''කතරගම දේවාලයේ මුදල් හොරකම් කරන්න බැරි සිස්ටම් එක හැදුවා'' - හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර  

''කතරගම දේවාලයේ මුදල් හොරකම් කරන්න බැරි සිස්ටම් එක හැදුවා'' - හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර   

තමන් ධූරය දැරූ කාලය තුළ නැවතත් කිසිවෙකුට කතරගම දේවාලයේ මුදල් වංචා කළ නොහැකි ලෙස ක්‍රමවේදය වෙනස් කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි.

ඒ අනුව මේ වන විට දෛනිකව දේවාලයේ ආදායම දේවාලයේ වෙබ් අඩවියේ යාවත්කාලීන වන අතර එය ඕනෑම අයකුට දැක බලා ගත හැකි බව ඩිෂාන් ගුණසේකර පවසා සිටියේය.

එම විනිවිදභාවය රටේ සෙසු ආයතනවලත් ස්ථාපිත කළ හැකි නම් එය ඉතා වටිනා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තමන් භාරගන්නා විට දේවාලයේ ආදායම මිලියන 50 ක්ව පැවැති බවත්, මේ වසර වන විට එය අට ගුණයකින් වැඩි වී මිලියන 400ක් බවට පරිවර්තනය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව තමන් හට විශාල පින්කම් රැසක් පසුගිය කාලය පුරාවටම සිදු කර ගැනීමට හැකියාවක් සැලසුණු බව ඔහු වැඩිදුරටත් සිහිපත් කරසිටියේය.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් ගුණසේකර ගේ ධූරයේ නිල කාලය සැප්තැම්බර් 23 දින අවසන් වූ අතර ඒ අනුව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් වැඩබලන බස්නායක නිළමේ ලෙස දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න පත් කර තිබේ. තිළිණ මධුසංක අබේරත්න ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතම හිතවතකු ලෙස සැලකේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න