් සිදුවෙන වැරදිත් නිවැරදි කර ගෙන යායුතු බවයි. එසේ නොමැතිව තව දුරටත් පැරණි කන්ඩායම ( මොනම ආකාරයෙන් හරි පැරිණි දේශපලනය තුළ දූෂණයට වංචාවට නියමින් හෝ අනියමින් උදව් උපකාර කළ ) නැවත එකතු වී මෙම හොද වැඩ පිළිවෙලෙහි අඩු පාඩු පෙන්වමින් නැවත දූෂණ රාජ්‍යක් ඇති කිරීමට උත්සහ කරන්නේනම් එය පිරිපුන් සංවිධානය ලෙස කිසිසේත් අනුමත නොකරන අතර එවන් කණ්ඩායම සමග දේශපාලනයට සම්බන්ධ වීම කිසි සේත් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තුවක් නැත.

වරක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් ම ප්‍රකාශ කළ පරිදි මේ රටට අපි ගොඩ නැගිය යුත්තේ පවතින රජයට වඩා හොඳ පාලනයක් විනා ගෙනා තැනින් ආපස්සට ගෙන යන පාලනයක් නොවේ.

එබැවින් පිරිපුන් සංවිධානය ලෙස මේ වෙන විට උත්සහ කරමින් සිටිනුයේ අප යෝජනා කරන උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමකි.


මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක් ...


අපි අලුත් අයට මේක කරන්න බෑ” කියන මතය තරයේ ප්‍රතික්ශේප කරන්ම අතර දේශපලනයටත්, පාලනයටත් නව නායකයින් ගෙන ආ යුතු අතර ඔවුන් කළමනාකරණය පිළිබඳව අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගිකව අත්දැකීම සහිත පුද්ගලයින් යොදා ගත යුතු බව විශ්වාස කරනවා. එහෙම නැතුව පැරණි දේශපාලකයින් එකතු කරගෙන තමන්ගේ ගොඩ පෙන්නමින් ඉදිරියට යන්න උත්සහ කරන සාම්ප්‍රදායික දේශපාලනය තුළ රට ඉදිරියට නොයනු ඇත.

අපි මේ මොහොතේ මේ රටේ නව පාලනය තුළ දකින ප්‍රධානම අඩුපාඩුව නම්, මොවුනුත් පැරණිරජයන් මෙන්ම අඳුරේ අතපත ගාමින් අඹ ගසට පොලු ගසන න්‍යායෙන් ජනතාව තාවකලිකව සතුටු කරමින් චන්ද ගොඩ ගැසීමේ ක්‍රියාවලියක යෙදෙන අතර රට ගොඩ නගන දිර්ග කාලින සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන බවක් දක්නට නොමැති අතර අනිත් ප්‍රධානම අඩුපාඩුව නම් ඉතාමත් දරුණු දේශපාලන පත්වීම මත රාජ්‍ය යාන්ත්‍රය හැසිරවීම විනා සුදුසු තැනට සුදුසු පුද්ගලයින් පත්කර රට ගොඩ නැගීම සදහා රටේ සම්පත් දායකත්වය ලබා නොගන්නා බවයි.

එබැවින් අපි පෙරට ආයුත්තේ මෙම අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක බව පිරිපුන් සංවිධානයේ මතය වේ.

(සටහන | ජේ.මුණසිංහ)