ගොඩනැගිල්ලක් බදු දීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් මුල්කරගෙන ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ජවිපෙ නියෝජිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස දුන් නියෝගය පිළිබදව පාර්ලිමේන්තුවේ ඊයේ (24) පැවති දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී උණුසුම් කතාබහක් සිදුවිය.
අධිකරණ විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී ආණ්ඩුව දේශපාලන අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියකට ලබාදුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එම විවාදයට මැදිහත් විය.
ජාතික කම්කරු කොංග්‍රසයේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගත් ඇමැති වසන්ත සමරසිංහ ගැන නඩුව විභාග කළ නඩුකාරවරුන් දෙදෙනෙකුම මාරුකර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් එම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය මේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට අවස්ථා දෙකක් නියෝග දුන්නද පොලිසිය එය මගහැර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරියට උසස්වීමක්දී ඇතැයිද සඳහන් කළේය.
ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම, සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන, අපනයන සහ විදේශ ප්‍රේෂණ මත රඳා පවතියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3කි.
2024 වසරේ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් වූ අතර, එම වසරේ ලද සමස්ත විදේශ ප්‍රේෂණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6කි.
විදෙස් ආයෝජන සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ සාකච්ඡා ඇති වූ අතර, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන වියදම ඉහළ යාම සහ පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් එහිදී අවධානයක් යොමු විය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සඳහා ඇති අවස්ථාව සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත්තේ, එවන් පසුබිමක ය.

විවෘත ආයෝජනයට සුදුසු පරිසරයක් ඇති කිරීමට රජයේ ආයතනික ධාරිතාව සීමාසහිත බව එම වාර්තාවේ දැක්වේ.
සමස්තයක් වශයෙන්, ව්‍යාපාර කිරීම දුෂ්කර බවත්, ව්‍යාපෘති ආපසු හැරවීම්, නියාමනය කිරීම් වෙනස්වීම, මන්දගාමී තීරණ ගැනීම සහ ස්ථාපිත ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොමැතිකම පිළිබඳ කනස්සල්ල නිතර මතු වන බවට ආයෝජකයන් වාර්තා කර ඇති බව ද එහි දක්වා තිබේ.
මේ එම වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 7කි.
1. අකාර්යක්ෂමතාව
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී අස්ථිර බවක් පෙන්නුම් කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන නමුත්, විවිධ අධිකාරීත්වයන් රජයේ විවිධ දෙපාර්තමේන්තුවලට බෙදී ගොස් ඇති නිසා සියලු කටයුතු එක් ස්ථානයකින් කර ගැනීමට හැකි ස්ථානයක් බවට ආයෝජන මණ්ඩලය පත්ව නොමැති බව ය. මේ නිසා ආයෝජකයන්හට දීර්ඝ අනුමත කර ගැනීමේ ක්‍රියාවලීන්ට මුහුණ දීමට සිදුව ඇති බව එහි දැක්වේ.
ලංකා විදුලි බල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රමාදය, කාර්මික වර්ධනයට සහය වීම සඳහා අවශ්‍ය දැරිය හැකි සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සංවර්ධනය කිරීම වළක්වන බව ද එහි දැක්වෙන අතර, ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද මීට පෙර පෙන්වා දී තිබේ.
මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති අතර, ඇතැම් වෘත්තීය සමිති එය පුද්ගලීකරණය කිරීමට ගන්නා උත්සහයක් ලෙස පවසමින් විරෝධතාවල නිරත වෙමින් සිටිති.

විදෙස් ආයෝජකයන්හට ඉඩම් අත්පත් කර ගැනීම සැලකිය යුතු අභියෝගයක් බව ද මෙම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සාමාන්‍යයෙන් විදේශිකයන්ට සහ 50% ඉක්මවන විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ව්‍යවසායන් සඳහා ඉඩම් විකිණීම තහනම් වේ.
2018 වසරේ ඉඩම් පනතේ සංශෝධනයක් මගින් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති විදේශීය සමාගම් සඳහා සීමිත ව්‍යතිරේක සහ උපායමාර්ගික අංශවල ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා එක් එක් අවස්ථාව අනුව යම් නිදහස් කිරීම් නිර්මාණය කර තිබේ.
2. ආයෝජන සහ බදු ගිවිසුම්
ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 26ක් සමග ආයෝජන ආරක්ෂණ ගිවිසුම් අත්සන් කර ඇති බව එහි සඳහන් වේ.

2014 දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා 2017 දී නතර වූයේ ගිවිසුමේ විෂය පථය සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන කාල රාමු පිළිබඳව දෙරටට එකඟ විය නොහැකි වූ නිසා බව එහි දැක්වේ.
