#newstube

  • එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි

    ශිෂ්‍ය වීසා අවභාවිතයට එරෙහිව බ්‍රිතාන්‍ය රජය ගෙන ඇති පියවර ගෝලීය අධ්‍යාපන මාර්ග නැවත සකස් කරමින් පවතින අතර, එමඟින් පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ ඇතැම් අපේක්ෂක සිසුන් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවලට පිවිසීමෙන් ඉවත් කරනු ලැබේ.

  • එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවට

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත.

  • එජාප - සජබ එකතුවන බවට පාක්ෂිකයින් බලාපොරොත්තු වෙනවා - කාවින්ද ජයවර්ධන

    සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට පක්ෂ දෙකේ ම පාක්ෂියින් ගේ ඉල්ලීමක් තිබෙන බැවින් ඒ සඳහා පක්ෂයක් ලෙස පුර්ණ ආශිර්වාදය ලබා දී ඇති බවත්, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.

  • එජාප-සජබ එක­මු­තුවේ නාය­කයා සජිත් - ජ්‍යෙෂ්ඨ නාය­ක­ත්වය රනිල්ට

    එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බල­වේ­ගය පක්ෂය හා අනි­වා­ර්ය­යෙන්ම එකතු වන බව ද, එහි නාය­ක­ය­ක­ත්වය සජිත් ප්‍රේම­දසට හිමි වෙද්දී රනිල් වික්‍ර­ම­සිංහ එම සංවි­ධා­නයේ (ජ්‍යෙෂ්ඨ නාය­ක­ත්ව­යක්) උසු­ල­මින් එම කණ්ඩා­ය­මට උප­දෙස් ලබා­දී­මට නිය­මිත බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවැ­සීය.

  • එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි - මහේෂ් සේනානායක (වීඩියෝ)

    එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.

  • එජාපය සහ සජබය අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද (24) පවත්වා තිබේ.

  • එජාපය සහ සජබය සහයෝගයෙන් වැඩ කිරීමට එකග වෙයි

    එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වූ බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  පවසයි.

    ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු ඒ බව සදහන් කළේය.





    එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බවයි.



  • එජාපයට පමණක් සීමා නොවූ සංවත්සර සමරුව

    එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම පසුගිය සෙනසුරාදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. වෙනත් වසරවල්වල මෙන් එම සංවත්සරය එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමා නොවී ශ්‍රී ලංකාවේ දැනට විපක්ෂයේ සිටින සියලු ම දේශපාලන පක්ෂ එකතු කරගෙන පැවැත්වීම විශේෂත්වයක් විය.

     

    548622300 1382544419897728 6146089412242487292 n

    ප්‍රමුඛ දේශපාලන පක්ෂ 48ක නායකයින්

    මෙහි දී ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය ඇතුළු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 48ක නායකයින්, නියෝජිතයින් 100 කට අධික පිරිසක් සහ පාක්ෂිකයින්ගේ එකමුතුවෙන් පැවැති මෙම සමුළුවෙහි දේශන පැවැත්වීමට ද කටයුතු කර තිබුණේ විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කර කථිකයින්ට ය.

    එය සම්පූර්ණයෙන් ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව සිදුවීම ද කාගෙත් කතා බහට ලක්විය.

    කෙසේ වෙතත් මෙවර සංවත්සර සැමරුම සියලු පක්ෂ එකමුතුවෙන් පැවැත්විය යුතු වන බවට යෝජනා වූ පසු මෙම පක්ෂ ඒකරාශී කරගැනීමේ වගකීම නායක රනිල් විසින් පවරන ලද්දේ වජිරට ය. ඒ මෙවැනි කර්තව්‍යයන් වජිර අකුරටම කරන බව නායක රනිල් දන්නා බැවිනි.


    WAJIRA

    සංවත්සරයට පමණක් සීමා නොවූ එකමුතුවක්

    කෙසේ වෙතත් රාජකාරිය පැවරු දින සිට ම ඒ සඳහා ක්‍රියාත්මක වූ වජිරගේ අවසන් ප්‍රතිඵලය මනාවට දිස් වූ බව පැමිණි සිටි දේශපාලනඥයින් වජිරගේ මූණට ම පවසා තිබුණි. ඊට අමතරව පැමිණි අනෙකුත් දේශපාලනඥයින් බොහෝමයක් වජිර ළඟට ම විත් වජිරට සුබ පතා තිබුණේ 'ඔබතුමා මේ කාර්යභාරය ඉතා හොඳින් මැනවින් සංවිධානය කර තිබණා' යැයි පවසමිනි.

