#newstube

  • ග්‍රීක බැඳු­ම්කර නඩුව: රජයේ පාඩුව කෝටි 184 -මාස 3කදී ගෙවන්න කබ්රාල්ට නියෝග

    2012 වස­රේදී ග්‍රීසියේ බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රුපි­යල් කෝටි 184ක මුද­ලක් රජ­යට අහිමි කිරීමේ චෝද­නාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැව­රීමේ අයි­ති­යට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමි­සම ඊයේ (10) දැනුම් දුන්නේය.

  • ග්‍රීසිය අනතුරට පත් සංක්‍රමණිකයින් සොයා මෙහෙයුමක

    ග්‍රීක බලධාරීහු අද (27), ලෙස්බෝස් (Lesbos) දිවයිනට ඔබ්බෙහි මුහුදු තීරයේ අනතුරට පත් සංක්‍රමණිකයින් පිරිසක් සොයා, හදිසි සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

  • ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු

    දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත්  කාලගුණයෙන්  නුවරඑළිය නගරය සමීපයේ පිහිටි  ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.

  • ගාසා  සාම කතා ධනාත්මකයි

    එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.

    කටාර් අගමැති සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෝ, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සමග වක්‍ර සාකච්ඡාවලට සහභාගී වීම  පිණිස ඊයේ ඊජිප්තුව වෙත  ලඟා වූහ.  

    ගාසා ගනුදෙනුව සාර්ථක වනු ඇතැයි ධනාත්මක මතයක පසු වන බව ජනපති ට්‍රම්ප්  පැවසීය. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ  ජනපති ට්‍රම්ප් ගේ බෑණා  වන   ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner) ද ඊජිප්තුව බලා පිටත් වූ එක්සත් ජනපද නියෝජිත පිරිස අතර වෙති. කුෂ්නර්, ජනපති ට්‍රම්ප් ගේ පළමු ධුර කාලයේ ඔහුගේ  මැද පෙරදිග විශේෂ නියෝජිත ලෙස ද කටයුතු කළේය.

    සිය සාම සැලැස්ම හුදු ගාසා තීරය  පමණක් නොව  සමස්ත මැද පෙරදිග කලාපයම ඉලක්ක කර සකස් කළ එකක් බව වොෂින්ටනයේදී, මාධ්‍ය  ඇමතූ ජනපති ට්‍රම්ප් කියා  සිටියේය.

    ඊජිප්තුවේ පැවැත්වෙන අද (08) සාකච්ඡා  පෙර දෙදිනටම වඩා සාර්ථක වනු ඇතැයි   අනුමාන කෙරේ. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි   (Sheikh Mohammed bin Abdulrahman al-Thani)  ද ඊට සහභාගී වීමට නියමිතය. ගාසා සාම  සැලැස්ම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ කරුණු අද සාකච්ඡාවන්ට ඇතුළත් වේ.  


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/8/2025



    Hamas says on war anniversary it's ready to reach Gaza deal, but conditions remain

  • ගාසා ආරක්ෂාවට විශේෂ ජාත්‍යන්තර බලකායක්

    බ්‍රිතාන්‍ය හමුදාවේ සැලසුම් නිලධාරීන්ගෙන් සමන්විත භට පිරිසක් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරේ.

    ගාසා තීරයේ ඉදිරි ආරක්ෂක ප්‍රතිසංස්කරණ උදෙසා, එක්සත් ජනපද හමුදාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විශේෂ කාර්ය සාධක බලකායට සහාය පිණිස, එරට ආරාධනාව මත බ්‍රිතාන්‍ය භට පිරිස් ඊට එක් කර තිබේ.

    එක්සත් ජනපද හමුදා මූලිකත්වයෙන් නිර්මිත එම බලකාය, සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.

    ගාසා තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම, එහි මූලික කාර්ය භාරය වේ. බලකා අන්තර්ගතය, කාර්ය පටිපාටිය, විධාන ධූරාවලිය, නෛතික භාවය හා අනෙකුත් අදාළ තත්ත්වයන් පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරේ.