3. නීතිය
ශ්‍රී ලංකාවේ නියාමන කටයුතු, යල් පැන ගිය නීති සහ අධික නිලධාරිවාදී පාලනය, ආයෝජකයින් සඳහා අවිනිශ්චිතතාවක් ඇති කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වේ.
එමෙන් ම කම්කරු නීතිවල ස්වභාවය, සංකීර්ණ බදුකරණය, ව්‍යාපාරවලට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට අපහසු කරන බව ඔවුහු පවසති.
යල් පැන ගිය නීති සහ අධිකරණ කටයුතුවලට දීර්ඝ කාලයක් ගත වීම අසාර්ථක ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට බාධා කරන බවත් විදේශ ආයෝජන අධෛර්යවත් කරන බවත් එහි දැක්වේ.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති සේවකයින් සඳහා ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන නමුත් ආයෝජකයින් හට ඒවා දැඩි නීති බව ද වාර්තාවේ දක්වා තිබේ.
4. කර්මාන්ත ප්‍රතිපත්ති
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය නිර්මාණය කරන ලද නමුත් ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා එහි නීතිමය රාමුව සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ තීරු බදු රහිතව ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප 18ක් ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, පුනර්ජනනීය බලශක්තිය වැනි සමහර අංශවල විදේශීය සහ දේශීය ආයෝජකයින්ට අසමාන සැලකීම් පවතින බව වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ශ්‍රී ලංකාවේ තීරණාත්මක අභියෝගයක් බව ද වාර්තාවේ දැක්වේ.
සංචාරක, ඇඟලුම්, තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු යන ප්‍රධාන අංශවල ශ්‍රමිකයන් සැලකිය යුතු ලෙස සංක්‍රමණය වීම නිසා එම ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන්ගේ සැලකිය යුතු හිඟයක් ඇති කර ඇති බව එහි දැක්වේ.
5. දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
ශ්‍රී ලංකාවේ දේපළ ලියාපදිංචි කිරීම දීර්ඝ ක්‍රියාවලියක් බවත්, බොහෝවිට ඒවායේ වංචාවන් සිදුවන බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 39ක් තුළ පියවර අටක් පමණ සම්පූර්ණ කිරීමට අවශ්‍ය බවත් වාර්තාවේ සඳහන් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විධිමත් ලෙස දේපළ හිමිකාරිත්වය සහ ආරක්ෂක අයිතිවාසිකම් ආරක්ෂා කරන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ආයෝජකයන් කනස්සල්ලට පත්ව සිටින බව ය.
තව ද, ප්‍රකාශන හිමිකම් සහ වෙළෙඳ ලකුණු නීතිය යටතේ ආරක්ෂා කර ඇති නමුත්, සීමිත සම්පත් සහ දුර්වල ආයතනික සම්බන්ධීකරණය හේතුවෙන් බලාත්මක කිරීමේ දුර්වලතා පවතින බව ද එහි සඳහන් ය.
6. මූල්‍ය අංශය
2024දී ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට විදේශ මුදල් ගලා ඒම් සහ ප්‍රාග්ධන බලමුළු ගැන්වීම් වැඩි වීමත් සමග සැලකිය යුතු වර්ධනයක් අත්විඳින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රමිකයින් සංක්‍රමණය වීම සහ විධිමත් මුදල් හුවමාරු මාර්ග ප්‍රවර්ධනය කරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් විදේශ ප්‍රේෂණවලින් සැලකිය යුතු අදායමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව එහි දැක්වේ.

මේ නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම විදේශ ආදායම බවට 2024 වසරේ පත්ව ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම වාර්තාවේ දක්වා තිබේ.
7. දූෂණය
රාජ්‍ය ප්‍රසම්පාදනයේ බොහෝවිට සිදුවන දූෂණය සහ දුර්වල විනිවිදභාවය හේතුවෙන් විශාල ආර්ථික පාඩු සිදුවී ඇති අතර, විශේෂයෙන් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන අධෛර්යවත් වී ඇතැයි වාර්තාව පවසයි.

දූෂණය මුලිනුපුටා දැමීමට සහ රජයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින බවත්, නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට ඇති බවත් එහි දැක්වේ.
කෙසේ වෙතත්, ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන තුළ තවමත් දූෂණය සිදුවන බව ය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකරුවෙකි.
2022 මූල්‍ය හා දේශපාලන අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු වී ඇතත්, IMF වැඩසටහන යටතේ ඉහළ යන බදු හේතුවෙන් මහජන විරෝධය මතුව ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙන තවත් විශේෂ කරුණකි.
ජීවන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, බොහෝ කුටුම්භ සඳහා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව ද ඔවුහු පවසති.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, එම ආයතනයේ ඉල්ලීම අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් කරුණු විමසා එහි සභාපතිවරයා වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කර තිබේ.
