පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.
කන්ටේනර් නිදහස් කිරීම හා අමාත්‍ය මණ්ඩල සංශෝධනය අතර කිසිම සම්බන්ධතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසිය.
"මම හිතන්නේ මාධ්‍ය යේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දයාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවිමයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවිම ගැන පරික්ෂණ කමිටුවක් දැම්‍මේ ජනපතිවරයා."
(ada)
" Ne bis in idem " ( You cannot be tried twice for the same offence)
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතිය, වෘත්තීය සමිතියක් ලෙස පිළි නොගන්නේ යැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කර්නාටක ප්‍රාන්තය, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
සඳගෝමි කෝපරහේවා සමග මා කළ විවාදය සම්බන්ධයෙන් කරු පරණවිතාන සහෝදරයා දමා ඇති ප්‍රතිචාරය යට තිබෙන කමෙන්ටු කියවීම මේ යුගයේ බුද්ධිමය දේශපාලනය ගැන උනන්දු අයට වැදගත් කියා සිතමි.
පසුගිය දින කලාඔයේ මගීන් 70ක් සමග බස් රථයක් අනතුරට ලක් වූයේ රියදුරු ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා දකුණු ආසියාවේ ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් ඉල්ලා සිටියේය. තව ද සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්යභාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළේ ය.
"සමහර මිනිසුන් ලෝකය දකින්නේ අප දකින ඇසින් නොවේ. ඔවුන්ට ආදරය යනු අත්පත් කර ගැනීමකි, රංගනය යනු ජීවිතය යි.
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොන්ඩා පැටවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මහින්ද දේශප්‍රිය කියනවා අනුර කුමාරට උනන්දුව තිබුණට එයාගේ කාර්ය මණ්ඩලයට එහෙම එකක් නැහැ කියලා.
ආණ්ඩුවෙ ඉහළම තැනකින් කාකි සූට් දෙපාර්තමේන්තුවේ ලොකු තැනට අමුතුම නියෝගයක් ආවාලු.
ගම්පහ, දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට 64වන වියේ පසුවිය.
ක්‍රීඩක ජයනන්ද වර්ණවීර 1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර වසර අටකට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කර ඇත.
පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති ජයනන්ද වර්ණවීර 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 06ක් බිඳහෙළා තිබිණි.
Sirimali Liyanagama
ආසියානු ක්‍රිකට් කුසලානයේදී ඉන්දියාව ලැබූ ජයග්‍රහණය යනු හුදු ක්‍රීඩා ජයග්‍රහණයක් නොවේ. එය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ එරට විදේශ ප්‍රතිපත්තිය තුළට දැඩි ජාතිකවාදය සහ හින්දුත්ව මතවාදය කාවැදීමේ සංකේතයක් බවට පත් විය.
මෙම ප්‍රවණතාවය, ක්‍රිකට් පිටියේ ආතතියේ සිට BRICS සමූහය පුළුල් කිරීම දක්වාත්, කලාපීය බල තුලනය තුළ ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල ස්ථාවරයන් කෙරෙහිත් සෘජුව බලපා ඇති භූ-දේශපාලනික තත්ත්වයකි.
ක්‍රීඩාව සහ දේශපාලනික ගැටුම: මෝදිගේ ජාතිකවාදී දර්ශනය

ඓතිහාසිකව, ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරග යොදා ගත්තේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කරන 'මෘදු බලයේ' (Soft Power) මෙවලමක් ලෙසයි. කෙසේ වෙතත්, මෝදි රජය යටතේ මෙය 180-අංශක වෙනසකට ලක් විය.
ආසියානු කුසලානයේ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි විසින් එය හමුදාමය ගැටුමක් හා සමාන කරමින්, "Operation Sindoor" වැනි යෙදුම් භාවිතයෙන් සමාජ මාධ්‍ය සටහන් තැබීමෙන් පෙන්වා දුන්නේ මෙම ක්‍රීඩා පිටිය සතුරු පාකිස්තාන-ඉන්දියා ආරවුල යළි එළිදැක්වීමේ වේදිකාවක් බවයි. මෙමගින්, ජයග්‍රහණයේ ගෞරවය කණ්ඩායමෙන් ඔබ්බට ගොස්, ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රය (මෝදිට) තහවුරු කරන සංකේතයක් බවට පත් විය.
ඉන්දීය කණ්ඩායමේ නායකයා විසින් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ ඒ සම්බන්ධයෙන් ACC සභාපති (පාකිස්තාන පුරවැසියෙකු වන) මොහ්සින් නාක්වි විසින් දැඩි ස්ථාවරයක් ගැනීම, ක්‍රීඩාවේ පාලනය තුළ පවා පවතින ගැටුම්කාරී භූ-දේශපාලනය මතුපිටට ගෙන ආවේය.