    එම බලකායට සහාය පිණිස, 200කට ආසන්න හමුදා භට පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. ඊට, සිය භට පිරිස් එක් කිරීමට, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කටාර් රාජ්‍යය, තුර්කිය සහ අසර්බයිජානයට ද ඇරයුම් කර තිබේ.

     

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/22/2025

    UK deploys small number of military officers to Israel following US request

     

  • ගාසා සටන් විරාමය ක්‍රියාත්මකයි - ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පැය 72කින්

    ගාසා තීරයේ සටන් විරාමය ඇරඹේ. එහි ඇතැම් ප්‍රදේශ වෙතින් ඊශ්‍රායල හමුදා ඉවත් වීම අද (10) ආරම්භ විය. පලස්තීන ජනයා ගාසා නගරයේ යුද්ධයෙන් සුනු විසුණු වී ගිය සිය නිවෙස් කරා යළි පැමිණෙනු දුටු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ඊයේ (09) පැවති ආරක්ෂක කැබිනට් සාකච්ඡා වලින් අනතුරුව ඊශ්‍රායල රජය අද උදෑසන, හමාස් සංවිධානය සමග සටන් විරාමය ප්‍රකාශයට පත් කළේය. ඉදිරි පැය 72 ක කාලය තුළ හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතුය.

    හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් සියළු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිදහස් කිරීමට අදාළ සැලසුමට ඊශ්‍රායල රජය මේ දැන් අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ ඉංග්‍රීසි බසින් පළවන එක්ස් (X) ගිණුමේ සඳහන් කර තිබේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/10/2025


    මුලාශ්‍රය :

    Gazans return to wrecked homes as Israeli forces pull back under ceasefire

  • ගැබිණි මව්වරුන්ට 5000ක් හයියක්

    රට පුරා පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේදී එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිණි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කර ඇත.

  • ගෑණු හුටපටයකට සෙබළෙක් සෙබළකු මරයි

    සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි.

  • ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටු කරන්න - සජිත් ප්‍රේමදාස

    අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ගුව­න්යා­නයේ ගියර් කුටියේ සැඟවී 13 හැවි­රිදි දරු­වෙක් කාබුල් නුවර සිට නව­දි­ල්ලි­යට ඇවිත්

    ඇෆ්ග­නි­ස්තා­නයේ කාබුල් අග­නු­වර සිට ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර දක්වා පියා­සර කළ ගුවන් යාන­යක ගොඩ­බැ­ස්වීමේ ගියර සහිත කුටියේ සැඟවී මාරා­න්තික ගම­නක් ගිය 13 හැවි­රිදි ඇෆ්ග­නි­ස්තාන ජාතික පිරිමි දරු­වකු නිරු­ප­ද්‍රි­තව සිය ගම­නා­න්ත­යට ළඟා වීමේ විස්ම­ය­ජ­නක පුව­තක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    උතුරු ඇෆ්ග­නි­ස්තා­නයේ කුන්ඩූස් නග­රයේ සිට පැමිණි බව කියන එම දරුවා ‘කැම් එයාර්‘ ගුවන් සේව­යට අයත් එම යානය නව­දිල්ලි ගුව­න්තො­ටු­පො­ළට ගොඩ බැස්වී­මෙන් පසු ධාවන පථයේ ඇවිද යමින් සිටි­යදී ගුව­න්තො­ටු­පොළ ආර­ක්ෂක නිල­ධා­රීන් විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

    කාබුල් නුවර ගුව­න්තො­ටු­පො­ළට රහ­සින් ඇතුළු වී මගීන් පිරි­සක් සමඟ බස් රථ­ය­කින් යානය වෙත ගොස් එහිදී කිසි­ව­කුගේ ඇස නොගැටී යානය පසු­ප­සට ගොස් ගොඩ­බැ­ස්වීමේ ගියර සහිත කුටි­යට ඇතුළු වූ බව ඔහු ආර­ක්ෂක නිල­ධා­රීන්ට ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ අව­ශ්‍ය­තාව වී ඇත්තේ ඉන්දි­යා­වට නොව ඉරා­න­යට යෑමට බවද සඳ­හන් කර තිබේ.

