වත්මන් ආණ්ඩුව කිසියම් බටහිර රටක පවතින ක්‍රමවේදයක් ගෙනවිත් අපේ රට තුළ ස්ථාපිත කරන්නට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
පරිපාලන රෙගුලාසි, මුල්‍ය රෙගුලාසි ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා දීමනාවක් ගෙවා ගැනීමට අය වැය යෝජනාවක් සකස් කර ගැනීමට නොහැකි ආණ්ඩුව, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට විපක්ෂය විරුද්ධ යැයි ව්‍යාජ ජන මතයක් හදන්නට උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිණි රෝහිණී කවිරත්න පැවසුවා ය.
වතු කම්කරුවන් ගේ ඒ අයිතිය මංකොල්ල කමින් සමාගම් ලාභ උපයන අතර ම ආණ්ඩුව ද සමාගම්වලට වාසිදායක අන්දමින් කටයුතු කරන බවත්, වතු හාම්පුත්තුන්ගේ සාක්කු ඩොලර්වලින් පිරෙන ආකාරයට නීති, අන පනත් සම්මත කරන්නේ යැයි අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
මාලිමා ආණ්ඩුවට ලොකු වැඩ බැහැ පොඩි වැඩ පමණයි කළ හැක්කේ යැයි විපක්ෂය පැවසුව ද තමා ගේ අදහස නම් ආණ්ඩුව අසමත්ව ඇත්තේ දුර දැක්මක් නොමැති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආණ්ඩුවේ පුද්ගලයකුට වත්කමක් තිබුණ හොත් එය සමාජ ප්‍රාග්ධනයක් බවත්, විපක්ෂයේ හෝ රාජ්‍ය සේවයේ අයට තිබුණ හොත් එය හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන අවුරුද්දයි මාස හතරක කාලයක් ගතවී ගොස් තිබුණ ද මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කළා දැයි ප්‍රශ්නයක් පවතින්නේ යැයි රංජිත් මද්දුම බණ්ඩාර පැවසී ය.
ජවිපෙ සහ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ චරිත ආරක්ෂා කිරිම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට සිදුව ඇතැ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
රටට බලපෑ ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන් ම පාර්ලිමේන්තුවෙන් පිටත ද සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසී ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීය සමිති අතර සාකච්ඡාවේ දී වැඩවර්ජනයක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ අතර එහි අන්තර්ගතය වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු සඳහා පොදු එකමුතුවක් සහ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා කණ්ඩායම හට ආණ්ඩුකරණය පිළිබඳ සංගත අදහසක් නොතිබුණ බවත්, ඔවුන් වඩ වඩාත් මතු කළේ රාජ්‍ය පාලකයින් කෙරෙහි වෛරය වපුරණ ආකාරයේ කතා කීම පමණක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කළ නමුත්, ව කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ප්‍රධාන පෙළේ නීති කෙටුම්පත් තුනක් තාවකාලිකව අකුළා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ගොවියන් ගේ, කම්කරුවන් ගේ ආණ්ඩුවක්, පීඩිත පන්තියේ ආණ්ඩුවක් යැයි පවසාගෙන බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව ද දැන් ආර්ථික ප්‍රතිපත්ති සකසන්නේ වී ගොවියාව තුට්ටුවකට මායිම් නොකර යැයි ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පැවසී ය.
ගල්අඟුරු වංචාව හේතුවෙන් ලක්ෂ හැත්තෑ හය දහසක පාඩුවක් සිදු වී ඇතැයි කෝටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජනක රණවක පැවසී ය.
ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමන්නේ දිට්වා සුළි කුණාටව හේතුවෙන් නොව මේ වන විට ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ක් පහත බැස ඇති බැවින් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන් ගුණසිංහ පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආණ්ඩුවේ ජනප්රියභාවය සියයට 65ක් පවතින්නේ නම් පළාත් පාලන ආයතන ආණ්ඩුකාර පාලනයෙන් ඉවත් කර, පළාත් සභා යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව වහාම සිදුකළ යුතු යැයි දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව පැවසී ය.
පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් සජබ මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (24) කීවාය.
විපක්ෂයට මඩ ගහන්නට ආණ්ඩුව විසින් පත්කර තිබෙන මඩ බලකායට පඩි ගෙවන විට ඔවුන් හරියට හරියට "ජොබ් එක" කරලාදැයි හොයා බලා පඩි ගෙවන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
තමා රටෙත් නැති මොහොතක තමා පැවසුවා යැයි කියා බොරු කතාවක් ආණ්ඩුවේ මඩ ෆේස්බුක් පිටුවක පළ කර තිබෙන බව කී මුජිබර් රහුමාන් මෙලෙස අතේ පත්තුවෙන බොරු කියන අයට පඩි ගෙවීම අපරාධයක් බව ද සඳහන් කළේය.
තමා මේ මොහොතේ සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වීම සඳහා රටින් බැහැරට පැමිණ බව කී රහුමාන් විරුද්ධ පක්ෂයේ සිටින අයට ආණ්ඩුව විසින් මඩ ගහන්න භාවිතා කරන හොර ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් තමා නොකියූ දෙය සඳහන් කර ප්‍රචාරයක් යවා තිබෙන්නේ යැයි කීය.
"ඔබතුමාලගේ ආණ්ඩුව රැක ගන්න ඔබතුමාලා මුදල් වියදම් කරලා පඩි ගෙවලා මඩ ගහන බොරු වපුරන ෆේස්බුක් ගිණුම් ගණනාවක් තිබෙනවා.ඒ ෆේස්බුක් කරන අයට පඩි ගෙවනකොට හොයලා බලලා ගෙවන්න.
මම රටෙත් නැති වෙලාවෙ මම කිව්වා කියා ප්රවෘත්ති පළ කළ විට ඒවා අතේ පැලවෙන බොරු බවට පත්වෙනවා. ඒ සල්ලි අපරාදෙ .ඔබතුමාලා ආවේ ඵලදායිතාව ඇති කරන්න නේ.ඒක නිසා මේ මඩ බලකායට පඩි ගෙවන කොට ඔවුන් හරියට ජොබ් එක කරනවද කියලා හොයලා බලලා පඩි දෙන්න.
ඔය මඩ බලකාය කරන්නේ තමුන්නාන්සේලාටත් බොරුවයි. තමුන්නාන්සේලාගෙන් පඩි ගන්න අපි මොකක් හරි කිව්වා යැයි බොරුවක් දාලා අන්තිමට ඒක අතේ පත්තු වෙනවා.
මම ජනාධිපතිතුමාට කියන්නේ අපරාදෙ ඔබතුමාගේ මුදල් වියදම් කරන්න එපා යැයි මුජිබර් රහුමාන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
(අංජුල මහික වීරරත්න -lankadeepa)
මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