භූ-දේශපාලනික 'බහු-ගැළපීම්' (Multi-Alignment) සහ එහි ප්‍රතිවිරෝධතා
ජාතිකවාදයේ නැගීමත් සමඟ, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය 'උපාය මාර්ගික ස්වාධීනත්වය' මත පදනම් වූ 'බහු-ගැළපීම්' (Multi-Alignment) ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මෙහි අරමුණ වන්නේ ප්‍රධාන බල කඳවුරු සියල්ල සමඟ සබඳතා පවත්වා ගැනීමයි.
ඉන්දියාව චීනය සහ රුසියාව ප්‍රමුඛ BRICS සමූහය පුළුල් කිරීමට සහාය දෙයි. මෙය බටහිර ආධිපත්‍යයට ප්‍රතිවිරුද්ධ බහුධ්‍රැව ලෝකයක් සඳහා ඉන්දියාව දරන උත්සාහයයි. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් ඇතුළත් කර ගැනීම හරහා ඉන්දියාව සිය ආර්ථික සහ භූ-දේශපාලනික අවශ්‍යතා සමබරව පවත්වා ගැනීමට අපේක්ෂා කරයි.
එහෙත්, ඉන්දියාව ඒ සමඟම Quad (ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව) වැනි බටහිරට නැඹුරු ආරක්ෂක කණ්ඩායම් සමඟද සක්‍රීයව කටයුතු කරයි.
හින්දු ජාතිකවාදයේ නැගීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛතා වෙනස් වී ඇත. විචාරකයින්ට අනුව, ඇමරිකාව සමඟ මෙතෙක් පැවති "විරසකය අහෝසි වීමේ ප්‍රවණතාවක්" මතුව ඇත. මෙම නව ජාතිකවාදී රාමුව යටතේ, ඊශ්‍රායලය-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාවේ පැරණි මධ්‍යස්ථ ස්ථාවරය ඉදිරියේදී "මදක් පසුබානු ඇතැයි" අපේක්ෂා කළ හැකිය. මෙහිදී, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ සාම වැඩපිළිවෙලට ඉහළ පිළිගැනීමක් ලැබීමේ ප්‍රවණතාවක් ඇති බවට මතයක් පවතී. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෝදිගේ ස්ථාවරයන් යළි යළිත් පළ කිරීම මෙම නව සමීප සබඳතාවේ පිළිබිඹුවකි.
ශ්‍රී ලංකාවට ඇති භූ-දේශපාලනික අභියෝගය
ඉන්දියාවේ මෙම භූ-දේශපාලනික "අංශක තුන්සිය හැටක් කරකැවීමේ" පසුබිම තුළ, ශ්‍රී ලංකාව වැනි ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු කුඩා රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය අතිශය තීරණාත්මක වේ.
එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කරමින්, ගාසා තීරයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ලංකාවේ කණස්සල්ල ප්‍රසිද්ධියේම පළ කිරීම, ඓතිහාසිකව අපගේ නොබැඳි ප්‍රතිපත්තියට අනුකූල වේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ නව නැඹුරුව සහ ගෝලීය වශයෙන් ඇමරිකාව ඊශ්‍රායලයට දක්වන සහයෝගය හමුවේ, ශ්‍රී ලංකාවේ මෙම ස්ථාවරය "ඇමරිකානු කුඩම්මාගේ සැලකිල්ලට" ලක්වීමේ අවදානමක් පවතී.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IMF) හරහා ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආර්ථික බලපෑම දැඩිව දැනිය හැකිය. භූ-දේශපාලනික තීරණ මූල්‍ය ආධාර හෝ වෙළඳ සබඳතා කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින්, රටේ ආර්ථික අවශ්‍යතා තවදුරටත් අවදානමට ලක්විය හැකිය.
ඉන්දියාව බටහිර සමග සමීප වීමත්, චීනය දිගටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වීමත් සමඟ, ශ්‍රී ලංකාව ඉන්දු-චීන භූ-දේශපාලනික අරගලයේ තවත් කේන්ද්‍රස්ථානයක් බවට පත් විය හැකිය. ශ්‍රී ලංකාව තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම තවත් අභියෝගාත්මක වනු ඇත.
ක්‍රිකට් ජයග්‍රහණයක් පවා ජාතිකවාදී දේශපාලන මෙවලමක් බවට පත් කරන යුගයක, ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය උපාය මාර්ගික ස්වාධීනත්වය සහ ජාතිකවාදී ආවේගයන් යන දෙකෙහිම සංකලනයකි. ඉන්දියාව 'විශ්ව ගුරු' (ලෝකයේ නායකයා) වීමේ අභිලාෂය හඹා යද්දී, බහු-ගැළපීම් ප්‍රතිපත්තිය කලාපයේ බල තුලනයට තවදුරටත් බලපෑම් කරනු ඇත. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට, තම ඓතිහාසික ප්‍රතිපත්ති (පලස්තීනයට සහාය දීම වැනි) පවත්වා ගෙන යෑම, ආර්ථිකමය වශයෙන් ස්ථාවර වන තෙක්, ප්‍රධාන ගෝලීය බලවතුන්ගේ භූ-දේශපාලනික පීඩනයට ලක්වීමේ අවදානම ඉහළ නංවනු ඇත.
