‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4යි දශම එකක් ලෙස ලෝක බැංකුව විසින් ගණනය කළද එම හානියේ ඍජු හා වක්‍ර පිරිවැය එම අගයට වඩා වැඩි විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
බොහෝ දුරට එම අගය රජය විසින් ගණනය කළ අමෙරිකානු ඩොලර් බිලියන 7ක මට්ටමක පැවතිය හැකි බව ඔහු කියා සිටියි.
හානියට ලක් වූ යටිතල පහසුකම් සහ අනෙකුත් ගොඩනැගිලි ආදිය ඉදිකර අවසන් කිරීමට වසර 4ක පමණ කාලයක් ගත විය හැකි බවත් මේ තත්ත්වය මත සැලකිලි යුතු මට්ටමේ මූල්‍ය පහසුකමක් බාහිර පාර්ශවයන්ගෙන් ලබාගැනීමට රජයට සිදුවන බවද ඔහු පෙන්වාදෙයි.
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පවසන්නේ, ආපදා අවස්ථාවක මුදල් භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
