ගංවතුරින් ආපදාවට පත් කොච්චිකඩේ ප්‍රදේශයේ 500කට අධික පවුල් ප්‍රමාණයකට සහල් ඇතුළු වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (09) කොච්චිකඩේ ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවේ විශේෂ ආරාධිතයා ලෙස මෙරට ඉන්දීය මහා කොමසාරිස් සන්තොෂ් ජාඅහ් සහභාගී විය. එලෙසම ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ගම්පහ දිස්ත්‍රික්, සමගි ජන බලවේග (ස.ජ.බ.) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ වීශේෂ ඉල්ලීමකට අනුව, ඉන්දීය ජනතාවගෙන්, ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන පරිත්‍යාගයක් ලෙස ''සාගර් බන්දු'' මෙහෙයුමට සමගාමීව මෙම ආධාර ප්‍රදානය සිදුකෙරිණි. රුපියල් මිලියන 03ක් අධික වටිනාකමින් යුත් වියළි එම සලාක මලු ප්‍රදානය කළේ කොච්චිකඩේ ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පවුල්වල පිරිස් වෙත ය.
මෙම වියළි සලාක බෙදා දිමේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න ඇතුළු සමගි ජන බලවේග පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක් ද සහභාගි වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
