#newstube

  • ජපන් ආපදා සන්නිවේදන ආකෘතිය සහ NHK මාධ්‍ය භාවිතය

    අනෙකුත් සියල්ලෙහි දී මෙන් ම ආපදාවල දී ද සන්නිවෙදනයේ වැදගත්කම පිලිබදව මේ දිනවල සංදයක් ගොඩ නැගී ඇත.

  • ජපන් නිසාන් විද්‍යුත් මෝටර් රථ ගිනි අවදානමක

    එක්සත් ජනපදය වෙත අපනයනය කළ ජපානයේ නිසාන් විද්‍යුත් මෝටර් රථ 19,077ක් එම සමාගම විසින් යළි කැඳවා තිබේ. එම මෝටර් රථ ත්වරිත ආරෝපණයේදී (quick charging) අධි උෂ්ණත්වයක් පෙන්වීම හේතුවෙන් ගිනි අවදානමක් හටගත හැකි බවට වන සාධනීය සැකය මත එම තීරණය ගෙන තිබේ.

    මෙම වසරේ අපනයනය කළ නිසාන් මෝටර් රථ 880,000කට අධික සංඛ්‍යාවක එන්ජිම, ආරක්ෂක එයාර් බෑග් සහ විද්‍යුත් ආරෝපණ බැටරි පද්ධතීන් ආශ්‍රිත දෝෂ පවතින බව අනාවරණය වී ඇතැයි 'ඒඉන්වෙස්ට්' (AInvest) වෙබ් අඩවිය පවසයි.

    එම මෝටර් රථ යළි කැඳවීමට සිදු වීමෙන් වසරේ මුල් කාර්තුව තුළ නිසාන් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38ක පාඩුවක් සිදුව තිබේ. සමාගමට ඩොලර් බිලියන 4.5ක වාර්ෂික මූල්‍ය හිඟයකට මුහුණ දීමට සිදුව ඇතැයි ද වාර්තා වේ. නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාවරව පවත්වාගැනීම උදෙසා ඇතැම් කර්මාන්තශාලා වසා දැමීමට මෙන්ම රැකියා 20,000ක් කප්පාදු කිරීමට ද සමාගම විසින් පියවර ගෙන තිබේ.

    නිසාන් සන් නාමය යටතේ නිෂ්පාදිත රෝග් (Rogue) ඇල්ටිමා (Altima) සහ ඉන්ෆිනිටි QX50 (Infiniti QX50) වර්ගයේ මෝටර් රථ පෙළක් මෙම අර්බුදයට ලක්ව ඇත.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/3/2025

    Nissan to recall over 19,000 US vehicles, citing quick charging fire risk

  • ජපානයට බලපෑ භූමිකම්පාවෙන් 30 දෙනෙකුට තුවාල

    සඳුදා රාත්‍රියේ ඊසානදිග ජපානයට බලපෑ රිච්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දහස් ගණනකට තම නිවෙස්වලින් ඉවත් වීමට බල කෙරුනි.

  • ජපානයේ ප්‍රමුඛ ව්‍යවසායකයකු රැකියා අවස්ථා 1000ක් පිරි නමයි

    ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දෙන අවබෝධතා ගිවිසුමක් ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර පසුගිය බදාදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අත්සන් තැබුණා.

  • ජපානයේ භූමි කම්පාවක්

    ජපානයේ ක්‍යුෂු (Kyushu) පළාතේ අද (25) රිච්ටර් මාපක 5.5.ක භූ කම්පනයක් සිදු විය.

  • ජපානයේ භූමිකම්පාවක්

    ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදුව තිබේ.

  • ජපානයේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි ඇරේ

    ජපානයේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි පණ ගැන්වීමට පියවර ගැනේ.  

  • ජල කප්පාදුව අවලංගු කරයි

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  දැනුම් දී තිබේ.

    අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය විසින් මීට පෙර දැනුම් දී තිබු අතර බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට තිබු ජල කප්පාදුව සිදු නොවන බව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

     

    water 20250917

  • ජල සම්පාදන මණ්ඩලයේ සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කරන්න - සජිත් රජයෙන් ඉල්ලයි

    ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කම්කරු තනතුරේ සිට රසායනාගාර සහකාර තනතුර දක්වා මෑන් පවර් සේවකයන් 2000ක් වාර්ෂිකව කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා ඇති බැවින් මේ අය වසර 25 දක්වා විශාල කාලයක් තුළ සේවයේ නියැළී ඇති, විවිධ දක්ෂතා ඇති මේ සියලු දෙනා ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ජවිපෙ දිලිත්ට දුන් දේශපාලන තෑග්ග - (නවම් මීගොඩ)

    දිලිත් ජයවීර දේශපාලනයට පිවිසි දා සිටම සොයමින් සිටි දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ඔහුට රන් බන්දේසියක තබා පිළිගැන්වීය.

  • ජවිපෙ දේශපාලනයේ නොපෙනෙන පැත්ත

    ඉතාම අදක්ෂ ජෙවිපේ ආණ්ඩුව එක ව්‍යසනයක් තව ව්‍යසනයක් බවට මල්ටිප්ලයි කරන්න වැඩි වෙලා ගන්නේ නෑ. සමස්තයක් ලෙස රට ම එක ව්‍යසනයක් බවට කෙමෙං කෙමෙං පත් වෙමින් පවතිනවා.

  • ජවිපෙ යළිත් වෛරය වපුරනවා - වරුණ රාජපක්ෂ (වීඩියෝ)

    ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.

  • ජවිපෙ ලේකම් ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතා

    ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබේ.

  • ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි - කුසල් පෙරේරා (විඩියෝ)

    ජාත්‍යන්තර පාසල් යනු පාසල් නොව ව්‍යාපාරික ආයතන බවත්, එම ආයතන වසා දැමිය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කූසල් පෙරේරා පැවසී ය.

  • ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ව්‍යාජ පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි

    ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවති.

  • ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන (NMEA) සඳහා ඉල්ලුම් පත් කැඳවේ

    මෙරට රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යවසායන්, රාජ්‍ය නොවන සංවිධාන හෝ ලාභ නොලබන සංවිධාන ආදී සියලු සංවිධානවල කළමනාකාරීත්ව විශිෂ්ටතා අගැයීමට ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2025 ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන (NMEA) උළෙල  සඳහා මෙම මස 30 දක්වා ඉල්ලුම් පත් කැඳවේ.

     ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ඉහළම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා‍ කළමනාකරණ ආයතනය (IMSL), 2025 IMSL ජාතික කළමනා කරණ විශිෂ්ටතා සම්මාන (NMEA) උළෙල  සංවිධානය කරයි.

     කළමනා කරණ විශිෂ්ටත්වයේ ප්‍රමුඛයන් ලෙස පිළිගැනීම සඳහා තරඟ කිරීම සඳහා රට පුරා ඇති ඕනෑම නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකට මෙම අවස්ථාව විවෘතව ඇත.

    කළමනාකරණ අංශයේ ආයතනික විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ අගැයීම සඳහා NMEA උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ. අනෙකුත් සම්මාන වැඩසටහන් මෙන් නොව, මෙහි එකම අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාව සඳහා තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා ආයතනික සංවිධාන විසින් සිදු කරන ලද හොඳම කළමනාකරණ භාවිතයන්, නවෝත්පාදනයන්, නායකත්වය සහ පරිවර්තනීය දායකත්වයන් ඉස්මතු කිරීමය.

    මෙම වසරේදී, කාණ්ඩ 15 ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරෙන අතර, රන්, රිදී සහ ලෝකඩ මට්ටම්වලින් ජයග්‍රාහකයින් හඳුනා ගනු ලැබේ. සාධාරණත්වය, විශ්වසනීයත්වය සහ ඉහළම පිළිගැනීමේ ප්‍රමිතීන් සහතික කරමින්, සෑම අයදුම්පතක්ම කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් දැඩි ලෙස ඇගයීමට ලක් කරනු ලැබේ.

     

    sarath k මහාචාර්ය සරත් කොඩිතුවක්කු

     

    NMEA 2025 හි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, IMSL හි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු  මෙසේ පැවසීය.

    '' මෙම සම්මාන උළෙල හරහා  (NMEA) හරහා, ජාතික සංවර්ධනයට දායක වන කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය දිරිමත් කිරීම අපගේ අරමුණයි.

    තම ඉදිරි දර්ශනය තවදුරටත් දක්වමින් IMSL හි උප සභාපති සහ NMEA උළෙලෙහි සභාපති ප්‍රසාද් විජේසූරිය මහතා මෙසේ පැවසීය.

    "NMEA 2025 යනු සංවිධාන වලට තම ජයග්‍රහණ ප්‍රර්දර්ශනය කිරීමට සහ රටේ හොඳම කළමනාකරණ ආයතනයන්ට උරෙනුර ගැටී තරගකර තම ආයතනික විශිෂ්ටතා මිණුම් සලකුණු කිරීමට ඇති අද්වීතීය අවස්ථාවකි. මෙම සම්මාන පිළිගැනීම ගැන පමණක් නොව, විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් සැකසීම සහ එම ආදර්ශයන් අන් ආයතනද අනුගමනය කිරීමට පෙළඹ වීමට ද මහඟු පිටිවහලක් වේ.

    මෙම කීර්තිමත් අගැයුම් වැඩසටහනට අයදුම් කිරීමට සහ එහි කොටස්කරුවන් වීමට සියලු සංවිධාන වෙත ඇරයුම් කරනු ලැබේ.

    සම්මාන කාණ්ඩ, සුදුසුකම් සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.imslawards.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න යැයි සංවිධායක මණ්ඩලය පවසයි.

    වැඩිදුර විමසීම් සඳහා, විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මගින් හෝ දුරකථන අංක: +94 77 267 9200 (ප්‍රශාන්) | +94 71 407 2631 (මංජුල) ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

    (සටහන | ජේ.මුණසිංහ)

  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනේ

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2026 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2025 සැප්තැම්බර් 22 සිට 2025 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.

  • ජාතික රූප­වා­හි­නියේ දුෂා­න්තගේ මවත් පියාත් එකම දිනෙක අව­සන් ගමන් යති

    ‘සැර­ය­ටි­යෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ. සංසා­රෙන් අපි සමු­ගන්නා දා ඒ ගම­නත් අපි එකට යමු’

  • ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

    දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනමින් විනාශයට පත් විදුලි බල පද්ධතීන් අලුත් වැඩියා කර විදුලි බල සේවා අඛන්ඩව සැපයීමට විදුලි බල මණ්ඩලය සහ ඒ ආශ්‍රිත ආයතනය වල නිලධාරීන් සහ සේවක පිරිස් සමත් වුණා.

  • ජාවා නාය යාමකින් 18ක් නසිති

    ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි ඉකුත් සතියේ සිදු වූ මහා පරිමාන නාය යාම් දෙකකින් අවම වශයෙන්  පුද්ගලයින් 18ක් මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි, බලධාරීහු අද (17) ප්‍රකාශයට පත් කළහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න