#newstube

  • ඩිජිටල් නියෝජ්‍ය ඇමැතිට අයිති සමාගම් දෙකක් ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තු අරගෙන!

    මාලිමා ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න හට බරපතල චෝදනාවක් එල්ල කරමින් සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, නියෝජ්‍ය අමාත්‍යවරයාට කොටස් හිමි සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු කිහිපයක් ලබාගෙන ඇති බවයි.

  • ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුමට එරෙහි විමල්ගේ පෙත්සම් 2ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

    ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් ඊයේ (ඔක්. 17) කැඳවනු ලැබිණි.

    එහිදී මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි යැයි නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේ ය.

  • ඩී. බී. කූපර් ගේ අද්භූත මංකොල්ලය

    "ගුවන් යානයක් මැදදී ඩොලර් ලක්ෂ 2ක් ඉල්ලගත්තා... පැරෂුට් එකකින් රෑ අහසට පැන්නා... අදටත් FBI එකට හොයාගන්න බැරි වුණු ලෝකේ එකම 'ප්ලේන් මංකොල්ලකාරයා' - ඩී.බී. කූපර් (D.B. Cooper)"

  • ඩී.එස්. විද්‍යාලයීය අභිමානය 'නින්නාද' නොවැම්බර් 07වෙනිදා

    ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය විසින් සංවිධානය කරනු ලබන නින්නාද මාධ්‍ය දින උත්සවය නොවැම්බර් මස 7 වන දින අරලියගහ මන්දිරයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • ඩුබායි සිට දයාසිරිගෙන් චාමර සම්පත්ට හදිසි ඇමතුමක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට හදිසි දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

  • ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් නවතම GWM මෝටර් රථ පෙලක් හඳුන්වා දෙයි

    ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ වාහන විකුණුම් අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ප්‍රබලයකු වන GWM සමාගම සමඟ පසුගියදා මෙරටට එම වාහන බෙදාහැරීම සම්බන්ධනයෙන් ගිවිසුමකට එළඹුණේය.

  • ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.

    ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත.

    මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය.

    දෙවැනි වරට බලයට පත්වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

    විශේෂයෙන් තීරුබදු පැනවීම මගින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප්ට විවේචන එල්ල වූ අතර එම තීරුබදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විනාශයේ ගමන් මාර්ගයකට යොමු වෙමින් පවතින බව සඳහන් කරමින් එක්සත් ජනපදයේද විරෝධතා ව්‍යාපාරද නිර්මාණය විය.

    (aruna)


    'No Kings' protests draw huge crowds as anti-Trump rallies sweep across US

    No Kings live updates: Demonstrators take to the streets nationwide to protest Trump administration

  • ඩොලරය අදත් ඉහළට

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.22ක් ලෙස සහ විකුණුම් මිල රු. 311.78ක් ලෙස ඉහළ ගොස් තිබේ.

  • ඩෝබිලාව තෙත් කළ අනුරගෙ UN කතාව අමු ම අමු කොපියක්.. | Malin De Dias

    ෴අනුන්ගේ ලමයෙක්ට උප්පැන්න දෙන්නට පෙර෴


    නයිජීරියානු ලේඛිකා Ngozi Okonjo-Iweala විසින් 2018 වසරේදී පොතක් ලියා පලකරනවා -Fighting Corruption Is Dangerous: The Story Behind the Headlines- යන නමින්...

    රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ 2019 වසරේ නයිජීරියාවේ සංචාරයක නියැලෙනවා..

    නයිජීරියාවේ Abuja නගරයේදී පැවති anti-corruption/Economic and Financial Crimes Commission (EFCC) අමතා කල දේශනයකදී පෝල් කගාමේ Okonjo-Iweala ගේ fighting corruption is dangerous නම් පොත ගැන සඳහන් කරමින් කියා සිටිනවා "you need to be writing another book, to state that ‘Not Fighting Corruption is even more Dangerous’ යනුවෙන්..

    රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේගේ "Fighting Corruption Is Dangerous,‘Not Fighting Corruption is even more Dangerous" යන ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් වෙනවා..

    "දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි" යනුවෙන් පාඨයක් උපුටා දක්වමින් අනුර ජනාධිපතිතුමා පහුගියදා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කල ප්‍රකාශය එතුමාගේ ප්‍රකාශයක් නොවේ..එය රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්..