මීළඟ කොටසින් -
(ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට, චීන ණය සහ ඉන්දීය-ඇමරිකානු කලාපීය බලපෑම් අතරතුර උපාය මාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය කුමක් විය හැකිද?)
EARN WAY ක්‍රිප්ටො කරන්සි ආයතතනය විසින් වසර දෙකක් තිස්සේ ජනතාව රවටා කෝටි 500 කට අධික මුදලක් වංචනිකව කොල්ල කෑ බවට චෝදනා කරමින් පොළොන්නරුවේ වංචාවට අසු වුවන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් බාරදුන්නා.
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් පසුගියදා (16) උපදෙස් දුන්නේ ය.
ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.
මෙම රැස්වීමේ දී ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සංවිධානය කිරීම හා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගනිමින් ඒවා විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම තුළින් සුවිශේෂි සංචාරක කාණ්ඩයක් ශ්‍රී ලංකාව දෙසට ආකර්ශනය කරගැනීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණි.
එහි දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට්, රග්බි, පාපන්දු යන ප්‍රධාන ක්‍රීඩා තරඟවලට අමතරව තවත් ක්‍රීඩා ගණනාවක් සඳහා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන් ප්‍රේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් වාර්ෂික පැමිණෙන බව හඳුනා ගනු ලැබුණි.
වෝටර් රාෆ්ටිං, සර්ෆිං, කඳු නැගීම, පා පැදි තරඟ, මැරතන් තරඟ ආදි ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව අවධානය දිනා ඇති අතර මෙම ඉසව් විවිධ ස්ථානවල වෙන වෙනම පැවැත්වෙන බවත් මෙම රැස්වීමේ දී අනාවරණය විය. මින් ඇතැම් තරඟ ජාත්‍යන්තර මට්ටමේ තරඟ නොවුණත් විවිධ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් විවිධ කොටස් වශයෙන් පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා විය.
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කරන්න මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් අවධානය
එළඹෙන වසර සඳහා සංවිධානය කර තිබෙන ඉසව්, තරඟ පිළිබඳව ද අධ්‍යයනය කරනු ලැබූ අතර පළමු මාස 04 තුළ ක්‍රිකට් තරඟ 40ක් පමණ සංවිධානය කර තිබෙන බවත් සෙසු ක්‍රිඩා සඳහා ද ඉසව් රැසක් සංවිධානය කර තිබෙන බව ද හඳුනාගනු ලැබුණි.
කෙසේ නමුත් ක්‍රීඩා ඉසව් සැලසුම්සහගව සංචාරක ආකර්ශනය සඳහා යොදා ගැනීම සිදු නොවීම ගැටලුවක් වන බැවින් එයට පිළියමක් ලෙස මෙහෙයුම් කමිටුව පිහිටුවීමට තීරණය විය.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී විවිධ අංශ හඳුනාගැනීම අවශ්‍ය වන බවත් එහිදී ක්‍රීඩා සංචාරකත්වය විශේෂ අංශයක් ලෙස රජය හඳුනගෙන තිබෙන් බවත් ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව පිහිටුවීම තුළින් ක්‍රීඩා සංචාරකත්ව ක්ෂේත්‍රයේ තිබෙන විශේෂත්වය, විභවතාව සහ පරාමිතීන් හොඳින් අවබෝධ කරගෙන ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ හැකි බවයි.
ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සංවර්ධන වැඩපිළිවෙල්වල දී ක්‍රීඩා හා සංචාරක යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කර ක්‍රීඩා සංචාරකත්වය ප්‍රවර්ධනය කරන්නේ කෙසේ ද තරඟ ගෝලීය වශයෙන් ප්‍රචාරය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රිඩා සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය හඳුන්වා දීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය වන මගපෙන්වීම් ලබා දීම, සැලැසුම් ලබා දීම ආදිය සිදු කිරීම මෙහෙයුම් කමිටුව මගින් අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද එක්ව සිටියහ.

ක්‍රීඩාව තුළින් රටේ සහජීවනය ඇති කළ හැකි යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පවසයි.
ඔහු එබව කියා සිටියේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ය.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආබාධිත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනම අරමුණ අරමුදලක් පිහිටුවමින් සහාය ලබාදෙන ලෙසත්, ආබාධිත රණවිරුවන්ටත් ජාත්‍යන්තර ක්‍රීඩාවලට සහභාගි වීමට වෙනම අරමුදලක් පිහිටුවන ලෙසත් යෝජනා කළේ ය.
එමෙන් ම පවතින ක්‍රීඩා පනත තුළ ක්‍රීඩාව දේශපාලනීකරණයට ලක්වෙන බවත්, ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කළ යුතු අතර ලෝකයේ ම පවතින ජනප්‍රියතම ක්‍රීඩාව වන දුප්පතාගේ ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවට ද විශේෂ උනන්දුවක් දක්වන්නැයි හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සලකා බලා අනුමත කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