    ඒපමණක් නොව මෙම සැමරුම සඳහා මහා සංඝරත්නයට ද ආරාධනා කර තිබූ බැවින් වජිර ඊටත් පෙර සිට ම සූදානම් වූයේ උන්වහන්සේලාට අවශ්‍ය කරන දානමාන ආදියද නිසි පරිදි සංවිධානය කරමිනි. එම නිසාම කිසිඳු දෙයකින් අඩුපාඩුවක් නොවන ආකාරයෙන් හෝ කිසිම කෙනෙකුට වරදක් නොවෙන ආකාරයෙන් වජිර මෙම කර්තව්‍ය මැනවින් කර තිබු බව ද නායක රනිල් මෙම සංවත්සරයෙන් පසුව වජිරට පවසා තිබිණි.

     



    කෙසේ නමුත් නායක රනිල්ගේ අදහස වූයේ ද මෙම එකමුතුව සංවත්සරයට පමණක් සීමා නොවී ඉදිරියටත් දේශපාලනිකව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ වර්තමාන රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව ක්‍රියාත්මකවිය යුතු බවයි. එය ඔහුගේ කතාව අතරතුරදී ම පෙන්වා දී තිබිණි.

     

     

    RW 250926


    ජාජබ මන්ත්‍රීට වජිරගේ ගෞරවය

    මේ අතර ජාතික ජනබලවේගයේ, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, අභාවප්‍රාප්ත මහිල් මුණසිංහගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වජිර එක්වුණේ පසුගිය අඟහරුවාදා උදෑසනයි. කරන්දෙණියේ දේහය තැන්පත් කර ඇති නිවසට වජිර පැමිණියේ කරන්දෙණිය ආසන සංවිධායක නුවන් සොමිරත්න  සමග වන අතර දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වජිර මහීල්ගේ මව සහ බිරිඳ සමග ද කතාබහකට එක්විය. ඒ අවස්ථාවේ වජිර නායක රනිල්ගේ ශෝකයද ඒ මහතාගේ පවුලේ අය වෙත පළකර සිටියේ ය. පැය බාගයකට ආසන්න කාලයක් එම නිවසේ රැඳි සිටි වජිර ඉන් අනතුරුව ගාල්ල එක්ස්ත් ජාතික පක්ෂ කාර්යාලය වෙත පිටත්ව ගියේ තවත් වැඩකටයුත්තකට සහභාගී වීම සඳහා ය.

     

    WAJI 250926

    මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ම වජිර මාතර බලා පිටත් වුණේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති සහ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත කරුණාවතී හපුගොඩ ආරච්චි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ය. කොළඹ වැඩ රාජකාරී කටයුතු බොහෝමයක් තිබුණත් ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බැවින් වජිර ඒ සියලු කටයුතු පසෙකින් තබා ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව වීරසිංහ  සමග සාකච්ඡාවකට එක් වූ අතර වජිර එහිදී තම නායක රනිල් වික්‍රමසිංහව දුරකථනය හරහා සම්බන්ධ කරගත් අතර නායක රනිල් ද ඒ අවස්ථාවේ දී සිය ශෝකය පළ කර සිටියේ ය.

     

    WAJIRA 250926

     

  • එජාපයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්පක්ෂයේ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරනවා - වජිර අබේවර්ධන

    එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පහුගිය මාසය පුරා ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙන්ම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරමින් යන බවත්, ඒ අනුව අද ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාස රැස්වීම් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) බලපිටිය පැවැති එක්සත් ජාතික පක්ෂ කොට්ඨාස රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

    එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු වජිර අබේවර්ධන...

    බොරු කියන දේශපාලනය අවසන් කළ යුතුයි

    ''අපි එක දෙයක් මතක තබාගත යුතුව තිබෙනවා. ඒ තමයි අපේ රටේ සුවහසක් මහජනතාවගේ ප්‍රාර්ථනය තමයි මේ රටේ මින් ඉදිරියට බොරු කියන දේශපාලනය අවසන් කිරීම. එහෙම නැතිනම් සම්පූර්ණයෙන් ම දේශපාලනය වංචනික ලෙස සිදුකරන ක්‍රියාවලිය අවසන් වනවා දැකීම. ඒ නිසා ඒ මහජනතාවගේ අදහස වෙන්නේ සියලුදෙනා එකතුවෙලා රටේ සුභසිද්ධිය සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම. මේ ගැන අවබෝධයක් තිබුණු නිසාම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 ජූලි මාසයේ 20වැනි දා ජනාධිපතිධුරය බාරගත්තායින් පසු පාර්ලිමේන්තුව අමතලා කිව්වේ කරුණාකරලා ජාතික ප්‍රතිපත්ති රාමුවකට සියලුදෙනාට එකතු වෙන්න කියලා.

    මේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් පිට පැනලා තමන්ට ඡන්ද සහ බලය ලබාගැනීමේ අරමුණින් තවදුරටත් මහජනතාවට බොරු කියන එක නැවැත්තුවේ නැතිනම්, මේ බොරු කියන දේශපාලනඥයින්ට අනාගතයේ දී ජනතාවට මුහුණදෙන්න බැරි වේවී. ඒ නිසා මේ දේවල් ඉතාමත් කල්පනාවෙන් හැසිරවිය යුතුයි. තමන්ට තණ්හාව තිබුණා කියලා ජනාධිපති වෙන්න, අගමැති වෙන්න, එහෙමත් නැතිනම් ඇමති කෙනෙක් වෙන්න, ඒ සඳහා මහජනතාව බිල්ලට තියන එක අපි අනුමත කරන්නේ නැහැ. එය ඉතාමත් වැරදි ක්‍රියාවක්. කළ නොහැකි දේවල් කියන්න හොඳ නැහැ. එහෙම නම් කළ හැකි දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නීති 92 ක් ගෙනල්ලා සම්මත කර තිබෙනවා. එතැනින් පිට රටේ මුකුත් කරන්න බැහැ.

     එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන ගෙන් ඇසු ප්‍රශ්න සහ ඒ සදහා ලබාදුන් පිළිතුරු

     ප්‍රශ්නය - සමගි ජන බලවේගයේ නායකතුමා පසුගියදා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට නිවේදනයක් කරා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන්නේ කුමන අදහසක්?

    පිළිතුර - ''ඒ ගැන මම පසුගිය සිකුරාදා සවස මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය අනුව අපි බලනවා මේ සතියේ පැවැත්වෙන අපේ කළමණාකරණ කමිටුවේදීත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න. අපි ඒ තීරණය ඉතාමත් සුභවාදීව දකිනවා.''



    ප්‍රශ්නය - ඒ වගේම මේ දිනවල සමාජ මාධ්‍යවල සහ දේශපාලන වැඩසටහන්වලත් පළවෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත පාර්ලිමේන්තු එනවා කියලා. මේ කාරණා සත්‍යයද?

    පිළිතුර - ''මම නම් හිතන්නේ ඒක රනිල් භීතිකාව කියලා. දැන්ම ඒවාට කලබල වෙන්න අවශ්‍ය නැහැ.''


    ප්‍රශ්නය - ඔබතුමාට මතකද 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවෙන්න අවුරුද්දකට පමණ පෙර ප්‍රකාශයක් කළා එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙනවා කියලා. ඒ වගේ දෙයක් ඔබ මේ පාර ප්‍රකාශ කරන්නේ නැද්ද?


    පිළිතුර -



     
    ''මම හිතන්නේ මෙතැන තිබෙන්නේ එක දෙයයි; ඉගෙන ගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළාට වැඩිය මොනවම හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් උනාද? මම දන්න විදිහට නම් බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධුරය දරන සමයේ එතුමා නව නීතී අණපනත් ගෙනැත් තිබෙනවා මහජනාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන්.  වර්තමාන ආණ්ඩුව ඒ නීතී රීතී උල්ලංඝනය කරමින් තිබෙනවා. එසේ නීතීරීතී උල්ලංඝනය කළහොත් ඒ ආණ්ඩුව විනාශ වන බවයි අපේ දැනීම නම්. එසේනම් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා කියලා කියන්න කැමතියි.''
     
     
     
     
  • එල්ලෙකේ වසන්තයියා...

    L කැන්ටින් එකේ වසන්ත අයියට මේ පාර ටෙන්ඩර් එක ලැබිලා නෑ කියලා නෝට් එකක් දාලා එයාගේ සමුගැනීම සටහන් කරලා තිබුණා දැක්කා.

