අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එක ම පවුලේ 11 දෙනෙකුට මරණ වරෙන්තු
මියන්මාරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ විදුලි සංදේශ සහ අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයවූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලියක සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
එක්සත් ජනපද ඖෂධ මිල සංශෝධනයට පියවර
එක්සත් ජනපදය ගෝලීය ඖෂධ මිල පිලිබඳ විශේෂ විමර්ශනයක් ඇරඹීමට සැරසේ. එක්සත් ජනපද ඖෂධ වෙළඳ හවුල් කරුවන් විසින් ඖෂධ මිල තීරණය කෙරෙන ආකාරය එහිදී විමර්ශනයට ලක් කෙරේ. ඒ මත නව බදු පැනවීම එහි අපේක්ෂාවයි.
එක්සත් ජනපද සුප්‍රසිද්ධ නළුවකු සහ බිරිඳ අබිරහස් ලෙස මරණයට
එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ නළුවකු සහ සිනමා අධ්‍යක්ෂ වරයකු වන 78 හැවිරිදි, රොබ් රේනර් (Rob Reiner) සහ ඔහුගේ බිරිඳ වූ 68 හැවිරිදි මිෂෙල් සින්ගර් (Michele Singer) සිය නිවෙස් තුළදීම අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
එක්සත් ජනපදයට බොරු දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අල්ලයි
වෙළඳසල් සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන තුළ සමූහ වෙඩි තැබීම් සිදුවෙමින් ඇති බවට අසත්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අත්අඩංගුවට ගැනේ.
එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම පාර්ශව වෙත කෘතඥතාවය පළකර සිටීමට කැමැත්තෙමු. සැමරුම් උත්සවයට සහභාගී වූ මෙරට දේශපාලන පක්ෂ නායකයින්, ඔවුනගේ නියෝජිතයින්, බහුජන සංවිධාන ඇතුළු සියලු කණ්ඩායම්වලටද අපගේ ස්තූතිය පුද කෙරෙයි.
හැත්තෑ නව වැනි සැමරුමට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ අනිකුත් නායකයින් හැමදෙනෙකුම වාගේ අවධාරණය කළ කරුණ වූයේ පවතින අභියෝග හමුවේ එකට එකතු වී ක්‍රියා කිරීමේ වැදගත්කමය.
මෙරට බහු පක්ෂ දේශපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සංවත්සර සැමරුමේදී අදහස් දැක්වූ නායකයෝ පෙන්වා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද එයම වන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සැමරුමේදී එකඟතාවයට පැමිණි ආකාරයට වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරමු. එජාප සංවත්සර සැමරුමේදී එළැඹි ඒ වැදගත් ස්ථාවරය වෙනුවෙන් සියල්ලන්ම කැපවෙමු.

එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය පහත පළවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ය. බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිමු.
එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින්නෙමු.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමගද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී.
තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු.
සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකිය.
2025 ඔක්තෝබර් 15
එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි
එක්සත් ජාතීන්ගේ නාමයත් භාවිතා කරමින් සිදු කළ ජාවාරමේ අග මුල හෙළි වෙයි

