කීඹියේ අනුරුද්දධසිරි හිමි විසින් රචිත ''සඳස් කැඩපත'' කෘතිය ජනගත කිරීමේ සංවින්දනාත්මක සන්ධ්‍යාව මාර්තු 30වන දින සවස 03.00ට බම්බලපිටිය ස්ටයිලයින් ඩෙකෝ (STYLING DECO) පරිශ්‍රයේ දී පැවැත් වේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය දර්ශන රත්නායක, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් යන අය ප්‍රමුඛ දෙසුම් පැවැත්වීමට නියමිත ය.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය අසිත් අතපත්තු ඉදිරිපත් කරන හින්දුස්ථානි සංගීත වැඩසටහනක් ද, ජර්මනියේ ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථි දෙවින් ගනේගොඩ ඉදිරිපත් කරන කර්නාටක සංගීත වැඩසටහනක් සහ සංගීත විශාරද කවිදු සුභාෂ් ඉදිරිපත් කරන ජන සංගීත සහ නාද රටා ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිත ය.
මේ සියල්ලෙහි ම රංග වින්‍යාස ඉදිරිපත් කරනු ලබන්නේ අකිල පලිපාන විසිනි.
එදිනට පැමිණෙන ලෙස කතුවර හිමි සහ විදර්ශශන ප්‍රකාශන ආයතනය වෙතින් ආරාධනා...!