    සමහර විට ජනාධිපති අනුර පවා මේ ගැන නොදන්නවා ඇති..එතුමා හිතනවා ඇති එතුමාට කතාව ලියා දුන් කෙනා එලෙස ලියන්නට ඇති කියා..අනුර ජනාධිපතිතුමා එය දැනගෙන කියූවානම් රුවන්ඩා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් බව සඳහන් කරමින් කියුවානම් යුක්ති සහගතයි..නැතිනම් එය අමුම අමු දූෂණයක්-වංචාවක්..ලෝක සමුලුවකදී ලෝකය ඉදිරියේ එවැනි ප්‍රකාශයක් තමන් විසින් පලමු වරට කියන ලීලාවෙන් ඊට නිසි කතෘ අයිතිය ලබා නොදෙමින් කතා කිරීම ජනාධිපතිතුමාගේ පමණක් නොවේ ලංකාවේත් කීර්තියට එතරම් හොඳ නෑ..

    සකල ලංකාවාසී මාලිමා පාක්ෂිකයන් මේ ප්‍රකාශය අනුර දිසානායක ජනාධිපතිතුමාගේ සුපිරි පරිකල්පන ශක්තියෙන් උපද්දවාගත් එකක් යැයි කියමින් මේ ප්‍රකාශයෙන් උද්දාමයට පත්ව සිටිනවා..

    කරුණාකර ඔවුන්ව දැනුවත් කරන්න..

    මේක අනුර දිසානායක මුලින්ම කිව්ව අසවල් එකක් නෙවේ..මේක පෝල් කගාමේගේ කතාවක් බව..

    අනුන්ගේ දරුවන්ට උප්පැන්නය දෙන්නට හදිස්සි වෙන්න එපා..

    පෝල් කගාමේට හිනා යයි...
    ?

    (මාලින්ද ඩයස්)

    උපුටා ගැනීම - Malin De Dias ගේ ෆේස්බුක් පිටුවෙන්...

  • තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවේ !

    තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව තංගල්ල මූලික රෝහලේදී ඊයේ (23) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

    බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බව මියගිය පුද්ගලයන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකල තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර විසින් තහවුරු කර ඇත.

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු පෙරේදා (22) සොයාගත් අතර එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනාගේ සිරුරුවල වස අන්තරගතව ඇතැයි හැගෙන බැවින් ඔවුන්ගේ රුධිර සාම්පල සහ ශරීර පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරු තීරණය කර තිබිණ.

    මෙම මරණකරුවන් මරණයට පත්වීමට පෙර දින යම් ස්ථානයකට ගොස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට පොලිසිය විසින් තොරතුරු සොයා ගෙන තිබිණ.

    ඒ අනුව, ඔවුන් පානය කළ බියර් බෝතයක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රාවණයක් තිබී වෛද්‍යවරුන්ට හමුව ඇතැයි ද වාර්තා විය.


    පැරණි නිවෙසක මළසිරුරු දෙකක්..

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවෙසක තිබී මළසිරුරු දෙකක් මුලින් සොයාගනු ලැබිය.

    ඔවුන් සමඟ‍ සිටි දෙදරු පියෙකු ඔහුගේ විතාරන්දෙණිය, තලපිටියගම නිවසට ගිය අවස්ථාවේ හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

    මොවුන්ගේ මරණ පිළිබඳව සිද්ධිය වූ සීනිමෝදර නිවසට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා බූතාවත්ත, මෙම මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසට තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට නියෝග කළාය.

    ඒ අනුව තංගල්ල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි රුවන් නානායක්කාර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරින් වූ එස්. එච්. ප්‍රමුදිත්, ආර්.කේ.එස්.චන්දිම, ෂර්මිලා උභයරත්න ඔහුට සහාය වී තිබිණ.


    හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සගවා තිබූ ලොරි තුනක් සොයාගනී !


    මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ තංගල්ල, උණාකූරුව, ලන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි සුවඳ හැන්නදිගේ තුසිත වෙනුර කුමාර නමැති 50 හැවිරිදි දෙදරු පියෙකු සහ අම්බලන්තොට, ලුණම, රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව්. ඊ. කවිදු කල්හාර සහ අම්බලන්තොට, ලුණම මණ්ඩගල පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන අවිවාහක තරුණයින් දෙදෙනායි.

    මෙම තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (23) සවස 1.30 ට පමණ ආරම්භ වුණා.

    රෝහල් ගතව සිටි මියගිය දෙදරු පියාගේ පුතුන් ලබාදුන් සාක්ෂි අනුව දෙවන වරටත් සිද්ධියවූ සීනිමෝදර නිවසට ගොස් අධිකරණ වෛද්‍ය නිළධාරින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර කටයුතු කළේය.

