#newstube

  • ඔබ, ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ සටන් ගැන දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

    වර්තමානයේ පවතින්නේ ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ අවසන් සටන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • ඔබේ නමත් සඳට යැවීමට අවස්ථාවක්

    නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.

  • ඔලුව උස්සන්න 3% ණයක්!

    ආපදා තත්ත්වයෙන් විනාශයට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ‘RE-MSME – ආපදා සහන’ නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

  • ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩායි වෙරළ තීරය ආශ්‍රිතව පැවැති යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට ඊයේ (14 වැනිදා) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

  • ඔස්ට්‍රේලියාවේදී 'වසරේ විශිෂ්ටතම විද්‍යාඥයා' ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

    මහාචාර්ය චරිත පට්ටිආරච්චි (මැද) සම්මානය අතැතිව


    සටහන :
    කුමුදු ජයවර්ධන
    බීබීසී සිංහල

  • ඕනෑම රජයකට කිසිසේත් ම අත්හළ නොහැකි වගකීමක් ගැන වෛද්‍ය සංගමයෙන් පැහැදිලි කිරීමක්

    ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයක් බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත් ම අත්හළ නොහැකි වගකීමක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

  • ඕනේ එකක් ලියන්ඩ දොරේ... - (Kingsly Rathnayaka)

    ඔන්න මචංලා , ඇමරිකාවෙ ඔහියෝවල උතුරු එඩිසන් ඩ්‍රයිව් පාරේ, නොම්මර නවයෙ ගෙදර හිටපු මෑන්ස් ගැනයි අද කථාව කියන්න යන්නෙ.

  • ඕස්ට්‍රේලියාව පැරදූ ඉන්දියාව තුන් වැනි වරටත් කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට..

    ඉන්දීය කණ්ඩායම 3 වැනි වරටත් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

  • ඕස්ට්‍රේලියාවේ මෙන් දරුවන් ට සමාජ මාධ්‍ය තහනම් කරන්න අපට බැරි ද...?

    ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් සඳහා ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් භාවිතය නවත්වන බව මෙටා සමාගම පවසා ඇත. ඔස්ට්‍රෙලියානු රජය විසින් හදුන්වාදීමට යන මාර්ගගත ආරක්ෂාව පිළිබඳ නව නීතිවලට අනුකුලවෙමින් මෙම තහනම දෙසැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

  • ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමේ යථාර්ථය

    පහුගිය දවස්වල ආණ්ඩුවෙන් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළා. එනම් 'ඖෂධ වලට පාලන මිලක්.' මාලිමා රජය මැදිහත් වී ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානම් වෙනවා. එහි බොහෝ කටයුතු දැනටමත් අවසන්. කියන පුවත.

  • ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවේ ; සෞඛ්‍ය ඇමති

    මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි

    අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය.

    එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස


    "සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු ආසියානු රටවල මේ මොහොත් වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇනවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. අනෙක් කාරණය විවිධ හේතුමත ව්‍යාපෘති නතර කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් දෙගුණයක් මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයෙන් මේ වෙනුවට. ව්‍යාපෘති 17ක් තියනවා ලංකාවේ නතරවුණ තැනින් ආරම්භ කරනවා ඒ ව්‍යාපෘති 17ට වර්තමානයේ වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 59ක්. නියමිත පරිදි 2018දී 2020දී හෝ 2022දී අවසන් කළා නම් අපිට යන්නේ බිලියන 29යි."

    Ada derana.lk

  • ඖෂධවල ප්‍රමිතිය සහතික නොකිරීම සම්බන්ධයෙන් Free Lawyers කනස්සල්ලෙන්

    තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මිය යෑමත්, තවත් පිරිසකට සංකූලතා ඇතිවීමත්, රෝගීන් වෙත නිකුත් කරන ඖෂධවල ප්‍රමිතිය සහතික කිරීමට නොහැකිවීමත් පිළිබඳව Free Lawyers  සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කරයි.

  • කජ්ජාව සැඟවූ OIC කවුද...? (වීඩියෝ)

    2022 අරගලය අතරතුර මැදමුලනේ දී පුද්ගලයින් තිදෙනකු මරා දැමුවේ යැයි සැකපිට අරුණ විදානගමගේ හෙවත් කජ්ජා පිළිබඳව සැක කර බුද්ධි අංශ ඔහු පිළිබද සොයා බලන විට එම තොරතුරු ඔහුට සපයා ඔහු බේරාගෙන ඇත්තේ පොලිසියේ උසස් නිලධාරියෙක් යැයි පැවසේ.

    මේ සිද්ධිය අනාවරණය කරන්නේ ගින්දර - Gindara youtube නාලිකාව කළ හෙළිදරව්කව දි ය.

    මතු පළ වන්නේ ගින්දර -  Gindara youtube නාලිකාව කළ හෙළිදරව්ව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.


  • කටුනායක ගුවන්තොටේ අද සිට E-Gate ක්‍රියාත්මකයි

    කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

  • කඩිනමින් වැඩ නිමවෙන කබරගල නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය

    2023 වර්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ, පූනාගල ප්‍රදේශයේ කබරගල වත්ත නාය යාමෙන් අවතැන් වූ පවුල් 50 ක් වෙනුවෙන් ආපදාවට පත්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකෙරෙන කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

  • කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලන්න තිළිණ මධුශංක

    රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ නිල කාලය අද ( 22) දිනයෙන් අවසන් වන බැවින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ආරච්චිගේ තිළිණ මධුශංක  හෙට (23) සිට පත් කර තිබේ.

    බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා පවසනුයේ ඉදිරි මාස 3 ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව බස්නායක නිලමේ වරයෙකු පත් කිරීම සඳහා කටයුතු කරන බවයි.

    වැඩ බලන බස්නායක නිලමේ තිළිණ මධුශංක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයෙක් ද වේ.


    ( විනිවිද )


    Screenshot 2025 09 22 172252

  • කතරගම බස්නායක නිළමේ ධුරය තිළිණ මධුශංකට

    රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ.

  • කතා බහට එක් වන්නේ යුරේනියම් පෝෂණයට අයිතිය තහවුරු කරන්නේ නම් නම් පමණි - ඉරාන විදෙස් ඇමති

    ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ උපදේශකයකු වන අලි ලරිජානි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (10) ඕමානය බලා පිටත් වෙති.

  • කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද (11) පෙරවරැවේ බාර දෙමින් ඉල්ලීමක් කළහ.

  • කතානායකවරයා ගේ වංචනික බව දැන් හොඳට ම පැහැදිලියි - දිනේෂ් අබේකෝන්

    කතානායකවරයා දිගින් දිගට ම අදාළ තොරතුරු ලබා දීම පැහැර හැරීම තුළ ඔහු ගේ වංචනික භාවය පිළිබිඹු වන අතර ම කිසිම වරප්‍රසාදයක් එපා යැයි පවසමින් බලයට පත් වුණු මාලිමා ආණ්ඩුව අද කරමින් සිටින්නේ පැවසූ දේට ඉඳුරා ම පටහැනි දේ යැයි නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න