  • එවරස්ට් කර්මා නිම්නයේ සිරවූ පිරිස් සොයා මෙහෙයුම්

    ඉකුත් සති අන්තයේ, හදිසි හිම කුණාටුවකට  මැදි වූ තිබ්බතයේ නැගෙනහිර මුහුණතේ පිහිටි  කලාපයේ, එවරස්ට් කඳු තරණයේ  යෙදී සිටි 200කට අධික කඳු නගින්නන් පිරිසක්  මුදා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තා වේ.   ඊයේ (06) ආරම්භ වූ එම මුදා ගැනීමේ මෙහෙයුම් අද (07) අවසන් වීමට නියමිතය.

    එවරස්ට් තරණයේ යෙදී සිටියදී, එම  හිම කුණාටුව හේතුවෙන් තිබ්බතයේ  කර්මා (Karma) නිම්නයේ  අතරමං  වී සිටි  350කට අධික පිරිසක් ප්‍රාදේශීය මුදා ගැනීමේ  කණ්ඩායම් විසින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ඒමට කටයුතු කෙරිණි. ආරක්‍ෂිත ස්ථාන කරා ලඟා වීමට,  දැඩි හිම පතන මධ්‍යයේ කි. මී. 18ක -  19ක දුරක් 'පයින්' ගමන් කිරීමට ඔවුන්ට සිදු විය.  

    ඔක්තෝබර 1 දා ඇරඹි ජාතික දින නිවාඩු සමයේ එවරස්ට් කඳු  තරණයට චීන ජාතිකයින් රැසක්  එක්ව සිටි බව වාර්තා වේ.  මුහුදු මට්ටමේ සිට මීටර් 4,200ක උසකින් පිහිටි කර්මා නිම්නයේ හදිසි හිම කුණාටුව සිකුරාදා (03) සන්ධ්‍යාවේ හට ගත්තේය. එය සෙනසුරාදා (04) දිනයේද  අඛණ්ඩව පැවතිණි.

    මීට ශත වර්ෂයකට පමණ ඉහත, බටහිර රටවල කඳු නගින්නන් විසින් මුලින්ම තරණය කරන ලද කර්මා නිම්නය, එවරස්ට් කලාපයේ පිහිටි අති  පෞරාණික කොටසක් සේ සැලකේ.



    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/7/2025


    Evacuation of stranded Everest trekkers set to wrap up on Tuesday, source says


  • එස්තෝනියා අහස රුසියානු ප්‍රහාරක යානා ආක්‍රමණය කරයි.

    රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් තුනක් ඊයේ (19) එස්තොනියාවට (Estonia) ඉහළ අහසේ පියාසර කළ බව එස්තෝනියාව පවසයි. නැටෝ (NATO) සාමාජික රටක් වන එස්තෝනියාව මෙය 'නිර්ලජ්ජිත' ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම දැඩිව හෙළා දකින බවත් පවසයි.

    රුසියානු ගුවන් යානා විනාඩි 12ක් පමණ එස්තොනියාවට ඉහළ අහසේ රැඳී සිටි බව වාර්තා වේ.

    රුසියානු - යුක්‍රේන ගැටුම අතරතුර රුසියානු ප්‍රහාරක යානා බෝල්ටික් මුහුදට ඉහළ අහසේ පියාසර කිරීම සුලබ දසුනක්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    මේ අතර නොබෝ දා රුසියාව සහ බෙලරුස් (Belarus) රාජ්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවති බව වාර්තා වේ. එහිදී, රුසියානු න්‍යෂ්ටික අවි පෙරහුරුවක් ද පවත්වා ඇත.

    මෙම වසරේ ගත වූ කාලය තුළ රුසියානු ප්‍රහාරක යානා සිව් වතාවක් එස්තෝනියානු ගුවන් කලාපය ආක්‍රමණය කළ බව එස්තෝනියාව පවසයි.

    මෙම මස 9 සහ 10 දෙදින රාත්‍රී රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ පෝලන්ත ගුවන් කලාපය ආක්‍රමණය කළ බව මීට පෙර වාර්තා විය. එම දැනුම් දීමත් සමග නැටෝ සංවිධානයට අයත් ප්‍රහාරක ජෙට් යානා මගින් රුසියානු ඩ්‍රෝන රැසක් විනාශ කිරීමට පියවර ගත් බව එම සංවිධානය කියයි. රුසියාව, යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී, නැටෝ සාමාජික රටවල සූදානම පිරික්සමින් ඇතැයි, එම සාමාජික රටවල් පවසති.