2025 වසරේ ශ්‍රී ලංකාවට නව විදෙස් ව්‍යාපෘති 55ක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ජනාධිපති මාධ්‍ය අංශය වෙත යවා ඇති ලිපියක ශ්‍රී ලංකාවට 2025 වසරේ හිමිව ඇති විදෙස් ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ.
එහි දැක්වෙන ආකාරයට 2025 වසර තුළ ගිවිසුම්ගත වූ නවතම ආයෝජන හරහා ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඍජු විදේශ ආයෝජන ගලා ඒම ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක් වන අතර, එම කාලය තුළ ම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හරහා පැමිණ ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 665.2කි.
ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සෘජු විදේශ ආයෝජන ගලා ඒම

එමෙන් ම පළමු මාස 09 තුළ ආයෝජන මණ්ඩලය විසින් නව ව්‍යාපෘති 55ක් සඳහා අවසර ලබා දී ඇති අතර, ව්‍යාපෘති 49ක් තවදුරටත් පුළුල් කර තිබේ.
එමෙන් ම, පළමු මාස 09 තුළ ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 55ක් සඳහා අවසර ලබා දී ඇති අතර, ව්‍යාපෘති 49ක් තවදුරටත් පුළුල් කර තිබේ.
ඒවා අතරින් වැඩි ම ව්‍යාපෘති සංඛ්‍යාවක් ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රයට හිමිව තිබේ.
එයට නව ව්‍යාපෘති 08ක් සහ තවදුරටත් පුළුල් කළ ව්‍යාපෘති 12ක් ඇතුළත් වේ.
මීට අමතරව දුරකතන හා සන්නිවේදන ජාල, කංසා ආශ්‍රිත නිෂ්පාදන, දේපළ සංවර්ධන හා ආහාර නිෂ්පාදන යන ක්ෂේත්‍ර සඳහා ද වැඩි ම ආයෝජන සිදු කර තිබේ.
2025 වසරේ පළමු මාස 09 තුළ අනුමත කර ඇති ව්‍යාපෘති අතරින් වැඩි ම ව්‍යපෘති සංඛ්‍යාවක් සිංගප්පූරුවෙන් ද දෙවනුව ඉන්දියාවෙන් ද හිමි ව තිබේ. එම සංඛ්‍යාව පිළිවෙළින් ව්‍යාපෘති 05ක් හා 04ක් වේ.
ඊට අමතරව චීනයෙන් ව්‍යාපෘති 3කට ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති 02කට ද, එක්සත් රාජධානියේ ව්‍යාපෘති 02කට ද අනුමැතිය හිමිව තිබේ.
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම්වලින් 2025 ජනවාරි සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ඇ.ඩො. මිලියන 5,604ක අපනයන සිදු කර ඇති අතර ඒ අතරින් ඇ.ඩො. මිලියන 3,394ක් ඇඟලුම් අපනයනයෙන් ලබාගෙන තිබේ.
(උපුටා ගැනීම - බීබීසී සිංහල)
ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (25) තීන්දු කළේය.
ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබන කාන්තාවන් විසින් ලියන ලද පොත් නව තහනමක කොටසක් ලෙස තලේබාන් රජය විසින් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
"ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්ති" යන තේමාවට අදාළව පොත් 680ක් තහනම් කර ඇති අතර ඒ අතර "රසායනික විද්‍යාගාරයේ ආරක්ෂාව" වැනි මාතෘකා ඇතුළත් පොත් 140ක් පමණ ප්‍රමාණයක්ද මෙම තහනමට ඇතුළත් විය.
මෙම නියෝගය වසර හතරකට පෙර බලයට පත්වීමෙන් පසු තලේබාන්වරු ගෙන ආ සීමා මාලාවක නව සීමාවක් ලෙස වාර්තා වේ.
එමෙන්ම මෙම සතියේ පමණක් තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත පළාත් 10ක පමණ "ෆයිබර් ඔප්ටික් අන්තර්ජාලය" තහනම් කර ඇත.
මෙම තලේබාන් නීතිරීති කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් කරන අතර ඔවුන්ට හයවන ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා අවසර තිබේ.
තවද විශ්වවිද්‍යාල විෂයයන් 18ක් තහනම් කර ඇති අතර එහිදී ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ කාන්තාවන්ය.
එනම් තහනම් කර ඇති විෂයයන් 18න් හයක් විශේෂයෙන් කාන්තාවන් පිළිබඳ වන අතර, ඒවාට ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය, සන්නිවේදනයේ කාන්තාවන්ගේ භූමිකාව සහ කාන්තා සමාජ විද්‍යාව යන විශයයන් මෙන්ම මානව හිමිකම් සහ ලිංගික හිංසනය ඉගැන්වීම ද තහනම් කර ඇත.
