එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත් පවසයි.
එම යෝජනාවද ශ්‍රී ලංකා රජය පැත්තෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් යයිද පැවසූ ඔහු ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට සිදුවූ යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටී.
සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවද හෙතෙම කියා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඔහු පැවසුවේය. ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණනද ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් මෙහිදී විමතියට කරුණු වන්නේ පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ වෙනුවෙන් වියදම් කිරීම් බවත් පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවද හෙතෙම චෝදනා කළේය.
එවන් තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්‍යන්තරීකරණය වී ඇති ප්‍රශ්නය දේශීය වශයෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
*'' කළ යුතු නිවැරදි දේ කළේ නැහැ''
*'' මට තේරෙන්නෙ නෑ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා''
*'' ලංකාව ගැන ලෝකෙට දැන් යන්නෙ වැරදි චිත්‍රයක්''
ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් තර්කානුකූලව ප්‍රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමත් වීම අගය කළ හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ, තර්කානුකූලව ප්‍රතික්ෂේප කළ ද, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ය.
"ඡන්දයක් අවශ්‍ය බව කීවා නම් ඡන්දයකදී අපට පක්ෂ රටවල් කිහිපයක් හරි යම් හඬක් නගාවි. දැන් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ම ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති කර ගන්න පුළුවන්. ඒක නරක දෙයක්. මට තේරෙන්නෙ නෑ මේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද කියලා," ආචාර්ය දායන් ජයතිලක පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්‍රී ලංකාවේ දැඩි ප්‍රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම
ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යුග දිවියට එළඹීමට සූදානම් වේ.
මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්: 07) තහවුරු කළේ ය.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිවේදීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
පසුගිය දා ජෝර්ජියාවේ දී සිදු වූ ගුවන් අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින බව තුර්කි බලධාරීහු පවසති.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.
"මට ලේ පිසාචයෙකුගේ ගඳ දැනෙනවා" - හියුගෝ චාවේස් එක්සත් ජාතින්ගේ සැසියක දී...
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන වහා නැවැත්විය යුතු යැයි ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩ්රික්සන් අවධාරණය කර ඇත.
අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඊයේ සංවාදයක් හෝ දුරකතන ඇමතුමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
"නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර ඉන්දීය රජයේ අඛණ්ඩ ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ තම පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සිය ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට පියවර ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමා වෙත සහතික වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
රට තුළ ස්ථාවර මිල ගණන් හා සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කිරීම සිය රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන බව සඳහන් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් අමෙරිකානු වත්මන් පරිපාලනය ඉන්දියාව සමග බලශක්ති සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ඉන්දීය ආර්ථිකයට ඉතා වැදගත් වන බව, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර තිබුණි.
මුලාශ්‍රය :
'No call between them': India rejects Trump's claim of speaking to PM Modi about purchase of Russian oil
සබැඳි පුවත් :
රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට මෝදි එකඟ වූ බව ට්‍රම්ප් පවසයි
Trump says Modi has agreed to stop buying Russian oil
අයවැය ඡන්දය තිබුණු දවසේ රාත්‍රියේ විපක්ෂයෙ ලොක්කෙක්ගෙ ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා.
Father සිංහල film එකේ premiere එක ඉවර උණා නෙ... සෑහෙන කාලෙක ඉඳලා Father එනවා එනවා කිය කියා අපිට බොරු hopes දුන්න Film එකක් මේක.
චීනයේ BYD, ලොව විශාලතම විදුලි වාහන (EV) අලෙවිකරු ලෙස එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට නියමිත අතර, එය වාර්ෂික අලෙවිය සඳහා තම ඇමරිකානු ප්‍රතිවාදියා අභිබවා ගිය පළමු අවස්ථාව මෙයයි.
*මේ හදන්නේ පගා දෙන්න!
* වහාම මේ ටෙන්ඩර් අහෝසි කරන්න!
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අයවැය කතාවේ විශේෂ අංගයක් වූයේ මන්ත්‍රීවරුන්ට නව ඩබල් කැබ් ලබාදීමත්, කිසිසේත් වාහන බලපත්‍ර ලබා නොදෙන බව ප්‍රකාශ කිරීමත්ය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය.
පීඩාකාරී "දිට්වා" සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සපයන ලද ත්‍යාගශීලී මානුෂීය සහාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් නිදහස ජන සභාව නායක ඩලස් අලහප්පෙරුම ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ස්තුති ලිපියක් නිකුත් කර ඇත.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (18) රාත්‍රියේ අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක් ද වන බව වාර්තා වෙයි.
ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