    රුසියානු ප්‍රහාරක යානා පියාසර කරන්නේ, බෝල්ටික් මුහුදට ඉහළ නිදහස් ගුවන් කලාපයේ වයඹ දිග රුසියාවේ සිට කැලිනින්ග්‍රාඩ් (Kaliningrad) කලාපය අතර පමණක් බව එරට විදේශ අමාත්‍යංශය විසින් අද (20) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

  • එළඹෙන 27 වැනි දා ජනපති ජපානයට

    ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

    ඒ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුවයි.


    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත බවත් ජනාධිපතිවරයා විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක්ද පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන් ව තිබේ.

    ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක්ද ජනාධිපතිවරයා මෙහිදී ඇමතීමට නියමිතව ඇති අතර 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස එක්පෝ 2025 ඔසාකා ප්‍රදර්ශනය සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වනු ඇත.

    මෙම ප්‍රදර්ශනය මගින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උරුමය සහ ආර්ථික හැකියාවන්ද විදහා දැක්වීම අරමුණු වනු ඇත.

    තවද මෙමම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ද ඇමතීමට නියමිතව ඇති බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද එක්වීමට නියමිතව ඇත.

  • එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 

  • එළිමහනේ "පවුල්කන මිනිහෙක්"

    ප්‍රවීණ නාට්‍යවේදී ඊ. එම්. ඩී. උපාලි අධ්‍යක්ෂණය කළ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "පවුල්කන මිනිහෙක්" 2026 ජනවාරි 18වන ඉරිදා, සවස 7.00ට සුදර්ශි එළිමහන් රඟහලේ දී වේදිකා ගතකෙරේ.

  • ඔක්ලහෝමා කොටි හසුරුවන්නාට පවුලේ අය ඉදිරිපිටදීම මාරාන්තික ප්‍රහාරයක්

    අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවති ප්‍රසංගයක් අතරතුර කොටියෙකු සිය පුහුණුකරුට පහරදී මරා දැමීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කොටියාගේ ප්‍රහාරයට ලක්වූ 37 හැවිරිදි රයන් ඊස්ලි එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

    ටෙක්සාස් දේශසීමාව අසල ගිනිකොනදිග ඔක්ලහෝමා හි හියුගෝ හි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී පසුගිය සෙනසුරාදා සවස 2ට පමණ මෙය බියකරු සිදුවීම සිදුව ඇත.

    ඊස්ලි සහ කොටියා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කරමින් සිටියදී මෙම පහරදීම සිදුව තිබුණි.

    සපා කෑ කොටියා කුඩා කාලයේ සිටම ඊස්ලි විසින් ඇති දැඩි කර ඇති අතර, කොටියා ඊස්ලිගේ බෙල්ල සහ උරහිස හපා කන මොහොතේ එම ස්ථානයේ ඊස්ලිගේ බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් බලා සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අනතුර සිදුවීමෙන් අනතුරුව ඊස්ලිගේ බිරිඳ දිවගොස් කොටියාව වෙනත් කූඩුවකට ඉවත් කළ බව ද වාර්තා වේ.

    මරණ පරීක්ෂණය සඳහා ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි රාජ්‍ය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයට ගෙන ගොස් තිබුණි.


    Okahoma tiger handler killed in front of family during show: Everything we know so far







  • ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු වීම පිළිබඳ නාමල් මෙසේ පවසයි

    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ඇරයුම් ලැබ එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එම දේශනය අවලංගු වීමට හේතු දක්වමින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

  • ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය නැවැත්තුවා මරණ දෙක ගැන පරීක්ෂණ පවත්වනවා – ඇමැති නලින්ද

    ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා එම ඖෂධය භාවිතා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන් නතර කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

    පසුගිය සෙනසුරාදා සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් පරීක්ෂණ සිදුකරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.

    එසේම මේ ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඇමැතිවරයා කීවේය. මේ සිදුව ඇති මරණ දෙක ගැන මේ සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.

    2021 වසරේ ඇණවුමක් මත 2025දී සහ 2024 ඇණවුමක් මත 2025දී ගෙන්වූ ඖෂධවල සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අති බවද ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.


    (divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)


  • ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

    ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිල්ලක් සිදුකර තිබේ.

  • ඔන්න ලංකාව ආයෙත් ලෝකෙන් ම එකට (වීඩියෝ)

    දරාගත නොහැකි මිලක් ගෙවා ඉඩම් කොටසක් හෝ ගොඩනැගිල්ලක් ලබාගත හැකි ස්ථානයක් ලෙස කොළඹ නගරය ලෝකයෙන් ම අංක එකට පත්වි ඇතැයි දිල්මිණි අබේරත්න පැවසුවා ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න