තලේබාන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යයන අධ්‍යක්ෂ සියුර් රහ්මාන් ආරියුබි, විශ්වවිද්‍යාල වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ "ආගමික විද්වතුන් සහ විශේෂඥයින්" මණ්ඩලයක් විසින් මෙම තීරණ ගෙන ඇති බවය.
Ada derana.lk
අද (30) ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා මුළුමනින්ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ.
තලිබාන් පරිපාලනය ඒ පිලිබඳ මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් ලබා දී නැතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මීට පෙර මාර්ග ගත කාමුක දර්ශන හුවමාරුව පිලිබඳ එම සංවිධානය විසින් අනතුරු අඟවා තිබිණි. ඒ හේතුවෙන්, ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට ද පියවර ගැනිණි.
අදියරෙන් අදියර එරට අන්තර්ජාල සේවා විසන්ධි කෙරෙමින් ඇතැයි, ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
Afghanistan's cellphone, internet services down, monitoring shows
ඇෆ්ඝනිථානයේ රිච්ටර් මාපක 6.3ක භූ කම්පනයක් වාර්තා වේ. ඉන්, මේ වන විට, 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ.
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටි විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් අද අලුයම සිය දිවි සැරිය නිම කළේ ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු වසරට ඊයේ සිට ක්‍රියාත්මක වූ බවත්, දැන් අනෙකුත් වසරවලට ද විෂය මාලා සංශෝධනයට ලක් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පැවසී ය.
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන එන්. ටී. රුක්මල් ජයවීර නමැති පුද්ගලයා අවස්ථා ගණනාවක දී ම රාජකාරිවල දී ප්‍රාදේශිය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන්නේ යැයි ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙලොව පවතින සෑම දාර්ශනික ගැටලුවක ම මූල ප්‍රභවය භාෂාව බව බුදුන්වහන්සේ විසින් සූත්‍ර පිටකයේ දී දේශනා කරන ලදී. ප්ලේලේටෝ ගේ 'ඩයලොග්ස් ඔෆ් සොක්‍රටීස්' සිට වර්තමානයේ ස්ලෝවැජ් ජිජැක් ගේ කෘතියක් දක්වා ම පදනම් වී තිබෙනුයේ ද එක් එක් වචන සහ වචන හේතුවෙන් ගොඩ නැගී තිබෙන ප්‍රපංචවල නිර්වචන පර්යාය කිරීමට හෝ වචනවල අරුත් පසිඳලීමට ය.
''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය කියවූ පසු ඉතිහාසය අපට වැදගත් වන්නේ ඇයි දැයි තමාට සිතුණා යැයි කෘතහස්ත පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
මේ දිනවල ලංකාවේ කතෝලික පල්ලිය මෙන් ම පන්සල ද අවි අමොරාගෙන විදි බැස උද්ඝෝෂණය කරන මාතෘකාවක් විදියට සමරිසිකත්වය නමැති මාතෘකාව හඳුන්වන්න පුළුවන්.
මා මෙහි ලියන ඉතිහාස සටහන් ඇසුරින් පොතක් ලියන ලෙස Dineth Mallikarachchy (දිනෙත් මල්ලිකාරච්චි) ඇතුළු මිතුරන් කිහිප දෙනෙක් ම යෝජනා කළහ.
මේ රටේ බිහිවණු අසංවේදී ම නායකයා තමයි අනුර කුමාර දිසානායක යැයි වගකීමෙන්ම පවසන බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් විශේෂඥ වෛද්‍යවරු ලබන 24 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම්දී තිබේ.
වසර 1932 ඇරඹි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය අවුරුදු 93ක ඉතිහාසයේ වාර්තාකළ වැඩිම බදු ආදායම මේ වසරේ නොවැම්බර් 17 වන දින වන විට රැස් කරගෙන තිබේ.
දූෂණ මාපකය අනුව ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පවසන සුජිව සේරසිංහ, දූෂණ මාපකයට අනුව වැඩිම දූෂණ සිදුව ඇති වර්ෂය ලෙස 2025 සිට 2026 දක්වා මාලිමා ආණ්ඩුව යටතේ යැයි ද පැවසී ය.
රටේ අල්ලස දූෂණය මැඩීම සඳහා ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළ ද, ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.
ලසන්ත වික්‍රමතුංග ජනතාවට සම්මුඛ කරවීමේ කර්තව්‍යයේ කර්තෘකාරකයා වශයෙන් තමා ගේ නම සඳහන්ව ඇතත්, ඇත්තටම එය හුදෙකලා වික්‍රමයක් නොව සමූහයක් වශයෙන් ගත් දැවැන්ත පරිශ්‍රමයක ප්‍රතිපලයක් යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිති පීඨයේ හිටපු මූලාසන මහාචාර්ය, මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි ආචාර්ය දිපිකා උඩගම පැවසුවා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