    තංගල්ල පොලිසියේ නිලධාරින් මියගිය තුසිත වෙනුර කුමාර යන අයගේ බිරිඳගෙන් අනෙක් තරුණයින් දෙදෙනාගේ මාපියන් ගෙන්ද සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව
    පස්වරු පහට පමණ දේහයන් ඥාතීන්ට බාරදීම සිදුවිය.

    මෙම අබිරහස් මරණ සිදුවීමත් සමග වහා විමර්ශන කටයුතු සිදුකල පොලිසිය හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සගවා තිබූ ලොරි තුනක් සොයාගනු ලැබිය.


    අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක් සොයාගත් බව පොලිසිය පවසයි


    තංගල්ල ගොඩැල්ලවෙල කදුරුපොකුණ පාරේ නිවසක ගරාජයක තිබී කොමඩු පැටවූ ලොරියක තිබී මුලින් මත්ද්‍රව්‍ය සොයාගත් අතර පසුව අබිරහස් මරණ සිදුවූ සීනිමෝදර නිවස අසල නවතා තිබූ ලොරි දෙකක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබිණ.

    මෙම ලොරි තුනේම තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධව මේවන විට සැකකරුවන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියා සිටියි.


    සැකකරුවන් අතර සරසවි සිසුවෙක් !

    මත්ද්‍රව්‍ය හසුවූ ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ එක් ලොරි රථයක රියදුරෙකු සහ අභිරහස් ලෙස මියගිය දෙදරු පියාගේ වැඩිමහල් පුතාවූ 25 හැවිරිදි සරසවි සිසුවෙකු සැකකරුවන් අතර වන බව පොලිසිය පවසයි.

    මේ අතර සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදීමට කටයුතු කරන බව තංගල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසිය.

    දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශාමික වික්‍රමසිංහ, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිලධාරින් සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වති.

  • තජුඩින් ඝාතනය : වයිරල් යන පෝස්ට් එක ගැන "කජ්ජගෙ පුතා" දැන් කියන කතාව මෙන්න

    තාජුඩීන් ඝාතනයට අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සම්බන්ධ යැයි දැනට පළ වන පුවත් සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් යැයි විදානගමගේ ඉඳුවර අමිෂ් මාදෙව් පවසයි.

    විදානගමගේ ඉඳුවර අමිෂ් මාදෙව් යනු පසුගිය දිනෙක ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ පුත්‍රයෙකි.

    ඔහු මෙම අදහස් පළ කළේ සිය පියා තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන පුවත පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.

    ඔහු වැඩි දුරටත් පවසන්නේ සිය පියා කිසිදු දිනක මත්පැන් පමණක් නොව අවම වශයෙන් බියර් හෝ පාවිච්චි නොකරන බවයි. එහෙයින් ඔහුගේ පියාගේ යැයි පැවසෙන ඡායාරුපයේ සිටින පුද්ගලයා බියර් කැනයක් අතේ තබාගෙන සිටින බවත්, ඒ සිය පියා නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.



    ආන්දෝලනාත්මක අනාවරණයක්


    රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා ඊයේ  (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

    විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයාදැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.

    2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පෙරේදා  (30) අනාවරණ කළේය.






    වයිරල් යන පෝස්ට් එක...


    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා වන ඉඳුවර විදානගමගේ සිය ෆේස්බුක් ගිණුමේ ඊයේ (01) සටහනක් ද තබා තිබුණි.

    උපුටා ගැනීම

    "පොලීසිය පවසන ආකාරයට වසීම් තජුඩීන් පසුපස හඹා යන මෝටර් රථයේ පසුපස හඹායන මෝටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලීසිය විසින් නිවේදනය කර ඇත.

    ඇයි පොලීසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණිය කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්වා එම දර්ශනයේ සිටින්නේ තමන්ගේ සහෝදරයාද බවට අසන්නේ නැත්තේ ඇයි?''

    උපුටා ගැනීම අවසන්.

    අරුණ විදානගමගේ ගේ පුත් ඉඳුවර විදානගමගේ ඊයේ (01) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා අදහස් පළ කළ අතර එහිදී, සිය පියාගේ මරණයෙන් පසු තම මවගේ ගිණුමට බැර වූ බව කියන මුදලක් පිළිබඳව ද ඔහු අනාවරණයක් කළේය.



    "කජ්ජගෙ පුතා" නෙත් FM වෙත පැවසු කතාව මෙන්න


    නෙත් FM' ''බැලුම්ගල'' වැඩසටහනට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පළකළේය.





  • තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්

    උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

  • තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළව පළමු 'වාස වීසාව' නිකුත් කෙරේ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අංක 2360/24 හා 2023.11.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළව පළමු වාස වීසාව (Visa) ඊයේ (01) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  අතින් ජර්මානු ජාතික ආචාර්ය Prey Drechsel (පායි ඩ්‍රෙශල්) වෙත ප්‍රදානය කළේ ය.

    මෙම තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේ දී, ඇමරිකානු ඩොලර් 100 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 05ක වාස වීසාවක් සහ ඇමරිකානු ඩොලර් 200 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 10ක වාස වීසාවක් ලබා දීම සිදු කරයි.

    මෙහි දී අදාළ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක, වීසා වැඩසටහන් විදේශ ගිණුමක් (Visa Programme Foreign Currency Account- VPFCA) විවෘත කර ඉහතින් සඳහන් කළ මුදල තැන්පත් කිරීම මගින් මෙම වාස වීසාව ලබා ගැනීම සදහා අයදුම් කිරීමට හැකියාවක් ඇත.

    විදේශිකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකිවන අයුරින් මෙම තනිපුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළ වාස වීසා ලබා දීම තුළින් ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිත ය

  • තම දරුවන් දෙදෙනා ඝාතනය කළ මවකට දුන් දඬුවම

    තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

  • තම නිවෙස පවා දැයේ පාඨකයින් වෙනුවෙන් පරිත්‍යාග කළ උදාර ගැහැනිය

    ජ්‍යේෂ්ඨ ලේඛිකාවක වන සෝමා ජයකොඩි මහත්මිය පසුගිය 27වන දින උදෑසන මෙලොව හැර ගියා ය.

  • තමන්ගෙ වැයික්කිය බලන්නැයි ජනපතිගෙන් මන්ත්‍රීන්ට නියෝග

    ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.

  • තමන්ගේ උපාධිය ගැන නාමල් කියන කතාව

    තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

  • තරග පරාජයත් සමගින් ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

    පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට ඊයේ (14) සමුදුන්නේය.

  • තරිඳු උස්සා පොළවේ ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්    

    පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු උස්සා පොළොවේ ගැසීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් භෞතික විද්‍යා (Physics) ටියුෂන් ගුරුවරයකු වන ඉංජිනේරු ශෙහාන් විදානපතිරණ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.

  • තරුණ තරුණියන්ගේ රැකියා විරහිත භාවය රටේ සමස්ත ආර්ථියකට ම බලපානවා - සජිත් ප්‍රේමදාස

    අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    රැකියා විරහිතභාවය අවම කළ යුතුයි

    ''ශ්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය සමස්ත සමාජයට මෙන්ම ආර්ථිකයකට ද දැඩි බලපෑමක් සිදු කරනවා. අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපානවා. මේ නිසා තරුණ තරුණියන් නීතිවිරෝධී ක්‍රියා, අපරාධ සහ මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ ක්‍රියා ද වැඩි වෙනවා. මේ නිසා රැකියා විරහිතභාවය අවම කිරීමට සෑම රජයක්ම ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු යි.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයත් එය සංඛ්‍යාත්මකව අපොස සා/පෙළ, උසස් පෙළ/ උපාධිධාරීන් වැනි අධ්‍යාපන සුදුසුකම් අනුව ඉදිරිපත් කරන ලෙසත් රැකියා විරහිතභාවය සමාජය තුළ ව්‍යසනකාරී දෙයක් විය හැකි බවට රජය පිළිගන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසී ය.


    රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන්න


    එසේම රැකියා විරහිතභාවය අවම කිරිමට රජය විසින් ගෙන ඇති කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන පියවර ඉදිරිපත් කරන්න. මෙය අවම කිරිම සාර්ව ආර්ථික ඉලක්ක ලෙස සැලකිය හැකි බැවින් 2025, 2026, 2027 යන වර්ෂවල රජය අපේක්ෂා කරන රැකියා විරහිතභාවය අවම කිරීමේ ප්‍රතිශතාත්මක ඉලක්ක ඉදිරිපත් කරන්න. එසේම උපාධිධාරීන් 40000ක් පමණ රැකියා විරහිතව සිටිනවා.

    20000ක් ගුරු වෘත්තියට, 3000ක් STEM ක්ෂේත්‍රයටත් තවත් 9000ක් Non - STEM ක්ෂේත්‍රයටත් ඇතුළු 35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කියපු රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන්න. අගමැතිවරියගේ ප්‍රකාශයක් අනුව උපාධි ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු 50000ක් ඇති නිසා මේ 35000ටත් ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු වෘත්තියේ රැකියා ලබා දිය හැකි නිසා කඩිනමින් ඒවා කරන්න.''




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න