විවෘත කර තිබූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා යළි සීමා කිරීමක් පියවර ගෙන තිබේ.
පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිටත් ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේදී විශාල ගල් කුළු කිහිපයක් කඳුමුදුනේ සිට මාර්ගය මතට කඩා වැටී ඇති බවත් වාහන ගමන් කළ හැකි වුවද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර රාජපක්ෂ පැවසීය.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හමුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මරංගහවෙල බෙරගල හපුතලේ අතර ප්‍රදේශයේදී මාර්ගය දෙසට කදු මුදුන් වල සිට ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව අවධානයෙන් රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
(සමන් පාලිත නානායක්කාර)
කොළඹ වරාය ආසන්න ගැඹුරු මුහුදේ සිට ඛනිජ තෙල් සංස්ථාව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන නළයක 14දා අලුයම පිපිරීමෙන් සිදු වූ කාන්දුව හේතුවෙන් බොර තෙල් මෙට්‍රික් ටොන් දෙසීයක් පමණ ගැඹුරු මුහුදට එක්ව ඇතැයි අනුමාන කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර කියයි.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් කරගත යුතු හෘද රෝගීන් පන්දහසක් පොරොත්තු ලේඛනයේ සිටින බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් හෙළිකරගෙන ඇත.
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ (22) පරාජයට පත්ව තිබේ.
ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.
කොළඹ නගරයේ මාර්ගවල වර්ණ සංඥා පද්ධතිවලින් සියයට හැත්තෑවක්ම දෝෂ සහිත වීම හේතුවෙන් කොළඹ රථවාහන තදබදය උග්‍ර වී තිබෙන බවට හෙළි වී තිබේ.
වර්ණ සංඥා පද්ධතීන්වල සෙන්සර්ස් නොමැතිවීම හා අංකණයන් නොවීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂක පොලිස් ඒකකයේ ආරංචි මාර්ග පවසයි.
උදෑසන සහ සවස කාර්යාල වේලාවන්වල මෙන්ම පාසල් අවසන් වන කාල සීමාවන්හි රථවාහන සංඥා පද්ධති ක්‍රියා විරහිත කිරීමට හා පොලිස් හස්ත සංඥාවලට අනුව රථවාහන පාලනය කිරීමට සිදුව තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටියි.
මේ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වර්ණ සංඥා පද්ධති නවීකරණය කිරීමට හා ස්වයංක්‍රීය අංකන ක්‍රියාත්මක කරලීමට සැලසුම් කර තිබෙන බවද මෙමගින් රථවාහන තදබදය පාලනය කරගැනීමේ හැකියාව පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අවධානයද යොමුව ඇති බවද කොළඹ නාගරික කොට්ඨාසයද සඳහන් කරයි.
( එෆ්. අස්ලම් - aruna)
නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා වසර හතක කාලයක් අත්හිටුවා තිබූ ‘කොළඹ මැරතන්’ තරගය මේ මස 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ආරම්භ කෙරෙයි.
සම්මන්ත්‍රණ ශාලාව අබියස ඇති ආලෝක සංඥා පද්ධතිය අසළින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන කොළඹ මැරතන් තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වේ.
තරගකරුවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අබියස සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ පැමිණ බොරැල්ල කනත්ත වටරවුමෙන් හැරී දෙමටගොඩ, පෑලියගොඩ, හරහා වත්තලට පැමිණෙති. එතැන් සිට හේකිත්ත, හැමිල්ටන් ඇල, පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානය වෙත පැමිණ තරගය අවසන් කරති.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංචාරක අමාත්‍යංශයේ සහයෝගයෙන්, ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) ආයතනය විසින් සංවිධානය කරනු ලබන 19 වැනි කොළඹ මැරතන් තරගය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ පූර්ණ අධීක්‍ෂණයෙන් පැවැත්වේ.
වර්ෂ 1998 දී එල්.එස්.ආර්. ජාත්‍යන්තර මැරතන් තරගය ලෙසින් ආරම්භ කරන ලද මෙම මැරතන් තරගය පසුව ‘කොළඹ මැරතන්’ තරගය ලෙසින් වඩාත් ප්‍රචලිත විය. එය 2018 වසර දක්වාම අඛණ්ඩව පැවැති නමුත් 2019 දී සිදුවූ පාස්කු ප්‍රහාරය නිසාත්, 2020 දී ඇතිවූ කොරෝනා වසංගතය නිසාත් පැවැත්විය නොහැකි විය.
එහෙත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හිස එසවීමත් සමගින් ‘කොළඹ මැරතන්’ තරගය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර තරග නැවතත් සංවිධානය කිරීමට ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) සමාගම තීරණය කර තිබේ.
( kelimandala | දමින්ද විජේසූරිය)
සතිපතා නුවරඑළියට සති අග නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන් රැගෙන එන සහ රැගෙන යන සිනමන් එයා ටෙස්නා 208 ගුවන් යානය සංචාරක මඟින් රැගෙන කොළඹ යෑමේ බලාපොරොත්තුවෙන් නුවරඑළියට පැමිණි අවස්ථාවේ දී සුළඟේ වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් විය.
කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.
පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.
ඊයේ (03) කෝට්ටේ මහ නගර සභාවේ අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම ආරම්භයේ දී විපක්ෂයේ මන්ත්‍රිවරු සභාව නීති විරෝධි බවට ප්‍රකාශ කර සභාව වර්ජනය කළහ.
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයේදීය.
පුබුදු ජයගොඩ මෙසේද ප්‍රකාශ කළේය.
'' පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.
ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.
නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම සැක සහිතයි.
මෙම සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා
අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.
පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් - ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක වෙනවා.''
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.
ඒ අනුව, ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න කියා සිටියේය.
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙලෙස ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව සඳහන්වේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (17) එම නියෝග කළේය.
ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය සැපයීම දැන් ආරම්භ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

