එළඹෙන අයවැයෙන් කොටස් වෙළඳපොළ ඉලක්ක කර නොගෙන සාමන්‍ය මහජනතාවත් රැකෙන පරිදි යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, රටේ තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
පහුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයට තරුණ ගෑනු ළමයි කණ්ඩායමක් ඇවිත් හිටිය. කට්ටිය ඇවිත් හිටියෙ නායකත්ව පුහුණු වැඩමුළුවකට.
මේ වන විට රට මුහුණ පා ඇති ආපදාව ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර නොගතහොත් තවත් ඛේදවාචකයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි නමැති තරුණිය මාර්ගගත ක්‍රමයට ණය මාෆියාවට හසුවී සියදිවි නසා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
හිටපු මන්ත්‍රීවරු 56 දෙනෙකු ජනාධිපති අරමුදලින් අයුතු ලෙස මුදල් ලබා ගෙන ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
ආපදාවෙන් විපතට පත් වූ පවුල් 15,000ක් සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාන 515ක තවමත් රැදී සිටින බව වාර්තා වේ.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සිනමා නිර්මාණකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය ආයතන, සිනමා රසිකයින් අඛණ්ඩව ඉදිරිපත් කළ විරෝධතා මෙන්ම, මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා පියවර ගන්නා බවට කළ දැඩි
මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Ondansetron නමැති ඖෂධය ගෙන්වා ඇත්තේ 2011 දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරුදු 5කට තහනම් කළ Maan Pharmaceutical pvt ltd නමැති ආයතනයෙන් යැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.
සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.
සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
ආක්‍රමණශීලී මසුන් දේශීය ජලාශවලට මුදාහැරීම නිසා අපේ රටේ මිරිදිය මත්ස්‍ය සම්පත විනාශ වීමේ තත්ත්වයක් මතුවීම හේතුවෙන් විසිතුරු මසුන් වර්ග 4ක් ආනයනය, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
තහනම් කරන මසුන් වර්ග
නයිෆ්
රෙඩ්ලයින් ස්නේක් හෙඩ්
ඇලිගේටර්
පිරානා , යන මාලු වර්ග තහනම් කිරීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේය.
එතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවෙස්වල ඇති කරන මසුන් සිටීනම් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ගෙනැවිත් භාර දෙන ලෙසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
මේ වනවිට ක්‍රියාත්මක ත්‍රස්තවදය වැළැක්වීමේ පනත අහෝසි කර ක්‍රියාත්මක කිරීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මගින් දැනට අසම්පූර්ණ වශයෙන් හෝ රට තුළ ආරක්ෂා වී ඇති ප්‍රජාතාන්ත්‍රවාදය අහෝසි වී යනු ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි .
ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යනුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි.
එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.
තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (29) නියෝග කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වනවා.
විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.
මීට ආසන්නතම හේතුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් අනුරාධපුරයේ පැවැති මහජන රැස්වීමකදී පළ කළ අදහසක්.
එහිදී ඔහු පවසා තිබුණේ නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති වූ විට තමන් නිල නොවන ජනාධිපති වන බවයි.
ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ මහජනතාව විසින් දක්වන ලද විරෝධයක් නොතකා හරිමින්, කොළඹ 05, තුම්මුල්ල හි ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගියදා අනුමැතියක් ලබා දී ඇතැයි වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී පහත කරුණු අනාවරණය විය.
1. අනුමැතිය ලබාදී ඇති ඉඩම නාගරික අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති සැලසුම් රෙගුසිවලට අනුව විශේෂ නේවාසික කලාපයට සහ මධ්‍ය ඝනත්ව සංවර්ධන කලාපයට අයත්වීම.
2. එම කලාප දෙකට අයත් ඉඩමක් එකතු කර මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් රෙගුලාසිවලට අනුව අනුමැතිය ලබාදීම.
3. ඉඩමේ මුහුණත පළල මීටර් 30 වඩා වැඩ විය යුතු වුවත් අදාළ ඉඩමේ මුහුණත පළල මීටර් 30 අඩුව තිබියදී එය මීටර් 40 සේ සලකා අනුමැතිය ලබාදීම.
4. තව ද මෙම අනුමැතිය ලබාදීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රෙගුලාසි පැහැදිලි ලෙස උල්ලංඝනය වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ සැලසුම් අනුමැතිය ලබාදී දිනක් ගතවීමෙන් පසු පුද්ගලික සමාගමක් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විෂය භාර ඇමතිවරයා ද සහභාගිවීම ය.
පවතින රෙගුලාසි සහ සැලසුම් ප්‍රකාර අනුව ලබාදිය හැකි උපරිම උස මීටර් 50 වන අවස්ථාවක මීටර් 130ක උසක් ලබාදීම සහ විශේෂ නේවාසික සංවර්ධන කලාපයේ පවතින නීති රෙගුලාසිංගුලංගනය වීම යන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනයක් කිරීම අතිශයින්ම වැදගත් හා හදිසි කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෙකු මෙවැනි පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත්වී අනුමැතිය ලබාදීම පිටුපස වංචා සහ දුෂණ ගනුදෙනු සිදුවී ඇතැයි ලැබී පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි
ජෝර්ජියාවේ ඊයේ (11) ගුවන් අනතුරක් සිදු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