    ඉහළ උප­දෙස් මත ඔහු පැය කිහි­ප­යක් රඳවා තබා ප්‍රශ්න කිරී­මෙන් පසු නැවත එම ගුවන් යාන­යෙන්ම කාබුල් නුව­රට පිටු­ව­හල් කිරී­මට ගුව­න්තො­ටු­පොළ බල­ධා­රීන් පිය­වර ගත් බව වාර්තා වේ.

  • ගුවන් යානා හතක් බේරාගත් "Lucozade බීම බෝතලයේ" ත්‍රාසජනක කතාව

    (ලෝකයේ අංක 01 බුද්ධි අංශ මෙහෙයුම - Operation Overt)

  • ගුවන් විදුලියට වසර සීයකි; මගේ මාධ්‍ය ගමනට වසර පනහකි

    ගුවන් විදුලියට සියවසකි. මට හැට වසකි. මගේ මාධ්‍ය ලෝකයට පනස් වසකි. ඒ, 1975 ය. මා ගෝනුහද්දෙනාවේ සිට කොළඹ ආනන්දයට ඇතුළත් වූයේ එම අවුරුද්දේ මාර්තු මස විසිවෙනි දා ය. ඒ, හයේ පන්තියට ය.

  • ගෙදරට 'ඒකනායක' වු බලවතා....

    කාකි සූටි දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන කෙනෙකුගේ ගෙදර ලොකු ගෝරියක්ලු.

  • ගොඩෝ එනකං බලා සිටීම! 

    කලකිරීම! - ජාත්‍යන්තර ධනවත් සංචාරකයින්ට රටේ ඉහල පංතියෙ පහසුකම් පැතිකඩ පෙම්වාදීම සඳහා විදේශීය ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීමට වර්තමාන සහ අතීත රජයන් දරන ලද කණගාටුදායක උත්සාහයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ දුක්ඛිත තත්වය විස්තර කළ හැක්කේ එලෙසිනි.

  • ගොවියාට ස්ථාවර මිල සේ ම පොහොර සහනාධාරය පවා හරියට දෙන්න රජයට බැරි වෙලා

    ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • චන්ඩි මල්ලී සහ මිලින්ද රාජපක්ෂගේ වෙනස; නාමල්ට මහින්ද විය නොහැකි ය - (Samabima Party)

    මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය තුළ මුල් ඇදගත්තේ 1982 දී ජේ.ආර්.ගේ කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලමේ සූදූ පිටියේ දී ය.

  • චන්ද්‍රිකාට වගේ පදනමක් මට නැහැ - මෛත්‍රි කියයි

    ‘‘චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ.

  • චරිත රත්වත්තේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

    මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ.

  • චාමර, ෆොන්සේකාගේ පට්ටන්දරයම දිගහරී!



    *ෆීල්ඩ් මාෂල්කම දීපු මෛත්‍රීපාලව මාස දෙකෙන් කකුල් දෙකෙන් එල්ලුවා!

    *වැලේ වැල් නැතිව ඉද්දි සජබයෙන් ඇවිත් සජිත්ටම ගැහුවා!

    *පැරදිලා හෝටලේක හැංගිලා ඉද්දී එළියට ගත්ත රනිල්වත් එල්ලුවා!

     *මහින්දගේ බොඩිගාඩ් නෙවිල්ට ප්‍රමෝෂන් දුන්නා!




    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්විය.



  • චාමරගේ උත්සවය අනුරයාපා වර්ජනය කරයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ඊයේ (05 ) වැඩ භාරගත් බදුල්ල බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ  පැවති රැස්වීමට පොදු ජන එක්සත් පෙරමුණේ නායක අනුර යාපා සහභාගි නොවීම පක්ෂ මාරුවක පෙරනිමිත්තක්දැයි දේශපාල අංශවල කතාබහක් ඇති වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න